දීර්ග කාලයක් මුළුල්ලේ විවාදයට බඳුන්වූ ඔස්ට්‍රේලියාවේ නව දෙමාපිය වීසා වර්ගය එළඹෙන අප්‍රේල් 17 වන දින සිට ක්‍රියාත්මක කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැනුම් දෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
Temporary Sponsored Parent visa (subclass 870) නමින් හැඳින්වෙන මෙම නව දෙමාපිය වීසා වර්ගය හරහා ඔස්ට්‍රේලියාවේ වාසය කරන්නන්ට තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකිවේ.

Source: Flickr
Temporary Sponsored Parent visa (subclass 870)
Migration Amendment (Family Violence and Other Measures) Bill 2016 හෙවත් 2016 සංක්‍රමණික කටයුතු (පවුල් හිංසනය සහ වෙනත් ක්‍රියාමාර්ග) සංශෝධිත පනත පසුගිය වසරේ නොවැම්බර් 28 වන දින සෙනට් සභාව තුළදී සම්මත වීමත් සමග මෙම නව වීසා වර්ගය හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට හැකියාව ලැබුණු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු අමාත්‍ය David Coleman පැවසීය.
ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයින්ගේ පවුල් නැවත එක් කිරීමේ (Family reunite) අරමුණින් ඔස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගත් බව ද ආගමන කටයුතු අමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.
ඒ අනුව මේ සඳහා අයදුම්පත් යොමු කිරීම එළඹෙන අප්‍රේල් 17 දින සිට සිදුකළ හැකි බව වාර්තා වේ.
මෙම නව දෙමාපිය වීසා වර්ගය හරහා තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් නොකඩවා වසර 5 ක් දක්වා ඔස්ට්‍රේලියාවට ගෙන්වා තබා ගැනීමට හැකිවනු ඇත.
එමෙන්ම එම වසර 5 අවසානයේදී ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට නැවත අයදුම් කිරීමෙන් තවත් වසර 5 ක ට වීසා ලබා ගැනීමට හැකියාව ඇති බවද සඳහන්.
ඒ අනුව වසර 10 ක් දක්වා කාලයකට තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා තබාගැනීමට මෙම Temporary Sponsored Parent visa හරහා අවස්ථාව ලැබේ.

Immigration Minister David Coleman Source: AAP
වියදම් සහ අවස්ථාවන්
Temporary Sponsored Parent වීසා හරහා පැමිණෙන්නන්ගේ සෞඛ්‍ය වියදම් ඇතුළු සියළු වියදම් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අදාළ අනුග්‍රාහකයින් (දුව හෝ පුතා) විසින් දැරිය යුතුය.
එනිසාම ඔස්ට්‍රේලියාවේ සිටින සියලු බදු ගෙවන්නන් හට මේ නිසා අමතර බදු බරක් දැරීමට සිදු නොවන බවත් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මේ අතර වසර 3 ක Temporary Sponsored Parent වීසා සඳහා $5,000 ක්ද, වසර 5 ක වීසා සඳහා $10,000 ක්ද, වසර 10 ක වීසා සඳහා $20,000 ක්ද අය කෙරේ.
එමෙන්ම වසරකට Temporary Sponsored Parent වීසා උපරිම 15,000 ක් නිකුත් කරන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු අමාත්‍ය David Coleman පැවසීය.
මේ අතර මෙම නව දෙමාපිය වීසා හරහා පැමිණෙන්නන් හට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය රක්ෂණ සේවා සපයන්නෙකු හරහා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා ගත යුතු අතර එය සම්පූර්ණ වීසා කාලයම ආවරණය වන පරිදි ලබා ගත යුතුවේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------