ඔබ ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවාද? එසේත් නැතිනම් ඔබ ශ්‍රී ලංකාවේ සිට හෝ විදේශ රටක සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවාද? එසේනම් ඔබ අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” පිළිබඳ දැන සිටිය යුතුය.
2018 – 19 වසර සඳහා බලපැවැත්වෙන නවතම “රැකියා සීමා ලැයිස්තුව” හෙවත් “Occupation ceiling list” මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර ඇත.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔස්ට්‍රේලියාවේ සෑම මුල්‍ය වර්ෂයක් සඳහාම නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා කොපමණ සංඛ්‍යාවක කෝටාවක් තිබෙනවාද යන්න මෙමගින් ප්‍රකාශ කෙරේ.
ඊට අමතරව අදාළ රැකියා කෝටාව පිරෙන අතරතුරේ එම ලැයිස්තුව යාවත්කාලීන වන අතර තවත් කොපමණ සංඛ්‍යාවක් ඉතිරිද යන්න පිළිබඳවද ඔබට දැනගත හැකිවේ.

Source: Department of Home Affairs
Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” යනු කුමක්ද?
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.
මෙම “රැකියා සීමා ලැයිස්තුව” පහත සඳහන් වීසා වර්ග සඳහා අදාළ වේ.
- Skilled independent visas (189)
- Skilled regional sponsored visas (489)
- Skilled or business state or territory sponsored visas
ඔබගේ රැකියාවට අදාළ කෝටාව පිරී ගිය පසුව එම වසර වෙනුවෙන් ඉහත වීසා සඳහා අයදුම් කිරීමට ඔබට ආරාධනාවක් නොලැබෙනු ඇත.
පසුගිය වසරේ “රැකියා සීමා ලැයිස්තුව” සමග සංසන්දනය කරන කල මෙවර “රැකියා සීමා ලැයිස්තුවේ” සැලකිය යුතු වෙනස්කමක් දක්නට නොලැබෙන අතර ගණකාධිකාරීන්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා සහ ඉංජිනේරු අංශයේ රැකියා වැනි ඉහළ ඉල්ලුමක් සහිත ජනප්‍රිය රැකියාවන් සඳහා මෙවරත් pro rata ක්‍රමයට ආරාධනා නිකුත් කෙරේ.

Source: Getty Images
2018 – 19 වසර සඳහා නිකුත් කළ නවතම “රැකියා සීමා ලැයිස්තුව” හෙවත් “Occupation ceiling list 2018 – 19” පහත පරිදි වේ.
Occupation ID | Description | Occupation Ceiling Value 2018-19 | Invitations to 11/07/2018 |
---|---|---|---|
1213 | Livestock Farmers | 4196 | 0 |
1331 | Construction Managers | 5400 | 3 |
1332 | Engineering Managers | 1155 | 2 |
1341 | Child Care Centre Managers | 1000 | 0 |
1342 | Health and Welfare Services Managers | 1374 | 0 |
2211 | Accountants* | 4785 | 36 |
2212 | Auditors, Company Secretaries and Corporate Treasurers* | 1327 | 13 |
2241 | Actuaries, Mathematicians and Statisticians | 1000 | 4 |
2245 | Land Economists and Valuers | 1000 | 3 |
2247 | Management consultant | 3285 | 19 |
2321 | Architects and Landscape Architects | 1474 | 22 |
2322 | Cartographers and Surveyors | 1000 | 4 |
2331 | Chemical and Materials Engineers | 1000 | 42 |
2332 | Civil Engineering Professionals | 3296 | 105 |
2333 | Electrical Engineers | 1042 | 48 |
2334 | Electronics Engineers* | 1000 | 3 |
2335 | Industrial, Mechanical and Production Engineers* | 2178 | 17 |
2339 | Other Engineering Professionals* | 1000 | 7 |
2341 | Agricultural and Forestry Scientists | 1000 | 15 |
2346 | Medical Laboratory Scientists | 1487 | 9 |
2347 | Veterinarians | 1000 | 12 |
2349 | Other Natural and Physical Science Professionals | 1000 | 3 |
2411 | Early Childhood (Pre-primary School) Teachers | 2639 | 26 |
2414 | Secondary School Teachers | 7910 | 34 |
2415 | Special Education Teachers | 1000 | 0 |
2512 | Medical Imaging Professionals | 1113 | 1 |
2514 | Optometrists and Orthoptists | 1000 | 0 |
2519 | Other Health Diagnostic and Promotion Professionals | 1000 | 0 |
2521 | Chiropractors and Osteopaths | 1000 | 4 |
2524 | Occupational Therapists | 1109 | 5 |
2525 | Physiotherapists | 1464 | 12 |
2526 | Podiatrists | 1000 | 0 |
2527 | Speech Professionals and Audiologists | 1000 | 10 |
2531 | General Practitioners and Resident Medical officers | 3495 | 34 |
2533 | Internal Medicine Specialists | 1000 | 2 |
2534 | Psychiatrists | 1000 | 0 |
2535 | Surgeons | 1000 | 2 |
2539 | Other Medical Practitioners | 1000 | 68 |
2541 | Midwives | 1090 | 3 |
2544 | Registered Nurses | 16741 | 105 |
2611 | ICT Business and Systems Analysts* | 1574 | 14 |
2613 | Software and Applications Programmers* | 6202 | 69 |
2621 | Database and Systems Administrators and ICT Security Specialists | 2391 | 72 |
2631 | Computer Network Professionals* | 1318 | 21 |
2633 | Telecommunications Engineering Professionals | 1000 | 88 |
2711 | Barristers | 1000 | 0 |
2713 | Solicitors | 4161 | 18 |
2723 | Psychologists | 1750 | 6 |
2725 | Social Workers | 1562 | 18 |
3122 | Civil Engineering Draftspersons and Technicians | 1000 | 1 |
3123 | Electrical Engineering Draftspersons and Technicians | 1000 | 0 |
3132 | Telecommunications Technical Specialists | 1000 | 2 |
3211 | Automotive Electricians | 1000 | 0 |
3212 | Motor Mechanics | 5980 | 5 |
3222 | Sheetmetal Trades Workers | 1000 | 0 |
3223 | Structural Steel and Welding Trades Workers | 4426 | 2 |
3232 | Metal Fitters and Machinists | 5330 | 1 |
3233 | Precision Metal Trades Workers | 1000 | 0 |
3241 | Panelbeaters | 1344 | 0 |
3311 | Bricklayers and Stonemasons | 1271 | 0 |
3312 | Carpenters and Joiners | 6968 | 3 |
3322 | Painting Trades Workers | 2780 | 1 |
3331 | Glaziers | 1000 | 0 |
3332 | Plasterers | 2103 | 0 |
3334 | Wall and Floor Tilers | 1407 | 0 |
3341 | Plumbers | 5507 | 1 |
3411 | Electricians | 9354 | 7 |
3421 | Airconditioning and Refrigeration Mechanics | 1427 | 0 |
3422 | Electrical Distribution Trades Workers | 1000 | 0 |
3423 | Electronics Trades Workers | 1878 | 2 |
3513 | Chefs | 2675 | 6 |
3941 | Cabinetmakers | 1905 | 0 |
3991 | Boat Builders and Shipwrights | 1000 | 0 |
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------