SBS ගුවන් විදුලිය විසින් සංවිධානය කරනු ලබන 2018 SBS ජාතික භාෂා තරගයට දැන් ඔබට තරගයට ඇතුල් විය හැකිය.
ඉතිහාසයේ ප්‍රථම වරට සියලු වයස් ඛාණ්ඩ සඳහා මෙවර SBS ජාතික භාෂා තරගය විවෘත වීම සුවිශේෂී සිදුවීමකි.
2018 SBS ජාතික භාෂා තරගය ඔක්තෝබර් 15 දින සිට නොවැම්බර් 18 දින දක්වා පැවැත්වේ.
SBS ජාතික භාෂා තරගය යනු කුමක්ද?
ඔස්ට්‍රේලියාව තුළ ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවන් ඉගෙනගැනීම සඳහා දිරි ගැන්වීමට SBS ජාතික භාෂා තරගය සංවිධානය කර තිබේ.
මෙමගින් ඔස්ට්‍රේලියාවේ ඇති සංස්කෘතික, භාෂාමය සහ ජන වාර්ගික විවිධත්වය පෙන්නුම් කරයි.
ඔස්ට්‍රේලියාව පුරා විසිරී සිටින ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවක් හෝ භාෂාවන් ඉගෙන ගන්නා හෝ කතා කරන සියලුම වයස් ඛාණ්ඩ වල පිරිස් හට SBS ජාතික භාෂා තරගයට ආරාධනා කරයි.

Source: SBS
ඇතුළත් වීම.
ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් 2018 ඔක්තෝබර් 15 වන දින පෙරවරු 9 සිට නොවැම්බර් 18 වන දින රාත්‍රී 11:59 තෙක් මෙය විවෘතව පවතී.
මේ සඳහා ඇතුල් වීමට නම් ඇතුළත් වීමේ පෝරමය පුරවා අයදුම්කරුවන්ගේ ඡායාරූපයක් යොමු කළ යුතුය.
වයස අවුරුදු 18 ට අඩු අයදුම්කරුවන් සඳහා ඔවුන්ගේ දෙමාපියන් හෝ භාරකරුවෙකු කොන්දේසි සටහන කියවූ බවට අදාළ හිස් කොටුවේ “හරි සලකුණ” දමා ඇතුලත්වීමේ පෝරමය සම්පූර්ණ කළ යුතුය.
එක් අයදුම්කරුවෙකුට එක් අතුල්වීමක් පමණයි.
කණ්ඩායම් ලෙස වුවද ඇතුල් විය හැකිය.
ඇතුළත් වීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.
02. ‘Upload Your Photo’ ක්ලික් කරන්න.
03. ඔබේ ඡායාරූපය Upload කරන්න.
04. “භාෂාවක් ඉගෙනීමෙන් ඔබට අත්වන වාසි මොනවාද?” යන ප්‍රශ්නයට ඔබ ඉගෙනගත් භාෂාවෙන් කෙටි සටහනක් තබන්න. (එය ඉංග්‍රීසි භාෂාවෙන්ද ලිවිය යුතුවේ)
05. ඔබේ ඇතුළත් වීම Submit කරන්න.
තරගකරුවන් ඛාණ්ඩ
ඇතුළ්වන තරගකරුවන් ඛාණ්ඩ 5 කට බෙදා ඇත.
- Junior Primary (වයස අවුරුදු 4 – 7)
- Primary (වයස අවුරුදු 8 – 12)
- Junior High School (වයස අවුරුදු 13 – 15)
- Senior High School (වයස අවුරුදු 16 – 18)
- විවෘත ඛාණ්ඩය (වයස අවුරුදු 18 ට වැඩි)
ජයග්‍රාහකයින් හට හිමිවන්නේ මොනවාද?
අඟල් 12.9 ක 128GB ක මතක ධාරිතාවක් ඇති iPad Pro එකක් සැම ඛාණ්ඩයකම ප්‍රථම ස්ථානාය ලබා ගන්නා ජයග්රාහකයාට සහ ඔහුගේ/ඇයගේ පාසලට හිමි වේ.
සැම ඛාණ්ඩයකම ප්‍රථම ස්ථානාය ලබා ගන්නා ජයග්රාහකයාට ජයග්‍රාහී කුසලානයක්ද හිමිවේ.
සිඩ්නි නුවර පිහිටි Luna Park හි විනොදවන්න දෙදෙනකු හට පූර්ණ අවසර පත් දෙකක්.
2018 දෙසැම්බර් 03 වන දින සිඩ්නි නුවර පිහිටි SBS මූලස්ථානයේ පැවැත්වෙන 2018 SBS ජාතික භාෂා තරගයේ සම්මාන ප්‍රදානෝත්සවයට සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට ආරාධනා කෙරේ.
මෙම තරගයෙන් ජයගන්නා කිසියම් ජයග්‍රාහකයෙක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පිටත වාසය කරයි නම් ඔහුට හෝ ඇයට සහ එක් භාරකරුවෙකුට යාමට සහ ඒමට නොමිලයේ ගුවන් ටිකට් පත් ලබා දේ.
ඒ සඳහා සිඩ්නි නුවර එක් රාත්‍රියක් ගත කිරීමට අවශ්‍ය නවාතැන් පහසුකම්ද ඇතුළත් වෙයි.

Source: SBS
ජයග්‍රාහකයින් නිවේදනය කරන්නේ කවදාද?
2018 SBS ජාතික භාෂා තරගයේ අදාළ ඛාණ්ඩ වල ජයග්‍රාහකයින් ට 2018 නොවැම්බර් 26 වන දින පස්වරු 4 ට දුරකථන හෝ විද්‍යුත් ලිපින මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ.
අදාළ ජයග්‍රහකයා 2018 නොවැම්බර් 28 වන දින පස්වරු 1 දක්වා සම්බන්ධ කරගත නොහැකි වුවහොත් වෙනත් ජයග්‍රහකයෙකු තෝරාගැනේ.
එම දෙවැනි වර ජයග්‍රාහකයින් ට 2018 නොවැම්බර් 28 වන දින දුරකථන හෝ විද්‍යුත් ලිපින මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ.
පාසල් සඳහා සම්පත්.
SBS ජාතික භාෂා තරගය සාර්ථක කරගැනීම උදෙසා අපට ඔබගේ නොමද සහය අත්‍යවශය වේ.
මෙම තරගය ව්‍යාප්ත කිරීම සඳහා පහත සඳහන් සම්පත් අප සතුව ඇත.
- - පාසලේ දැන්වීම් පුවරුවේ ඇලවීම සඳහා A3 ප්‍රමාණයේ පහසුවෙන් මුද්‍රණය කළ හැකි පෝස්ටර්.
- මේ සඳහා සහභාගී වීමට පාසල් මට්ටමින් උනන්දු කිරීම.
- - ගුරුවරුන්, දෙමාපියන් සහ භාරකරුවන් උදෙසා SBS ජාතික භාෂා තරගය පිළිබඳ වැඩි විස්තර A4 ප්‍රමාණයෙන් පැමිණෙන මෙම අත්පත්‍රිකා වල ඇත.
- - ගුරුවරුන්, දෙමාපියන් සහ භාරකරුවන් සඳහා.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------