එක්සත් රාජධානියට ගුවනින් යන ඔස්ට්‍රේලියනුවන් හට ගුවන්තොටුපොළ වල ඇති එක්සත් රාජධානි ඉලෙක්ට්‍රොනික විදේශ ගුවන් බලපත්‍ර දොරටු හරහා ලබන වසරේ සිට ගමන් කළ හැකි බ්‍රිතාන්‍ය රජය පවසයි.
එක්සත් රාජධානි භාණ්ඩාගාරයේ චාන්සලර් Philip Hammond විසින් ලබන වසරේ අය වැය ඉදිරිපත් කිරීමේදී මෙම සුබදායී පුවත් වාර්තා කරන ලදී.
ඒ අනුව ඉලෙක්ට්‍රොනික දොරටු හරහා ගමන් කළ හැකි ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට මෙම පහසුකම 2019 වසරේ සිට අත්විඳිය හැකිවේ.
මේ හේතුවෙන් දිගු පෝලිම් මග හැර ඉක්මණින් ගුවන් තොටුපොළෙන් පිටවීමට ඔවුන්ට හැකියාව ලැබේ.

Source: AAP
ePassport
එක්සත් රාජධානියේ පිහිටි හීතෘ ගුවන් තොටුපොළ ඇතුළු අනෙකුත් ගුවන් තොටුපොළ වල පිහිටි ePassport දොරටු හරහා මෙතෙක් කලක් ගමන් කිරීමට අවසර දී තිබුණේ EEA nationals හෙවත් යුරෝපා ආර්ථික කලාපයේ රටවලට පමණි.
එම ලැයිස්තුවේ රටවල් 33 ක් මේ වන විට තිබේ.
කෙසේවෙතත්, Philip Hammond ගේ මෙම නව නිවේදනය සමග ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් 5 කට මෙම අවසරය ලැබෙනු ඇත.
ඇමෙරිකාව, කැනඩාව, නවසීලන්තය සහ ජපානය සෙසු රටවල් 4 වෙයි.

Heathrow Airport Source: Flickr
අරමුණ
අන් රටවලට බ්‍රිතාන්‍යය සමග වෙළෙඳ ගණුදෙනු පහසු කරවීමේ අරමුණින් මෙම ක්‍රියාව ගෙන ඇති බව වාර්තා වේ.
මෙම නිවේදනය මගින් බ්‍රිතාන්‍යය ව්‍යාපාර සඳහා විවෘත බවට විශාල සහ පහැදිලි පණිවිඩයක් ගෙන යන බව එක්සත් රාජධානි භාණ්ඩාගාරයේ චාන්සලර් Philip Hammond පැවසූ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
එක්සත් රාජධානියේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස කටයුතු කරන George Brandis මෙම නිවේදනය සඳහා තම ප්‍රසාදය පළ කර තිබේ.

Source: SBS
2018 Global Passport Power Rank දර්ශකය
2018 වසර සඳහා ලොව බලවත්ම ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳ Global Passport Power Rank දර්ශකය පසුගිය අගෝස්තු මාසයේ passportindex වෙබ් අඩවිය විසින් අනාවරණය කළ අතර එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට සිංගප්පූරු ගුවන් ගමන් බලපත්‍රය සමත් වී තිබේ.
ජර්මනිය, ඩෙන්මාර්කය, ස්වීඩනය, ෆින්ලන්තය, ලක්ෂම්බර්ග්, නෝර්වේ, නෙදර්ලන්තය, දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල ගුවන් ගමන් බලපත්‍ර මෙම දර්ශකයේ දෙවැනි ස්ථානය හිමි කරගෙන තිබේ.
2018 Global Passport Power Rank දර්ශකයේ තුන්වන ස්ථානය දිනාගත් ගුවන් ගමන් බලපත්‍ර 8 ක් පවතී.
ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ග්‍රීසිය, පෘතුගාලය, ජපානය, අයර්ලන්තය සහ කැනඩාව යන රටවල ගුවන් ගමන් බලපත්‍ර මෙවර මෙම දර්ශකයේ තුන්වැනි තැන හිමිකරගෙන ඇත.
ස්විට්සර්ලන්තය, බෙල්ජියම, ඔස්ට්‍රියාව, හංගේරියාව සහ එක්සත් රාජධානියේ ගුවන් ගමන් බලපත්‍ර 2018 Global Passport Power Rank දර්ශකයට අනුව සිව්වන තැනට පත්ව ඇත්තේ visa-free ලකුණු 163 ක් ලබා ගැනීමෙනි.
2018 Global Passport Power Rank ගුවන් ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 5 වන ස්ථානය වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------