තම දෙමාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී අදාළ parent visa හෙවත් දෙමාපිය වීසා අයදුම්පත්‍රය සමග පෙන්විය යුතු මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු රජය පසුගිය මාසයේදී තීරණය කළ අතර එම යෝජනාව රජය විසින් හකුලාගෙන ඇති බව වාර්තා වේ.
තම දෙමාපියන් හෝ පවුලේ නෑ හිතවතුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී අදාළ වීසා අයදුම්පත්‍රය සමග පෙන්විය යුතු මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු රජය පසුගිය මාසයේදී තීරණය කළේය.
මීට එරෙහිව ග්‍රීන්ස් පක්ෂය විසින් මෝසමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබුණු අතර එම මෝසම හමුවේ රජය පරාජයට පත් වේවි යැයි සැකයෙන් ඊට පෙරාතුවම ඔස්ට්‍රේලියානු රජය එම යෝජනාව හකුලාගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර ඔස්ට්‍රේලියාවේ parent visa හෙවත් දෙමාපිය වීසා සඳහා දැක්විය යුතු අනුග්‍රාහක මුදල් ප්‍රමාණය ඉහළ දැමීමේ යෝජනාව සමග දෙමාපිය වීසා සඳහා අයදුම්පත් විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන තම පවුලේ හිතවතුන් හට මුල්‍ය අංශයෙන් සහය දැක්වීම උදෙසා The Assurance of Support scheme වැඩසටහන හරහා අදාළ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ ආදායම යම් මට්ටමක තිබිය යුතු බවට තීරණය කර තිබුණි.
මේ අතර මේ වසර සඳහා දෙමාපිය වීසා නිකුත් කරන ප්‍රමාණය 9,000 ට වඩා අඩු අගයක පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙන බවද වාර්තා වේ.

Source: SBS
දහස් ගණනකට බලපෑම්
දෙමාපිය වීසා සඳහා යොමු කළ අයදුම්පත් මේ වන විට 30,000 ක් පමණ ගොඩ ගැසී ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.
මෙම සියලුම අයදුම්පත් පෙර ආගමනික කටයුතු දෙපාර්තමේන්තුව ලෙස හැඳින්වූ වර්තාමානයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඔස්සේ විමසා බැලේ.
පැරණි සහ නව ආදායම් සීමාවන්.
පැරණි සීමාවට අනුව තම දෙමාපියන්ට මුල්‍ය අනුග්‍රහය දැක්වීම උදෙසා යුවලකගේ මුළු ආදායම් එකතුව වසරකට $45,185 ක් වූ නමුත් යෝජනා කෙරුණු නව සීමාවට අනුව එය වසරකට $115,475 කි.
මේ අතර තම දෙමාපියන්ට මුල්‍ය අනුග්‍රහය දැක්වීම උදෙසා තනි පුද්ගලයෙකුගේ ආදායමේ නව සීමාව $86,607 ක් ලෙස ඉහළ දැමීමට කටයුතු කෙරුණු නමුත් තනි පුද්ගලයෙකුගේ ආදායමේ පැරණි සීමාව වසරකට $36,000 ක් වූ බව සඳහන්.

Source: SBS
මුල්‍ය අනුග්‍රහය දැක්විය යුත්තේ කුමන වීසා ඛාණ්ඩ සඳහාද?
පවුලේ හිතවතුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී අදාළ අයදුම්කරුවන් සඳහා මුල්‍ය අනුග්‍රහය දැක්විය යුතු වීසා ඛාණ්ඩ කිහිපයක් පවතින අතර ඉන් ප්‍රධාන ඛාණ්ඩ පහත පරිදි වේ.
- Contributory parent visa (143 and 173)
- Contributory aged parent visa (864 and 884)
- Non-contributory parent visa (103 and 804)
- Remaining relative visa (835)
අදාළ පවුලේ හිතවතුන් ඔස්ට්‍රේලියාව තුළ ගත කරන කාලයේ ඔවුන්ගේ ජීවන සහ සෞඛ්‍ය කටයුතු සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් තිබීම තහවුරු කිරීමේ අරමුණින් මෙලෙස මුල්‍ය අනුග්‍රාහක සීමාවන් ඉහළ දැමීමට ප්‍රධානතම හේතුව ලෙස ඔස්ට්‍රේලියාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නියෝජිතවරියක් පැවසුවාය.
මේ අතර පසුගිය දශකය තුළ මෙම වැඩසටහනෙහි මෙවැනි වෙනස්කමක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද වාර්තා වේ.
ඉහත සඳහන් සියලුම වීසා සඳහා අනුග්‍රහකයාගෙන් ඇපයක් අවශ්‍ය වන අතර Centrelink වියදම් ආවරණය කරන බවට නීත්‍යානුකූල පොරොන්දුවක් ද අවශ්‍ය වේ.
නමුත් වීසා වර්ගය අනුව එම ඇපය සහ අයදුම්පත විමසා බැලීමේ කාලය වෙනස් වන බව සඳහන්.

Source: AAP
Non-contributory වීසා
මෙය මුදලින් අඩුම වීසා ක්‍රමය හේතුවෙන් එය ඉතා ජනප්‍රිය දෙමාපිය වීසා ක්‍රමය බවට පත් වී තිබේ.
නමුත් මෙම වීසා වසරකට ඉතා සීමිත ප්‍රමාණයක් ලබා දෙන නිසා එයට වසර 30ක් පමණ බලා සිටිය යුතු වේ.
මේ වසරේ මෙම වීසා සඳහා ඇත්තේ අවස්ථා 1500 ක් පමණි.

Source: SBS
Contributory වීසා
මෙම වීසා වසර 2ක් හෝ 3ක් ඇතුලත ලැබේ .
නමුත් එයට ඩොලර් 50000ක පමණ ගාස්තුවක් ගෙවිය යුතුයි
මේ සදහා සුදුසුකම් ලැබීමට අනුග්‍රාහකයින් විසින් වසර 10 කට සුබ සාධන දීමනා සහතිකයක් ලබා දිය යුතු අතර ඩොලර් 10,000 ක අවම ඇපයක් තැබිය යුතු වේ.
මේ වසරේ මෙම වීසා සඳහා අවස්ථා 7000 ක් පමණ ඇති බව සඳහන්.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------