ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ සලසන ACT Occupation List හෙවත් ACT රැකියා ලැයිස්තුව ගණකාධිකාරී සහ තොරතුරු තාක්ෂණවේදීන් වැනි ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සඳහා පසුගිය ජුනි 29 වන දින පස්වරු 4 සිට වසා දැමුණි.
නමුත් ACT රැකියා ලැයිස්තුව එළඹෙන නොවැම්බර් 29 වන දින සිට යළි විවෘත කරන බව www.canberrayourfuture.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල ස්ථිර පදිංචිය ලබා ගත හැකි Skilled nominated migration - 190 වීසා හා පූර්ණ කාලීනව වසර 4 ක් සේවය කිරීමේ අවස්ථාව හිමිවන Skilled regional nominated migration - 489 වීසා වලට නිර්දේශිත ඇතැම් රැකියා ලැයිස්තු වල සහ ඒවාට බලපාන නීති වල යම් වෙනස්කම් පසුගිය කාල සමයේදී විටින් විට සිදු කෙරිණි.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා සැපිරිය යුතු අවශ්‍යතා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ක්‍රමිකව දැඩි කිරීම නිසා ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන බොහෝ ජාත්‍යන්තර සිසුන් ඒ සඳහා ඇති පහසුම මාවත ලෙස Australian Capital Territory (ACT) වෙත හෝ ටස්මේනියාව වෙත සංක්‍රමණය වීමේ වැඩි සම්භාවිතාවක් දක්නට ලැබුණි.
මේ හේතුවෙන් ACT රැකියා ලැයිස්තුවට එල්ලවන පීඩනය ක්‍රමයෙන් ඉහළ යන්නට විය.
ඒ අනුව ඉහළ ඉල්ලුමක් සහිත වෘත්තීන් සහ රැකියා සඳහා ACT රැකියා ලැයිස්තුවද වසා දැමීමට ACT ප්‍රාන්ත රජය පසුගිය ජුනි 29 වන දින තීරණය කළේය.

Source: www.canberrayourfuture.com.au
ACT 2018/19 සංක්‍රමණික වැඩසටහන
Australian Capital Territory 2018/19 සංක්‍රමණික වැඩසටහනට අනුව පුද්ගලයින් 800 කට ACT හි ස්ථාපිත වීමට ඉඩ සලසන බව www.canberrayourfuture.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
ACT හි ආර්ථික වර්ධනය උදෙසා මෙම ස්ථාපිත කිරීම් සිදු කෙරෙන බවත් ඒ සඳහා අදාළ පුද්ගලයින්ගේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය, ACT හි පදිංචිව සිටීමේ වගකීම මෙන්ම වෘත්තීමය ක්ෂේත්රය ද සලකා බැලේ.
ACT හි 190 වීසා සඳහා මේ වන විට ඉහළ ඉල්ලුමක් තිබෙන බැවින් ඉහළ ලකුණු මට්ටම් සහිත අයදුම්පත් සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙන අතරම first-in, first-served ක්‍රමය යටතේ අයදුම්පත් සලකා බැලෙන බවද පැවසේ.

Source: AAP
Australian Capital Territory රැකියා ලැයිස්තුවේ සිදුවූ වෙනස්කම්
ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් ඉකුත් ජුනි 29 වන දින පස්වරු 4 සිට Australian Capital Territory පහත සඳහන් වෙස්න්කම් බලාත්මක කෙරෙන බව ACT ආගමන කටයුතු සම්බන්ධ වෙබ් අඩවිය වාර්තා කළේය.
ඔබ කැන්බරා පදිංචිව සිටීනම්, ඔබේ නිර්දේශිත රැකියාව වත්මන් ACT Occupation List හෙවත් ACT රැකියා ලැයිස්තුවේ "open" යනුවෙන් පමණක් සඳහන්වී ඇතිනම් ඔබට ACT 190 nomination හෙවත් Australian Capital Territory හි Skilled nominated migration - 190 වීසා සඳහා අයදුම් කිරීමට හැකිවේ.
ඔබ කැන්බරා පදිංචිව සිටියත්, ඔබේ නිර්දේශිත රැකියාව වත්මන් ACT Occupation List හෙවත් ACT රැකියා ලැයිස්තුවේ "closed " යනුවෙන් සඳහන්වී ඇතිනම් ඔබට ACT 190 nomination හෙවත් Australian Capital Territory හි Skilled nominated migration - 190 වීසා සඳහා අයදුම් කිරීමට නොහැකිවේ.
කැන්බරා නුවර සමීප ඥාති සබඳකම් ඇති හෝ නැති විදේශීය අයදුම්කරුවන්ට ද ACT 190 nomination හෙවත් Australian Capital Territory හි Skilled nominated migration - 190 වීසා සඳහා අයදුම් කිරීමට නොහැකිවේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------