ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ යනු ඔස්ට්‍රේලියාවේ සෑම දිනකම පවතින උණුසුම්ම මාතෘකා අතරින් එකකි.
ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ මිල ගණන් පසුගිය සමයේ සිට පහත වැටෙන්නට වූ නිසාවෙන්ම මේ පිළිබඳ දැඩි ලෙස කතා බහ වන්නට පටන්ගෙන තිබේ.

Source: AAP
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පහත වැටීම
ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ පිළිබඳ නිරන්තර සමීක්ෂණ සිදුකරනු ලබන CoreLogic ආයතනයේ නවතම සමීක්ෂණ දත්ත වලට අනුව පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළෙහි මිල 6.1% කින් පහත බැස තිබේ.
එම බැස්ම පසුගිය දෙසැම්බර් මාසයේදී 1.3% ක් බව ද වාර්තා වේ.
මෙම සමස්ත බැස්මට සිඩ්නි හා මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළවල නිවාස මිලෙහි බැස්ම වඩාත් බලපෑ බව ඔවුන්ගේ එම සමීක්ෂණය පවසයි.
2018 වසර තුළ සිඩ්නි නිවාස මිල 8.9% කින්ද මෙල්බර්න් නිවාස මිල 7% කින්ද පහත බැස ඇති බව News.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
ඊට අමතරව ඩාවින්, පර්ත්, බ්‍රිස්බන් යන ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස මිලද පහත බැස ඇති නමුත් හෝබාර්ට් සහ කැන්බරා නිවාස මිල තරමක් ඉහළ නැග ඇති බවත් CoreLogic දත්ත පෙන්වා දෙයි.

Source: AAP
සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ බලපෑම
ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස වෙළෙඳ පොළට සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ මගින් විශාල බලපෑමක් එල්ල කරයි.
CoreLogic හි නියෝජිත Cameron Kusher පවසන අන්දමට ඔස්ට්‍රේලියානු ජාතික නිවාස වෙළෙඳපොළේ විකුණුම් වලින් හරි දකට ආසන්න ප්‍රමාණයකට වගකියන්නේ සිඩ්නි සහ මෙල්බර්න් ය.
එනිසාම සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වල මිල ගණන් ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස මිල ගණන් වලට බරපතල ලෙස බලපා ඇත.

Source: AAP
නිවාස මිල පහත වැටීමට හේතු සහ ඒ පිළිබඳ පවතින මිත්‍යාවන්
ඔස්ට්‍රේලියානු නිවාස මිල පහත වැටීමට ප්‍රධාන හේතු කිහිපයක් ඇති බව දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රවීණයින් පවසයි.
එහිදී පුද්ගලික ඉතුරුම් අවම වීම, බැංකු වල නිවාස ණය පහසුකම් ලබා දීමේ ක්‍රම සහ රෙගුලාසි දැඩි කිරීම මෙන්ම නිවාස වල මිල අධික ලෙස ඉහළ යාම ප්‍රධාන සහ ජනප්‍රිය හේතු වේ.
නමුත් ඒවායින් බහුතරයක් පිළිගැනීමට නොහැකි බව CoreLogic හි නියෝජිත Cameron Kusher පවසයි.
2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී අලෙවි වූ නිවාස සංඛ්‍යාව පහත වැටී ඇති බවට දත්ත වාර්තා කරයි.
නමුත් ඊට හේතුව ඉහත සඳහන් කළ බහුතරයක් හේතු නොව සමාජයෙන් මතුවූ සිද්ධීන් සහ නිවාස වල මිල දරාගත නොහැකි මට්ටමින් ඉහළ නැගීම බව ඔහු පෙන්වා දෙයි.
බැංකු සහ මුල්‍ය ආයතන වලින් නිවාස ණය පහසුකම් ලබා දීමේදී ඒ සඳහා අනුගමනය කරන ක්‍රම සහ නීති රෙගුලාසි දැඩි කිරීම නිවාස මිල පහත බැසීමට හේතුවූ බවට බහුතර මතයක් පවතී.
නමුත් සාපේක්ෂව බලන කල බැංකු ණය පහසුකම් ලබාගෙන වුවද නිවසක් මිලට ගැනීමේ ධාරිතාව පසුගිය වසරේ තිබුණාද යන්න ගැටළුවක් බව ඔහු ප්‍රශ්න කරයි.
කෙසේවෙතත්, මේ තත්ත්වය ඉතා ඉක්මණින් සමනය වන බවක් පෙනෙන්නට නැති නමුත් නුදෙරේදීම ධනාත්මක වෙනසක් සිදුවනු ඇතැයි දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රවීණයින් අපේක්ෂා කරයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------