එළඹෙන මැයි 18 වන දින පැවැත්වෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ජයගතහොත් ඔස්ට්‍රේලියාවේ parent visa වල අධික වීසා ගාස්තු කප්පාදු කරන බවත් ඒ සඳහා පනවා ඇති වාර්ෂික කෝටා සීමාව ඉවත් කරන බවත් කම්කරු පක්ෂය පවසයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
ඔස්ට්‍රේලියාවේ පදිංචි සංක්රමණිකයින්ගේ දෙමාපියන් සහ මුත්තණු මිත්තනියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අදාළ parent visa ඛාණ්ඩ කිහියක්ම ඇති නමුත් ඒවායේ අධික වීසා ගාස්තු සහ බලා සිටීමේ කාලය අධික බව හේතුවෙන් බොහෝ සංක්‍රමණිකයින් මහත් අපහසුතාවන්ට පත්වී ඇත.

Source: Getty Images
කම්කරු පක්ෂ රජයක් යටතේ parent visa වල අධික වීසා ගාස්තු කප්පාදු කෙරේ.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කෙරෙන තුන් අවුරදු සහ පස් අවුරදු parent visa ගාස්තු පහත දැමීමට ඉදිරි මහ මැතිවරණයෙන් ජයගතහොත් කම්කරු පක්ෂය පියවර ගන්නා බව කම්කරු පක්ෂ නායක Bill Shorten පවසයි.
ඒ අනුව දැනට ක්‍රියාත්මක තුන් අවුරුදු parent visa ගාස්තුව වන $5000, $1250 දක්වාත් $10,000 කව පවතින පස් අවුරුදු parent visa ගාස්තුව $2500 දක්වාත් පහත හෙළන බව කම්කරු පක්ෂය පවසයි.
එමෙන්ම Long Stay Parent visas හෙවත් දීර්ග කාලයක් රැදී සිටීමට හැකි Parent visa වල වාර්ෂික කෝටාව 15,000 ක් ලෙසට දැනට සීමා කර ඇති අතර එනිසාම බොහෝ සංක්‍රමණිකයින් තම දෙමාපියන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පාන බව වාර්තා වේ.
නමුත් මෙම 15,000 සීමාව ඉදිරි ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ජයගතහොත් තමන් ඉවත් කරන බව කම්කරු පක්ෂය පොරොන්දු වී ඇත.
මේ අතර Temporary parent visas හෙවත් තාවකාලික parent visa නැවත අලුත් කිරීමට ඔස්ට්‍රේලියාව තුළ සිට සිදුකළ නොහැකි අතර කම්කරු පක්ෂය එම ක්රමයද වෙනස් කිරීමට සූදානම් බව විපක්ෂ නායක Shorten පවසයි.
ඒ අනුව කම්කරු පක්ෂ රජයක් යටතේ තාවකාලික parent visa නැවත අලුත් කිරීමට ඔස්ට්‍රේලියාව තුළ සිටම හැකියාවක් ලැබෙනු ඇති බව ඔහු පැහැදිලි කරයි.
බහු සංස්කෘතික සමාජයක් තුළ දෙමාපිය - දූ දරු සම්බන්ධතා ඉතා වැදගත් බවත් ඔවුන්ගේ පවුල් එකට එක්විය යුතු බවත් තමන් විශ්වාස කරන බව කම්කරු පක්ෂ නායක Bill Shorten පවසයි.

Labor to slash parent visa fees in pitch to migrant families. Source: AAP
නව දෙමාපිය වීසා
දීර්ග කාලයක් මුළුල්ලේ විවාදයට බඳුන්වූ ඔස්ට්‍රේලියාවේ නව දෙමාපිය වීසා වර්ගය පසුගිය අප්‍රේල් 17 වන දින සිට ක්‍රියාත්මක වීම ආරම්භ විය.
Temporary Sponsored Parent visa (subclass 870) නමින් හැඳින්වෙන මෙම නව දෙමාපිය වීසා වර්ගය හරහා ඔස්ට්‍රේලියාවේ වාසය කරන්නන්ට තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් නොකඩවා වසර 5 ක් දක්වා ඔස්ට්‍රේලියාවට ගෙන්වා තබා ගැනීමට හැකිවනු ඇත.
එමෙන්ම එම වසර 5 අවසානයේදී ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට නැවත අයදුම් කිරීමෙන් තවත් වසර 5 ක ට වීසා ලබා ගැනීමට හැකියාව ඇති බවද සඳහන්.
ඒ අනුව වසර 10 ක් දක්වා කාලයකට තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා තබාගැනීමට මෙම Temporary Sponsored Parent visa හරහා අවස්ථාව ලැබේ.
Temporary Sponsored Parent වීසා හරහා පැමිණෙන්නන්ගේ සෞඛ්‍ය වියදම් ඇතුළු සියළු වියදම් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අදාළ අනුග්‍රාහකයින් (දුව හෝ පුතා) විසින් දැරිය යුතුය.
මේ අතර වසර 3 ක Temporary Sponsored Parent වීසා සඳහා $5,000 ක්ද, වසර 5 ක වීසා සඳහා $10,000 ක්ද, වසර 10 ක වීසා සඳහා $20,000 ක්ද අය කෙරේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

ශ්‍රී ලංකාවේ පිපිරීම් වලින් මිය ගිය පිරිස 290 දක්වා ඉහළට.