ලොව ප්රබලතම ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳ තොරතුරු මීට පෙර අප ඔබට ලිපියකින් ගෙන ආවෙමු.
වීසා නොමැතිව යා හැකි රටවල් ප්‍රමාණය වැඩි වෙත්ම අදාළ ගුවන් ගමන් බලපත්‍රයේ ප්‍රබලත්වය වැඩි වන බව අපි එහිදී සඳහන් කළෙමු.
ඔබේ රියදුරු බලපත්‍රයට ද එවැනි වූ මිම්මක් ඇති බව ඔබ දන්නවාද?
ලොව වඩාත් ප්‍රබලම රියදුරු බලපත්‍ර පිළිබඳ අද SBS සිංහල වෙතින් විමසා බලමු.
2018 වසරේ ලොව ප්රබලතම රියදුරු බලපත්‍රය.
වෙබ් අඩවියට අනුව ප්රබලතම රියදුරු බලපත්‍ර සහිත රටවල් 22 ක ලයිස්තුවේ 2018 වසරේ ලොව ප්රබලතම රියදුරු බලපත්‍රය රටවල් දෙකක් විසින් හිමි කරගෙන ඇත.
එක්සත් රාජධානිය සහ ප්‍රංශය එම රටවල් ද්විත්වය වේ.
මෙම රටවල ඇති රියදුරු බලපත්‍රවල ප්‍රබලත්වය 97% ක් ලෙස ගණන් බලා ඇති නමුත් එම රියදුරු බලපත්‍ර වලින් ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය සහ සෞදි අරාබිය යන රටවල රිය ධාවනය කිරීමට හෝ එම රටවල රියදුරු බලපත්‍ර වලට පැවරීමට (transfer) හෝ නොහැකිය.

Most Powerful 22 Driving licenses in the world. Source: Compare the Market
සෙසු ස්ථාන
96% ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ජර්මනියේ රියදුරු බලපත්‍රය මෙවර ලයිස්තුවේ 3 වන ස්ථානයට පත්ව ඇති අතර ස්වීඩනය සහ බෙල්ජියම පිළිවෙලින් 94% ක් හා 93% ක් ලබා ගනිමින් සිව්වන හා පස්වන ස්ථාන වලට පත්ව තිබේ.
ෆින්ලන්තය, ඉතාලිය සහ ස්පාඤ්ඤය පිළිවෙලින් 6,7 සහ 8 බවට පත් වෙද්දී ලෝක බලවතා වන ඇමෙරිකාවේ රියදුරු බලපත්‍රය ප්‍රබලත්වය අතින් 9 වන ස්ථානයට පත්ව තිබේ.
ඔස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රයට හිමිව ඇත්තේ මෙවර ලැයිස්තුවේ 10 වන ස්ථානය වන අතර එහි බලය 76% කි.
නමුත් ඔස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රය ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය සහ සෞදි අරාබිය යන රටවල වලංගු නොවන බව වෙබ් අඩවිය පවසයි.

Source: SBS
චීනය සුවිශේෂීයි.
චීනය මෙහි 15 වන තැනට පත්ව තිබෙන නමුත් ඔවුන්ගේ රියදුරු බලපත්‍රය ද ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය යන රටවල වලංගු නොවේ.
කෙසේනමුත් සුවිශේෂීම කරුණ වන්නේ ලොව ප්රබලතම ගුවන් ගමන් බලපත්‍ර 22 ලයිස්තුවේ චීනය හැර ඇති අන් රවටල් විසි එකේම රියදුරු බලපත්‍ර චීනය තුළ වලංගු නොවීමය.
ඔබ චීනයේ රිය ධාවනය කිරීමට සූදානම් වනවානම් ඔබ චීනයේ රියදුරු බලපත්‍රය ලබා ගත යුතු නමුත් චීන රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී සාමාන්‍ය චීන ජනතාව අතර වුවද සමත් ප්‍රතිශතය 4% ක් බව වාර්තා වේ.
කෙසේවෙතත්, ලොව සැම රටකම රිය ධාවනයේදී ඒ ඒ රටවලට අවේනික මාර්ග නීති සහ ධාවන නීති ඇති අතර ඔබ ගේ රියදුරු බලපත්‍රය කෙතරම් ප්‍රබල වුවද අදාළ නීති වලට ඔබ අනුකූල විය යුතුය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------