ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් පසුගිය මාස 12 ක කාලය ඇතුළත 5% ත් 6% ත් අතර ප්‍රතිශතයකින් පහත බැස තිබේ.
එය 2008 වසරෙන් පසුව වාර්තාවූ වාර්තාගත බැස්ම බවද සඳහන්.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මෙම මිල පහත යාම් හේතුවෙන් first home buyers හෙවත් පළමුවරට නිවසක් මිලට ගන්නන් හට වාසිදායී පරිසරයක් නිර්මාණය වන බවට මේ දිනවල ඔස්ට්‍රේලියාවේ විශාල ලෙස කතාබහක් ඇතිවී තිබේ.

Source: AAP
ඔස්ට්‍රේලියාවේ පහළ යන නිවාස මිල
News.com.au වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට පසුගිය සමයේදී සිඩ්නි නිවාස මිල 8.2% කින්ද මෙල්බර්න් නිවාස මිල 6.5% කින්ද පහත බැස තිබේ.
සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළෙහි බැස්ම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස වෙළෙඳ පොළෙහි අගයද පහත බැස තිබේ.
මේ හේතුවෙන්ම ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙද පොළේ first home buyers නියෝජනය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

(AAP Image/Dean Lewins) NO ARCHIVING Source: AAP
First home buyers නියෝජනය ඉහළ යයි.
සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙද පොළ ඇතුළු ඔස්ට්‍රේලියාවේ සමස්ත නිවාස වෙළෙද පොළ 2018 වසරට පෙර ඉතා ශීග්‍ර නැග්මකට ලක්වුණු අතර ඒ හේතුවෙන් තම පළමු නිවාසය මිලට ගැනීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ට සුබාදායී වාතාවරණයක් උදාවුයේ නැත.
එනිසාම ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙද පොළේ first home buyers නියෝජනය ඉතා පහළ මට්ටමක පැවතිණි.
නමුත් පසුගිය මාස 12 ඇතුළත සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙද පොළ ඇතුළු ඔස්ට්‍රේලියාවේ සමස්ත නිවාස වෙළෙද පොළ අගය කැපී පෙනෙන ලෙස පහත වැටුණු නිසාවෙන් ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙද පොළේ first home buyers නියෝජනය ශීග්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරයි.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසන අන්දමින් එම ප්‍රතිශතය මේ වන විට 18.1% මට්ටමේ පවතී.
ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙද පොළේ ඇතිවී ඇති තත්ත්වයෙන් ආයෝජකයින්ට වඩා first home buyersලා ඉදිරියෙන් සිටින බව Real Estate Australia group හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Nerida Conisbee පැවසුවාය.

Source: AAP
ඉදිරියේදී මිල තවත් පහළ යනු ඇත
සිඩ්නි සහ මෙල්බර්න් නගර ඇතුළු ඔස්ට්‍රේලියානු ප්‍රධාන නගර වල නිවාස මිල ගණන් ඉදිරියේදී තවත් පහළ යනු ඇතැයි බොහෝ ප්‍රවීණයින් මත පළ කරයි.
සිඩ්නි නිවාස මිල 20% ක් දක්වාද මෙල්බර්න් නිවාස මිල 15% ක් දක්වාද ඉදිරියේදී තවත් පහළ යනු ඇතැයි AMP Capital හි Shane Oliver පැවසීය.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පළමු නිවාසය මිලට ගන්නන් හට ඉතා තරගකාරී අඩු මිලකට තමන්ගේ ඉලක්ක වෙත යාමට ඉතා සුබ කාලයක් පැමිණ ඇති බව වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------