ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතික 1.25% දක්වා අඩු කිරීමට පසුගිය සතියේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කළේය.
ඒ අනුව මෑත භාගයේදී වාර්තාගත අවම පොලී අනුපාතිකය ලෙස එය සඳහන් වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
මෙම කප්පාදුව ඔස්ට්‍රේලියාවේ නිවාස ණය සඳහා බලපාන්නේ කෙසේද යන ප්‍රශ්නය ඉන් අනතුරුව බොහෝ දෙනාගේ සිත් තුළ හටගෙන තිබේ.

Source: AFP
පොළී අනුපාතික අඩුවීම නිවාස ණය සඳහා බලපාන්නේ කෙසේද?
පසුගිය සතියේ පොළී අනුපාතිකය අඩු කිරීමට පෙර පැවතියේ 1.5% මට්ටමේය.
ඒ අනුව මෙහිදී 0.25% ක කප්පාදුවක් සිදුව ඇත.
ඒ අනුව ඔබේ නිවාස ණය මුදල කොපමණ වුවත් ඔබට සැලකිය යුතු මුදලක් මේ නිසා ඉතිරි වන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
RateCity වලට අනුව $400,000 දක්වා වූ නිවාස ණයක් සහිත පුද්ගලයින්ට මෙම පොළී අනුපාතික කප්පාදුව නිසා වසරකට ඩොලර් 700 ක පමණ ඉතිරියක් ලැබේ.
ඊට අමතරව ඩොලර් මිලියනයක නිවාස ණයක් සහිත පුද්ගලයින්ට මෙම පොළී අනුපාතික කප්පාදුව නිසා වසරකට ඩොලර් 1,750 ක පමණ ඉතිරියක් ලැබෙන බව RateCity පවසයි.

Source: AAP
මෙය ක්‍රියාත්මක වන්නේ කෙදින සිටද?
මෙම පොළී අනුපාතික කප්පාදුව අඩු වැඩි වශයෙන් ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර නිවේදනය කළ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
තමන් සම්පූර්ණ පොළී අනුපාතික කප්පාදුව ක්‍රියාත්මක නොකරන බව ANZ බැංකුව පවසයි.
නමුත් variable නිවාස ණය පොළී අනුපාතික 0.18% කින් හෙට (14/06) සිට අඩු කිරීමට ඔවුන් තීරණය කර තිබේ.
එමෙන්ම තම variable නිවාස ණය පොළී අනුපාතික 0.25% කින් හෙට (14/06) සිට අඩු කිරීමට NAB තීරණය කර ඇති අතර Commonwealth බැංකුව තම variable නිවාස ණය පොළී අනුපාතික 0.25% කින් අඩු කිරීම එළඹෙන ජුනි 25 දින සිට ක්‍රියාත්මක කරනු ඇත.
මේ අතර Westpac බැංකුවේ variable නිවාස ණය පොළී අනුපාතික 0.20% කින් අඩු කිරීම එළඹෙන ජුනි 18 වන දින සිට ක්‍රියාත්මක වේ.
එමෙන්ම first home buyer හෙවත් පළමු නිවාසය මිලට ගන්නන් හට 3.49% ක වසර 5 කට නිශ්චිත කෙරුණු (five-year fixed rate) පොළී අනුපාතිකයක් යටතේ නිවාස ණය ලබා දීමටද Westpac බැංකුව තීරණය කර තිබේ.
ඊට අමතරව Athena, RACQ සහ Reduce Home Loans වැනි නිවාස ණය සපයන අනෙකුත් මුල්‍ය ආයතන බොහොමයක්ද මෙම පොලී අනුපාතික කප්පාදුව සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව RateCity වාර්තා කරයි.

Source: AAP
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්ථාවරය
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව 0.25% කින් පොළී අනුපාතික කප්පාදු කිරීමට තීරණය කර ඇති බැවින් එම සම්පූර්ණ කප්පාදුවේ ප්‍රතිලාභය පාරිභෝගික ජනතාවට ලබා දිය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
එනිසාම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර ඇතුළුව සියලු මුල්‍ය ආයතන මෙම ප්‍රතිලාභය සම්පූර්ණව ජනතාවට ලබා දිය යුතු ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg ඉල්ලා සිටියි.

Source: SBS Sinhala