උපාධියක් නොමැතිව ඉහළ වැටුප් ගත හැකි ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම රැකියා මෙන්න. (SBS සිංහල/වාර්තා)

The high-paying Australian jobs that don't need a degree.

Source: SBS

ඔස්ට්‍රේලියාව යනු ලොව උසස් අධ්‍යාපනය සඳහා ප්‍රධාන කේන්ද්‍රස්ථාන අතරින් ප්‍රමුඛතම රටකි.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවලින් උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමේ ප්‍රවනතාව මේ වන විට ඉහළ යමින් පවතී.

තම උපාධිය හෝ පශ්චාත් උපාධිය නිමා කර ඔස්ට්‍රේලියාවේම ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක් සොයා ගැනීම එම පිරිසෙන් බහුතරයකගේ අපේක්ෂාව වෙයි.

උපාධි නොමැතිවද ඉහළ වැටුප් ගත හැකි රැකියා ඔස්ට්‍රේලියාවේ තිබෙන බව පැවසුවොත් ඔබ පුදුම වනවා නොඅනුමානය.

නමුත් එවැනි රැකියා කිහිපයක්ම දැනටත් ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳ පොළේ පවතින බව සඳහන්.

The high-paying Australian jobs that don't need a degree.
Source: Flickr

උපාධියක් නොමැතිවද ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ගත හැකි රැකියා

උපාධියක් නොමැතිවද ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ගත හැකි ප්‍රමුඛතම රැකියා 5 ක් පිළිබඳ The Age පුවත්පත වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

  1. Air traffic controller
  2. Train controller
  3. Miner
  4. Train driver
  5. Crane operator
The high-paying Australian jobs that don't need a degree.
Source: Getty Images

01. Air traffic controller

The Age පුවත්පත වාර්තා කරන ආකාරයට Air traffic controller වරයෙකුගේ වාර්ෂික මධ්‍යන වැටුප ඔස්ට්‍රේලියානු ඩොලර් $143,471 කි.

Air traffic controller සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවක සාමාන්‍යයෙන් අයදුම්පත් දහස් ගණනක් පැමිණෙන බව වාර්තා වේ.

නමුත් සම්මුඛ පරීක්ෂණය සඳහා යොමු වීමට පෙර ඔබට පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේ.

එහිදී ඔබේ තාර්කික සහ ගණිතමය හැකියාවන්, රටාවන් හඳුනාගැනීම, වේගය සහ ත්‍රිමාන දෘශ්‍යකරණය වැනි හැකියාවන් උරගා බලයි.

එම පරීක්ෂණයෙන් සමත් වන්නේ 3% ක ප්‍රතිශතයක් පමණි.

ඉන් අනතුරුව ගුවන් යානා පාලනය පිළිබඳව ඔබේ දැනුම අළලා සම්මුඛ පරීක්ෂණයකට යොමු කෙරෙනු ඇත.

The high-paying Australian jobs that don't need a degree.
Source: Flickr

02. Train controller

Train controller වරයෙකු ලෙස සති 5 ක පුහුණු කාලයක් ලබා දෙන අතර එහිදී කළ යුතු කාර්යයන් පිළිබඳ සියලු දැනුම සහ පුහුණුව ලබා දෙයි.

ඉන් අනතුරුව සති 12 ක කාලයක් ඔබට සේවය කිරීමට ඉඩ සලසා ඔබව අධීක්ෂණය කරනු ඇත.

උදෑසන හෝ සවස් කාලයේ දුම්රිය කාර්ය බහුල වේලාවලදී ප්‍රධාන මෙහෙයුම් පැනලය බාරගැනීමට පෙර ඔබට තවත් පැය 3 ක විභාගයකට මුහුණ දීමට සිදුවේ.

මන්ද සියලුම දුම්රිය මාර්ග වල ගමන් කරන දුම්රිය පාලනය වන්නේ ඔබේ අතෙන් වීම නිසාය.

Train controller වරයෙකුගේ වාර්ෂික මධ්‍යන වැටුප ඔස්ට්‍රේලියානු ඩොලර් $122,018 කි.

The high-paying Australian jobs that don't need a degree.
Source: YouTube

03. Miner

පතල් කර්මාන්තය යනු ඔස්ට්‍රේලියාවේ ඉහළ ආදායම් ලැබිය හැකි තවත් ක්ෂේත්‍රයකි.

Miner හෙවත් පතල් කරුවෙකුගේ වාර්ෂික මධ්‍යන වැටුප ඔස්ට්‍රේලියානු ඩොලර් $116,056 කි.

The high-paying Australian jobs that don't need a degree.
Source: SBS

04. Train driver

Train controller මෙන්ම Train driver සඳහාද ඔස්ට්‍රේලියාව තුළ ඉතා ඉහළ වැටුපක් හිමිවෙයි.

දුම්රිය රියදුරෙකුගේ වාර්ෂික මධ්‍යන වැටුප ඔස්ට්‍රේලියානු ඩොලර් $114,125 කි.

The high-paying Australian jobs that don't need a degree.
Source: Metro

05. Crane operator

ඔස්ට්‍රේලියාවේ උපාධියක් නොමැතිව ඉහළ වැටුපක් ලැබිය හැකි තවත් රැකියාවක් වන්නේ Crane operator ය.

The Age පුවත් පත වාර්තා කරන අයුරින් Crane operator වරයෙකුගේ වාර්ෂික මධ්‍යන වැටුප ඔස්ට්‍රේලියානු ඩොලර් $91,649 කි.
The high-paying Australian jobs that don't need a degree.
Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් හිමි ප්‍රමුඛතම රැකියා 10.

Australia's 10 highest paid jobs
Australia's 10 highest paid jobs Source: Age

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉහළම වැටුප් හිමි ප්‍රමුඛතම රැකියා 10.

10 highest paid jobs in Victoria
Top 10 highest paid jobs in Victoria Source: Age

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉහළම වැටුප් හිමි ප්‍රමුඛතම රැකියා 10.

10 highest paid jobs in New South Wales
Top 10 highest paid jobs in New South Wales Source: Age
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 15 January 2019 10:58pm
By Madhura Seneviratne

Share this with family and friends