ලොව ප්‍රධානතම ටෙනිස් ශූරතා තරගාවලියක් වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය අද (14/01) මෙල්බර්න් නුවරදී ආරම්භ විය.
Grand slam ටෙනිස් ශූරතා තරගාවලි 4 න් එකක් වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය අද සිට ජනවාරි 27 දක්වා පැවැත්වේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
1905 වසරේ ආරම්භවූ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය වර්තමානයේ දකුණු අර්ධ ගෝලයේ වාර්ෂිකව පැවැත්වෙන විශාලතම ක්‍රීඩා උත්සවය ලෙසද වාර්තා වේ.

Australian Open Source: AAP
2019 Australian Open
107 වන වරට පැවැත්වෙන මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය සඳහා මෙවරත් ලොව ප්‍රබලම ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාම පාහේ සහභාගී වෙති.
මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 203 දෙනෙකු සහහාගී වන අතර ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනෙකු සහභාගී වේ.
ඒ අතරින් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඉහළ බලාපොරොත්තු තබා ඇත්තේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා Ash Barty සහ ටෙනිශ ක්‍රීඩක Alex de Minaur වෙතය.
Rod Laver Arena, Melbourne Arena සහ Margaret Court Arena ප්රමුඛ ටෙනිස් පිටි 25 කදී මෙවර තරග පැවැත්වෙනු ඇත.
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලි ඉතිහාසයේ වැඩිම මුදල් ත්‍යාග ලබා දෙන්නේද මෙවර තරගාවලියේදීය.
ඒ අනුව සමස්ත තරගාවලියේම ලබා දෙන සම්පූර්ණ මුදල් ත්‍යාග ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 62.5 කි.

Source: AAP
මෙවර තරග වදින සුපිරි ටෙනිස් තරු
ලොව පළමු පෙළේ ටෙනිස් ක්‍රීඩකයින් 101 දෙනාද පළමු පෙළේ ටෙනිශ ක්‍රීඩිකාවන් 102 දෙනාද මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය සඳහා සහභාගී වෙති.
ඒ අතරින් පහත සඳහන් සුපිරි තරු මෙවර තරගාවලිය උණුසුම් කරනු ඇත.
පිරිමි
01. Novak Djokovic - සර්බියාව (World No.1)
02. Rafael Nadal - ස්පාඤ්ඤය (World No.2)
03. Roger Federer - ස්විට්සර්ලන්ත්ය (World No.3)
04. Alexander Zverev - ජර්මනිය (World No.4)
05. Kevin Anderson - දකුණු අප්‍රිකාව (World No.6)
06. Marin Cilic - ක්‍රොයේෂියාව (World No.7)
07. Dominic Thiem - ඔස්ට්‍රියාව (World No.8)
08. Kei Nishikori - ජපානය (World No.9)

Source: SBS
කාන්තා
01. Simona Halep - රොමේනියාව (World No.1)
02. Angelique Kerber - ජර්මනිය (World No.2)
03. Caroline Wozniacki - ඩෙන්මාර්කය (World No.3)
04. Naomi Osaka - ජපානය (World No.4)
05. Sloane Stephens - ඇමෙරිකාව (World No.5)
06. Petra Kvitova - චෙක් ජනරජය (World No.6)
07. Serena Williams - ඇමෙරිකාව (World No.16)
08. Maria Sharapova - රුසියාව (World No.30)

Source: SBS
මෙවර විශේෂතා
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලි ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදල් පිරිනැමීම (ඩොලර් මිලියන 62.5).
ප්‍රධාන තරග පවත්වන ටෙනිස් පිටි 16 සඳහා ඉලෙක්ට්‍රොනික් review පහසුකම ස්ථාපනය කිරීම.
අධික උෂ්ණත්වය සම්බන්ධ ව Heat Stress දර්ශකයක් ස්ථාපනය කිරීම.
අධික උෂ්ණත්වයක් ඇතිනම් ඉතිහාසයේ ප්‍රථම වරට පිරිමි තරග වලදී තුන්වන වටයෙන් අනතුරුව මිනිත්තු 10 ක විවේකයක් ලබා දීම.
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලි ඉතිහාසයේ ප්‍රථම වරට සෑම තරගයකටම final set tie-breaks හඳුන්වා දීම. එනම් යම් තරගයක අවසාන වටය 6-6 ක් ලෙස නිමාවට පත්වුවහොත් තරගකරුවන් දෙදෙනාට නැවතත් අවස්ථාව ලබාදී ලකුණු 10 ක ලබා ගන්නා පළමු ක්‍රීඩකයා හට තරගයේ දිනුම ලබා දෙයි.

Source: AAP
Grand Slam ටෙනිස් ශූරතාවන්
Grand Slam ටෙනිස් ශූරතාවන් ලොව ප්‍රධාන ලෙස හතරකි.
01. ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව (ජනවාරි)
02. ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව (මැයි - ජුනි)
03. Wimbledon ටෙනිස් ශූරතාව (ජුනි - ජූලි)
04. ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව (අගෝස්තු)
මෙහිදී ඔස්ට්‍රේලියානු සහ ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලි යටතේ පැවැත්වෙන තරග සියල්ලම පැවැත්වෙන්නේ කෘතීම ටෙනිස් පිටි වලය.
ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවයේ සියලුම තරග මැටි බිමකින් සමන්විත ටෙනිස් පිටිවල පැවැත්වේ.
ලොව පැරණිතම ටෙනිස් ශූරතාව වන Wimbledon ටෙනිස් ශූරතාව පැවැත්වෙන්නේ තවමත් ස්වභාවික තණකොළ සහිත ටෙනිස් පිටි වලය.

Source: SBS
2018 ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරතාව
2018 ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරතාවලියේ ශූරතාවන් දිනාගත්තේ පහත අයුරිනි.
- පිරිමි කේවල ශූරතාව - Roger Federer - ස්විට්සර්ලන්ත්ය
- කාන්තා කේවල ශූරතාව - Caroline Wozniacki - ඩෙන්මාර්කය
- පිරිමි යුගල ශූරතාව - Oliver Marach (ඔස්ට්‍රියාව) සහ Mate Pavić (ක්‍රොයේෂියාව)
- කාන්තා යුගල ශූරතාව - Tímea Babos (හංගේරියාව) සහ Kristina Mladenovic (ප්‍රංශය)
- මිශ්‍ර යුගල ශූරතාව - Mate Pavić (ක්‍රොයේෂියාව) සහ Gabriela Dabrowski (කැනඩාව)
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------