ඔස්ට්‍රේලියාවේ 2019/20 මුදල් වර්ෂය සඳහා වූ මධ්‍යම රජයේ අය වැය ඊයේ (02/04) රාත්රියේදී භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg විසින් ඉදිරිපත් කරන ලදී.
2019/20 අය වැය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජනතාවට බලපාන අයුරු මෙම ලිපියෙන් දැක්වෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg විසින් ඉදිරිපත් කළ මංගල අය වැය ලෙසද මෙය හැඳින්වේ.

Treasurer Josh Frydenberg Source: AAP
හිමිවීම්
අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් ලබන බදු ගෙවන්නන්
වාර්ෂික ආදායම $48,000 - $90,000 අතර ඇති පුද්ගලයින්ට ඩොලර් 1,080 ක බදු සහනයක් හිමිවීම.
2018/19 මුදල් වර්ෂයට අදාළ tax return එක හෙවත් බදු ප්‍රතිලාභය මේ වසරේදී යොමු කළ පසු මෙම ප්‍රතිලාභය අත්විඳිය හැකිය.
2018/19 මුදල් වර්ෂයේ සිට මිලියන 10 ක පමණ අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් ලබන සේවකයින් හට වසරකට ඩොලර් 530 ක නව බදු සහනයක් හිමිවන බව පසුගිය වසරේ අය වැයේදී ප්‍රකාශ කළ ද එම ඩොලර් 530 මෙවර ඩොලර් 1,080 දක්වා වැඩි කර තිබේ.
මෙම වාසිය මිලියන 10 කට අධික ඔස්ට්‍රේලියානුවාසීන් හට හිමිවන නමුත් සම්පූර්ණ මුදල් ප්‍රතිලාභය භුක්ති විඳිනුයේ මිලියන 4.5 ක් පමණ පිරිසකි.

Source: AAP
අභ්‍යාසලාභීන්ට (Apprentices)
අභ්යාසලාභිත්ව 80,000 ක ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 525 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරුණු අතර එමගින් එක් අභ්‍යාසලාභියෙකුට (Apprentice) ඩොලර් 2,000 ක දීමනාවක් හිමිවෙයි.
සුළු ව්‍යාපාර හිමියන්
සුළු පරිමාණ ව්‍යාපාර හිමියන් තම ව්‍යාපාරික දේපළ අත් හැර දැමීමක් සිදු කරනවානම් එම සීමාව ඩොලර් 25,000 සිට ඩොලර් 30,000 දක්වා වැඩි කිරීම.
එමෙන්ම වාර්ෂික පිරිවැටුම ඩොලර් මිලියන 50 ක් දක්වා වූ සමාගම් සඳහා මෙම ප්‍රතිලාභය අත්විඳිය හැකිය.

Use our calculator to see how this year's budget affects you Source: AAP
මගීන් සහ මහා මාර්ග
දස දහස් ගණන් මෝටර් රථ මාර්ග වලින් ඉවත් කර ඔවුන්ව පොදු ප්‍රවාහන සේවා භාවිතයට යොමු කරවීමට මගී මෝටර් රථ ගාල් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 500 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම.
එහිදී වික්ටෝරියා ප්‍රාන්තයට ඩොලර් මිලියන 68 ක්ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඩොලර් මිලියන 50 ක්ද දැනටමත් වෙන් කර තිබේ.
වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, ටස්මේනියා යන ප්‍රාන්ත වල මහා මාර්ග සංවර්ධනය කරමින් අන්තර් ප්‍රාන්ත භාණ්ඩ ප්‍රවාහන සේවාවන් දියුණු කිරීමටද මධ්‍යම රජය මෙවර ඇය වැයෙන් අපේක්ෂා කරයි.

Source: AAP
මානසික සෞඛ්‍ය ක්ෂේත්රය
නව Headspace මධ්‍යස්ථාන 30 ක් සහ ස්වදේශික තරුණ ප්‍රජාවට අමතර සහයක් ලබාදෙන වැඩසටහන් දියත් කිරීම මෙන්ම තරුණ පිරිස් වල මානසික සෞඛ්‍ය නගා සිටුවීමට සහ සිය දිවි නසා ගැනීම් වැළක්වීමේ උපායමාර්ග සඳහා ඩොලර් මිලියන 461 ක් වෙන් කිරීම.
ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
නව home care පැකේජ 10,000 කට සහ residential care සඳහා අමතර මුල්‍ය සහයක් ලබාදීමට මෙවර අය වැයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පොරොන්දු විය.
Carers හෙවත් රැකබලාගන්නන්
තමන්ගේ ආදරණීයන් සුරක්ෂිත රැක බලගන්නන් හට බාරදී විවේකයක් ගැනීම උදෙසා Carer ක්ෂේත්රයට ඩොලර් මිලියන 84 ක මුදලක් වෙන් කිරීම.

Source: AAP
අහිමිවීම්
සරණාගතයින්
ඔස්ට්‍රේලියාවට පැමිණි නව සරණාගතයින්ට සේවා වියුක්ති සේවාවන් වල (unemployment services) සහය ලබාගැනීමට මාස 12ක කාලයක් බලා සිටිය යුතුය.
මේ හරහා වසර 4ක් පුරාවට ඩොලර් මිලියන 77 ක් මධ්‍යම රජයට ඉතිරි වේ.
සංක්‍රමණිකයින්
2019/20 මුල්‍ය වර්ෂයේ සිට ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 සිට160,000 දක්වා කප්පාදු කිරීම.
160,000 ක් වූ ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාවෙන් 108,682 ක්ම හිමිව ඇත්තේ Skill stream ඛාණ්ඩයටය.
family stream ඛාණ්ඩයට 47,732 කෝටාවක් වෙන් කර තිබේ.
වාර්ෂික සංක්‍රමණික කෝටාවෙන් දරුවන්ට 3,586 ක්ද වෙන් කර තිබීම විශේෂත්වයකි.
සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ස්ථාපිත කිරීමට උනන්දු කරවීමේ වැඩසටහන නව මුල්‍ය වර්ෂයේදී ආරම්භ වන අතර ඉදිරි වසර 5 ඇතුළත ඒ සඳහා ඩොලර් මිලියන 50 ක පිරිවැයක් දැරීමට නියමිතය.
අයවැයෙන් තීන්දුවුණු වීසා වෙනස්කම්
2019 වසරේ නොවැම්බර් මාසයේ සිට නව Regional Visa ප්‍රධාන ඛාණ්ඩ 2 ක් ක්‍රියාත්මක කෙරේ.
මෙම නව Regional Visa හිමිවූවන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල වාසය කළ යුතු අතරම එම කලාප වල සේවය කළ යුතුද වේ.
වසර 5 ක් දක්වා වූ වලංගු කාලයකට මෙම වීසා හිමිවනු ඇත.
එමෙන්ම මෙම නව Regional Visa හිමි පුද්ගලයින්ට අවශ්‍ය සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කළ හැකිය.
2019 ජූලි 01 වන සිට ඔස්ට්‍රේලියාවේ සෑම වීසා උප ඛාණ්ඩයකම වීසා ගාස්තු 5.4% කින් ඉහළ නැංවීමට තීරණය කළ අතර ඒ හරහා ඉදිරි වසර 4 ඇතුළත ඩොලර් මිලියන 275 ක මුදලක් ඉපයීමට අපේක්ෂා කෙරේ.
skilled migration points test ක්‍රමය අයදුම්කරුවන්ට වැඩි වාසිදායී අයුරින් සකස් කිරීමට අපේක්ෂිත අතර අයදුම්කරුවන්ගේ සහකරුවන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අනුව එම වාසි වැඩි වෙයි.
2020 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන තරගකරුවන්ගේ සහ නිලධාරීන්ගේ වීසා අයදුම්පත් ගාස්තු අහෝසි කිරීමට තීරණය කෙරුණු අතර එම වියදම ඩොලර් මිලියන 1.3 ක් පමණ බව ගණන් බලා තිබේ.
ලබන වසරේ සිට ඉන්දුනීසියානු ජාතිකයින්ට පිරිනැමෙන work and holiday visa ප්‍රමාණය 2,500 සිට 5,000 දක්වා ඉහළ දමා තිබේ.

Source: AAP
සුබ සාධන දීමනා ලබන්නන්
සේවායෝජකත්වයේ ආදායම ස්වයංක්‍රීයව වාර්තා කරගනිමින් (automating the reporting of employment income) සුබ සාධන දීමනා වලින් අමතර ඩොලර් බිලියන 2.1 ක් ඉතිරි කරගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.
විදෙස් පුහුණුව ලැබූ පවුලේ වෛද්‍යවරුන් (Overseas trained GPs)
ඉදිරි වසර 4 ඇතුළත ඔස්ට්‍රේලියාවට බාරගන්නා විදෙස් පුහුණුව ලැබූ වෛද්‍යවරුන් ප්‍රමාණය වසරකට 200 දක්වා පහත දැමීමට පසුගිය වසරේ අය වැයෙන් තීරණය කළ අතර මෙවර අය වැයේදී එය 155 දක්වා තවත් අඩු කර තිබේ.
මෙමගින් ඉදිරි වසර 4 ක කාලයකට රජයට ඩොලර් මිලියන 300 ක් ඉතිරි වන බවද වාර්තා වේ.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------