ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා අවස්ථාව ලබාදෙන Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුවේ” 2018/19 ලැයිස්තුව නිමාවීමට ඇත්තේ තවත් දින 48 ක පමණ කාලයකි.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.
SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (Free download)
ඔස්ට්‍රේලියාවේ සෑම මුල්‍ය වර්ෂයක් සඳහාම නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා කොපමණ සංඛ්‍යාවක කෝටාවක් තිබෙනවාද යන්න මෙමගින් ප්‍රදර්ශනය කෙරේ.
ඊට අමතරව අදාළ රැකියා කෝටාව පිරෙන අතරතුරේ එම ලැයිස්තුව යාවත්කාලීන වන අතර තවත් කොපමණ සංඛ්‍යාවක් ඉතිරිද යන්න පිළිබඳවද ඔබට දැනගත හැකිවේ.
ඔස්ට්‍රේලියාවේ වතමන් මුල්‍ය වර්ෂය එළඹෙන ජුනි 30 වනදායින් අවසන් වන අතර ඔස්ට්‍රේලියාවේ රැකියා සීමා ලැයිස්තුවේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Source: www.health.gov.au
ප්‍රධාන සහ ජනප්‍රිය වෘත්තීන්
සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවේ ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් පවතින වෘත්තීන් කිහිපයක්ම හඳුනාගෙන තිබේ.
ඒ අතරින් පහත වෘත්තීන් ප්‍රධාන තැනක් ගනී.
- Accountants
- Civil Engineering Professionals
- Early Childhood (Pre-primary School) Teachers
- General Practitioners and Resident Medical officers
- Registered Nurses
- ICT Business and Systems Analysts
- Software and Applications Programmers
- Database and Systems Administrators and ICT Security Specialists
- Computer Network Professionals
- Telecommunications Engineering Professionals
- Social Workers
- Motor Mechanics
- Carpenters and Joiners
- Electricians
- Chefs
නමුත් අද වන විට වාර්තාවන තත්ත්වය හමුවේ ඉහත සඳහන් බොහෝ වෘත්තීන් සඳහා ප්‍රමාණවත් ආරාධනා පත්‍ර නිකුත් කර නොතිබෙන බව පැහැදිලිව පෙනී යයි.\
මේ අතර Accountants, Civil Engineering Professionals, ICT Business and Systems Analysts, Software and Applications Programmers, Database and Systems Administrators and ICT Security Specialists සහ Computer Network Professionals වැනි වෘත්තීන් සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීම පසුගිය දෙසැම්බර් මාසයේ පටන් මන්දගාමී වූ බව ද දක්නට ලැබේ.

Source: Getty Images
ප්‍රධාන සහ ජනප්‍රිය වෘත්තීන්ගේ තත්ත්වය
2018/19 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුවේ” ප්‍රධාන සහ ජනප්‍රිය වෘත්තීන්ගේ වත්මන් තත්ත්වය පහත පරිදි වේ.

Source: SBS Sinhala
Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” යනු කුමක්ද?
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.
මෙම “රැකියා සීමා ලැයිස්තුව” පහත සඳහන් වීසා වර්ග සඳහා අදාළ වේ.
- Skilled independent visas (189)
- Skilled regional sponsored visas (489)
- Skilled or business state or territory sponsored visas.
ඔබගේ රැකියාවට අදාළ කෝටාව පිරී ගිය පසුව එම වසර වෙනුවෙන් ඉහත වීසා සඳහා අයදුම් කිරීමට ඔබට ආරාධනාවක් නොලැබෙනු ඇත.

Source: Pixabay
ආරාධනාවක් යනු කුමක්ද?
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණ වැඩසටහන හෙවත් “skilled migration program” යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය වෙනුවෙන් අදාළ වීසා සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුව විසින් ලබා දෙන අවසරය, ආරාධනාවක් ලෙස හැඳින්වේ.
මෙම ආරාධනා නිකුත් කරනු ලබන්නේ SkillSelect ක්‍රියාවලිය හෙවත් ඔස්ට්‍රේලියාවේ online expression of interest පද්ධතිය හරහා පමණි.
2018/19 රැකියා සීමා ලැයිස්තුවේ මැයි 13 වන දින වන විට තත්ත්වය
Occupation ID | Description | Occupation Ceiling Value 2018-19 | Invitations to 11/04/2019 |
1213 | Livestock Farmers | 4,841 | 0 |
1331 | Construction Managers | 5,982 | 54 |
1332 | Engineering Managers | 1,131 | 21 |
1341 | Child Care Centre Managers | 1,000 | <5 |
1342 | Health and Welfare Services Managers | 1,302 | 16 |
1399 | Other Specialist Managers | 2,615 | 0 |
2111 | Actors, Dancers and Other Entertainers | 1,000 | 0 |
2112 | Music Professionals | 1,000 | 0 |
2121 | Artistic Directors, and Media Producers and Presenters | 1,000 | 0 |
2211 | Accountants* | 3,753 | 2,653 |
2212 | Auditors, Company Secretaries and Corporate Treasurers* | 1,342 | 947 |
2241 | Actuaries, Mathematicians and Statisticians | 1,000 | 85 |
2243 | Economists | 1,000 | 0 |
2245 | Land Economists and Valuers | 1,000 | 36 |
2247 | Management consultant | 3,894 | 230 |
2321 | Architects and Landscape Architects | 1,251 | 298 |
2322 | Cartographers and Surveyors | 1,000 | 73 |
2331 | Chemical and Materials Engineers | 1,000 | 431 |
2332 | Civil Engineering Professionals | 3,510 | 1,315 |
2333 | Electrical Engineers | 1,000 | 628 |
2334 | Electronics Engineers* | 300 | 212 |
2335 | Industrial, Mechanical and Production Engineers* | 1,780 | 1,255 |
2336 | Mining Engineers | 1,000 | <5 |
2339 | Other Engineering Professionals* | 700 | 496 |
2341 | Agricultural and Forestry Scientists | 1,000 | 115 |
2342 | Chemists, and Food and Wine Scientists | 1,000 | 5 |
2343 | Environmental Scientists | 1,716 | 0 |
2344 | Geologists, Geophysicists and Hydrogeologists | 1,000 | 0 |
2345 | Life Scientists | 1,000 | <5 |
2346 | Medical Laboratory Scientists | 1,600 | 135 |
2347 | Veterinarians | 1,000 | 80 |
2349 | Other Natural and Physical Science Professionals | 1,000 | 17 |
2411 | Early Childhood (Pre-primary School) Teachers | 2,488 | 207 |
2414 | Secondary School Teachers | 8,480 | 361 |
2415 | Special Education Teachers | 1,000 | 7 |
2421 | University Lecturers and Tutors | 2,907 | <5 |
2512 | Medical Imaging Professionals | 1,224 | 25 |
2514 | Optometrists and Orthoptists | 1,000 | 8 |
2519 | Other Health Diagnostic and Promotion Professionals | 1,000 | <5 |
2521 | Chiropractors and Osteopaths | 1,000 | 25 |
2524 | Occupational Therapists | 1,227 | 57 |
2525 | Physiotherapists | 1,613 | 86 |
2526 | Podiatrists | 1,000 | 8 |
2527 | Speech Professionals and Audiologists | 1,000 | 45 |
2531 | General Practitioners and Resident Medical officers | 3,348 | 286 |
2533 | Internal Medicine Specialists | 1,000 | 33 |
2534 | Psychiatrists | 1,000 | 10 |
2535 | Surgeons | 1,000 | 11 |
2539 | Other Medical Practitioners | 1,145 | 611 |
2541 | Midwives | 1,000 | 20 |
2544 | Registered Nurses | 17,322 | 1,650 |
2611 | ICT Business and Systems Analysts* | 1,466 | 1,035 |
2612 | Multimedia Specialists and Web Developers | 1,000 | 0 |
2613 | Software and Applications Programmers* | 7,271 | 5,138 |
2621 | Database and Systems Administrators and ICT Security Specialists | 2,660 | 1,100 |
2631 | Computer Network Professionals* | 2,167 | 1,506 |
2633 | Telecommunications Engineering Professionals | 1,000 | 710 |
2711 | Barristers | 1,000 | 0 |
2713 | Solicitors | 3,770 | 145 |
2723 | Psychologists | 2,228 | 57 |
2725 | Social Workers | 2,125 | 208 |
3122 | Civil Engineering Draftspersons and Technicians | 1,000 | 86 |
3123 | Electrical Engineering Draftspersons and Technicians | 1,000 | 9 |
3132 | Telecommunications Technical Specialists | 1,000 | 19 |
3211 | Automotive Electricians | 1,000 | <5 |
3212 | Motor Mechanics | 6,099 | 21 |
3222 | Sheetmetal Trades Workers | 1,000 | 0 |
3223 | Structural Steel and Welding Trades Workers | 4,639 | 9 |
3232 | Metal Fitters and Machinists | 6,989 | 12 |
3233 | Precision Metal Trades Workers | 1,000 | 0 |
3241 | Panelbeaters | 1,000 | 0 |
3311 | Bricklayers and Stonemasons | 1,594 | 11 |
3312 | Carpenters and Joiners | 8,372 | 18 |
3322 | Painting Trades Workers | 3,277 | 5 |
3331 | Glaziers | 1,000 | <5 |
3332 | Plasterers | 2,081 | <5 |
3334 | Wall and Floor Tilers | 1,259 | <5 |
3341 | Plumbers | 5,766 | 11 |
3411 | Electricians | 9,303 | 33 |
3421 | Airconditioning and Refrigeration Mechanics | 1,836 | <5 |
3422 | Electrical Distribution Trades Workers | 1,019 | <5 |
3423 | Electronics Trades Workers | 1,769 | 34 |
3513 | Chefs | 2,821 | 76 |
3611 | Animal Attendants and Trainers | 1,045 | 0 |
3941 | Cabinetmakers | 1,421 | <5 |
3991 | Boat Builders and Shipwrights | 1,000 | 0 |
4523 | Sports Coaches, Instructors and Officials | 2,701 | 0 |
4524 | Sportspersons | 1,000 | 0 |
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------