ඔස්ට්‍රේලියාවේ 2018/19 මුදල් වර්ෂය සඳහා වූ මධ්‍යම රජයේ අය වැය ඊයේ (08/05) රාත්රියේදී භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison විසින් ඉදිරිපත් කරන ලදී.
2018/19 අය වැය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජනතාවට බලපාන අයුරු මෙම ලිපියෙන් දැක්වෙයි.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison විසින් ඉදිරිපත් කළ තුන්වන අය වැය ලෙසද මෙය හැඳින්වේ.
හිමිවීම්
අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් ලබන බදු ගෙවන්නන්
2018/19 මුදල් වර්ෂයේ සිට මිලියන 10 ක පමණ අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් ලබන සේවකයින් හට වසරකට ඩොලර් 530 ක නව බදු සහනයක් හිමිවේ.
ලබන වසරේ ජූලි සිට වාර්ෂික ආදායම ඩොලර් 87,000 ත් 90,000 ත් අතර වන පුද්ගලයින්ට 37% ක බදු අනුපාතය වෙනුවට 32.5% ක බදු අනුපාතයකට යටත් වීම.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
2022 – 2025 සිට බහුතරයක් ඔස්ට්‍රේලියානු වාසීන් 32.5% අඩු බදු ප්‍රතිශතයකට යටත් වීම නිසා ගෙවන ආදායම් බදු ප්‍රමාණය අඩු වීම.
වසර 2025 වන විට 95% ක් පමණ ඔස්ට්‍රේලියානුවාසීන් ගෙවන බදු ප්‍රතිශතය 32.5% ක් වීම.

Source: SBS
සුළු ව්‍යාපාර හිමියන්
සුළු පරිමාණ ව්‍යාපාර හිමියන් තම ව්‍යාපාරික දේපළ අත් හැර දැමීමක් සිදු කරනවානම් තම භාණ්ඩ වල අගය ඩොලර් 20,000 ට වඩා අඩු නම් එය ලබා ගැනීමට තවත් වසරක කාලයක් හිමිවීම.
රියදුරන්
ඔස්ට්‍රේලියාවේ නාගරික කලාප වල අධික මාර්ග තදබද ඇති මාර්ග වල තදබදය ලිහිල් කිරීමට ඩොලර් බිලියනයක මුදලක් වෙන් කිරීම.
ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
ඉදිරි වසර 4 පුරාවට ඔස්ට්‍රේලියාවේ home care ස්ථාන 14,000 කින් වැඩි කිරීම. මේ සඳහා වැයවන පිරිවැය ඩොලර් බිලියන 1.6 කි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට වැඩිහිටි සුරැකුම් පහසුකම් ලබා ගැනීමට ඉඩ සැලසීම සඳහා තවත් ඩොලර් මිලියන 146 ක් වෙන් කිරීම.
ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල සිටින වියපත් ඔස්ට්‍රේලියානු වාසීන් ගේ විෂාදය සහ කාන්සාව දුරලීමට ඩොලර් මිලියන 83 ක් වෙන් කිරීම.
සෑම විශ්‍රාමික පුදගලයෙකු හටම විශ්‍රාමික ණය වැඩසටහන සඳහා සමබන්ධ වීමට අවස්ථාව ලැබේ. මෙමගින් ඔවුන්ගේ විශ්‍රාමික සුදුසුකම් පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් නොකර ඔවුන්ගේ විශ්‍රාමික ආදායම ඩොලර් 17,800 දක්වා වැඩි කරගැනීමට හැකිවේ.
තමන්ගේ ගෙවීම් කප්පාදු නොකරගෙන විශ්‍රාමිකයින්ට වසරකට අමතර ඩොලර් 1300 ක් උපයා ගැනීමට ද අවස්ථාව ලැබී ඇත.
ස්වයං රැකියා වල නිරත විශ්‍රාමිකයින් හට තමන්ගේ විශ්‍රාම වැටුප ලබා ගනිමින් ම දැන් වසරකට ඩොලර් 7,800 ක් දක්වා ඉපයීමට හැකියාව ලැබේ.

Anciano descansa junto a una puerta. Source: Getty Images
අහිමිවීම්
සරණාගතයින්
ඔස්ට්‍රේලියාවේ රැකියාවක් සොයා ගැනීම සඳහා රජයේ සහය ලබා ගැනීමට සරණාගතයින්ට තවත් සති 13 ක කාලයක් එනම් මාස හයක පමණ කාලයක් බලා සිටීමට සිදු වීම.
මේ වන විට සරණාගතයින් ඔස්ට්‍රේලියාවට පැමිණ රජයේ රැකියා සේවා සපයන Jobactive ආයතනය මගින් සති 13 ක් ඇතුළත ඔවුන්ට රැකියා සොයා ගැනීමට සහය හිමි වේ. නමුත් දැන් එය ඔවුන් මෙරටට පැමිණ සති 26 ක් වන තුරු ලබා නොදේ.
එම දීර්ඝ කරන ලද බලා සිටීමේ කාලය ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාව වර්ධනය කරගැනීමට යෙදවීම මැනවි බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.

Source: Getty Images
සංක්‍රමණිකයින්
2018 ජූලි 01 සිට සුබ සාධන දීමනා ලබා ගැනීමට වසර 4 ක කාලයක් බලා සිටීමට සිදු වීම. මෙතෙක් එම කාලය පැවතියේ වසර 3 ක් ලෙසය. මෙමගින් ඔස්ට්‍රේලියානු රජයට ඩොලර් මිලියන 200 ක ඉතිරියක් ලැබෙන බව සඳහන්.
විදෙස් පුහුණුව ලැබූ පවුලේ වෛද්‍යවරුන් (Overseas trained GPs)
ඉදිරි වසර 4 ඇතුළත ඔස්ට්‍රේලියාවට බාරගන්නා විදෙස් පුහුණුව ලැබූ වෛද්‍යවරුන් ප්‍රමාණය වසරකට 200 දක්වා පහත දැමීම. මෙමගින් රජයට ඩොලර් මිලියන 400 ක් ඉතිරි වන බවද වාර්තා වේ.

Source: SBS
බැංකු
බැංකු සඳහා පනවන බදු එලෙසම ක්‍රියාත්මක වන අතර එළඹෙන ජූලි 01 වන දින සිට Banking Executive Accountability Regime සහ නොවැම්බර් 01 වන දින සිට Australian Financial Complaints Authority ආරම්භ කෙරේ.
මුදල් ජාවාරම්කරුවන්
යම් ව්‍යාපාරයකට භාණ්ඩ සහ සේවා මිලට ගැනීමේදී ඒ සඳහා ගෙවීම් සිදු කරන විට අත්පිට අමුදලින් ගෙවිය හැකි මුදල ඩොලර් 10,000 ක් ලෙස සීමා කිරීම.
මෙය ලබන වසරේ ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වන අතර ඩොලර් 10,000 ට වැඩි ගෙවීම් ඉලෙක්ට්‍රොනික් ගෙවීම් මගින් හෝ චෙක්පත් මගින් ගෙවිය යුතු වේ.
කළු සල්ලි භාවිතය සහ මෙරටින් විශාල වශයෙන් පිටව යන මුදල් සඳහා නීතිමය රාමුවක් තැනීම මෙමගින් සිදු කෙරෙන අතර ඉදිරි වසර 4 තුළදී මෙනිසා රජයට ඩොලර් බිලියන 5.3 ක ආදායමක් හිමිවනු ඇතැයි සඳහන්.

Source: SBS
විදේශීය හෝටල් සපයන්නන්
2018 ජූලි 01 වන දින සිට දේශීය හෝටල් සැපයුම්කරුවන් මෙන්ම විදේශීය හෝටල් සැපයුම්කරුවන් ද GST ගෙවිය යුතු වේ.
විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන
සියලු HECS-HELP සහ FEE-HELP සපයන්නන් එම වැඩසටහන් පරිපාලනය කිරීම වෙනුවෙන් සහ අයදුම්පත් සැකසීම සඳහා වාර්ෂික ගාස්තුවක් ගෙවිය යුතු වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------