2019 නව වසර ආරම්භ වීමත් සමග ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල බලපැවැත්වෙන විවිධ නීති සහ ක්‍රමවේදයන් සංශෝධනයට ලක්වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ 2019 නව වසර තුළදී වෙනස් වන නීති සහ ක්‍රමවේදයන් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Source: SBS
නොහික්මුණු සාද සඳහා දඩ නියම කිරීම්
වික්ටෝරියානු ප්‍රාන්තයේ උස ගොඩනැගිලි වල පිහිටි මහල් නිවාස (apartments) වල තම අසල්වැසියන්ට කරදරකාරී සහ හිංසාවන අයුරින් හැසිරීම, ශබ්ද නැගීම, දේපළ හානි සිදුකිරීම මෙන්ම සාමන්‍ය ආරක්ෂාවට ගැටළු ඇති කිරීම වැනි නොහික්මුණු ක්‍රියා කරන පාර්ශව සඳහා දඩ නියම කිරීම් මෙන්ම අගතියට පත් පාර්ශව සඳහා වන්දි ගෙවීම් සිදු කෙරේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මෙම නව නීති එළඹෙන පෙබරවාරි 01 වන දින සිට ක්‍රියාත්මක කෙරෙන අතර Victorian Civil and Administrative Authority හෙවත් VCAT හරහා මෙම වන්දි ලබා දීම සිදු කෙරේ.

Source: Flickr
දුම්රිය, ට්‍රෑම් හා බස් ගාස්තු ඉහළට
2019 ජනවාරි 01 වන දින සිට බොහෝ පොදු ප්‍රවාහන ගාස්තු 2.2% කින් පමණ ඉහළ යයි.
මෙම වැඩි කිරීම 2014 වසරේ පටන් වාර්තාවූ අවම ඉහළ දැමීම බව ප්‍රාන්ත රජය පවසයි.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු පහත පරිදි ඉහළ යයි.
- 2 hour full-fare Zone 1+2 - $4.30 සිට $4.40 දක්වා
- Daily full-fare Zone 1+2 - $8.60 සිට $8.80 දක්වා
- 2-hour Concession Zone 1+2 - $2.15 සිට $2.20 දක්වා
- Daily Concession Zone 1+2 - $4.30 සිට $4.40 දක්වා
- Zone 1+2 full-fare 7-day pass - $43 සිට $44 දක්වා
- Zone 1+2 concession 7-day pass - $21.50 සිට $22 දක්වා
- Zone 1+2 full-fare yearly pass - $1,683.50 සිට $1,722.50 දක්වා
- Zone 1+2 concession yearly pass - $841.75 සිට $861.25 දක්වා

Source: AAP
පස් වසරක බදු කාලය
වසර 5 ක් හෝ ඊට වැඩි බදු ගිවිසුම් (leases) සඳහා එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාසයේ සිට නව නීති පැනවෙයි.
Residential Tenancies පනත යටතේ මෙම නව නීති හරහා කුලී නිවැසියන්ට මෙන්ම කුලී නිවාස හිමියන්ට ද ආරක්ෂාව සැලසෙනු ඇත.

Source: AAP
Greyhound සුනඛයින්ට මුඛවාඩම් අහෝසි කිරීම
සුරතලයට නිවසේ ඇතිදැඩි කරන Greyhound වර්ගයේ සුනඛයින්ට 2019 වසරේ සිට පොදු ස්ථාන වලදී මුඛවාඩම් දැමීම අනිවාර්ය නොවෙයි.
නමුත් Greyhound සුනඛ තරග සඳහා පුහුණු කරන සුනඛයින්ට එම සංශෝධනය අදාළ නොවෙයි.

Source: AAP
නොමිලයේ TAFE පාඨ මාලාවන්.
2019 වසරේ සිට TAFE පාඨ මාලාවන් 30 ක් මෙන්ම පූර්ව ආධුනිකත්ව පාඨ මාලාවන් 18 ක් නොමිලයේ හැදෑරීමට වික්ටෝරියානු වාසීන්ට හැකියාව ලැබේ.
ඒ සඳහා වැයවන මුදල් ප්‍රාන්ත රජයෙන් දරනු ඇත.
ඔස්ට්‍රේලියානු හෝ නවසීලන්ත පුරවැසිභාවය සහිත පහත සඳහන් ඛාණ්ඩ වල පුද්ගලයින්ට මේ සඳහා හිමිකම් කිව හැකිය.
- වයස අවුරුදු 20 ට වඩා අඩු පුද්ගලයින්
- විරැකියාවෙන් පෙළෙන පුද්ගලයින්
- තම ක්ෂේත්‍රයේ සුදුසුකම් වර්ධනය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්

Source: SBS
Parking බදු වැඩි කෙරේ.
මෙම Parking බද්ද 2005 දී හඳුන්වා දුන් අතර මෙල්බර්න් නගරයට පුද්ගලික වාහන වලින් පැමිණීම අධෛර්ය කිරීම එහි අරමුණ විය.
මෙම බද්ද යටතේ පාරෙන් පිටත පිහිටි පොදු හෝ පුද්ගලික Parking ස්ථාන සඳහා වාර්ෂික ගාස්තුවක් අය කෙරේ.
ඒ අනුව 2019 වසරේ සිට category one zone හි පිහිටි Non-exempt parking ස්ථාන සඳහා පනවා තිබු වාර්ෂික ගාස්තුව $1410 සිට $1440 දක්වා ඉහළ යයි.
එම කලාපයට CBD, Southbank, Docklands හි එක් ප්‍රදේශයක් සහ Domain යන ප්‍රදේශ අයත් වේ.
එමෙන්ම category two zone හි පිහිටි Non-exempt parking ස්ථාන සඳහා පනවා තිබු වාර්ෂික ගාස්තුව $1000 සිට $1020 දක්වා ඉහළ යයි.
Albert Park, South Melbourne, North Melbourne සහ Carlton මෙම කලාපයට ඇතුළත් වෙයි.

Source: SBS
අධිකරණ හා නීති ගාස්තු ඉහළට
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිවේදීන්ට ගෙවන ගාස්තු මේ වසරේ සිට ඉහළ යනු ඇත.
එමෙන්ම භාෂා පරිවර්තකයින් සඳහා ගෙවනු ලබන දීමනාද ඉහළ යනු ඇත.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

ක්වීස්න්ලන්ත වෙරළට ගිය දහස් ගණනකට bluebottle jellyfish ප්‍රහාරයක්.