ඔස්ට්‍රේලියාවේ ආර්ථික හා සාමාජීය සංවර්ධනය සඳහා විවිධ නිපුණතා සහිත වෘත්තීන් වාර්ෂිකව ඉදිරිපත් කෙරේ.
මෙම වෘත්තීන් හඳුනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජාතික නිපුණතා කොමිෂන් සභාව, ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මෙන්ම ඔස්ට්‍රේලියාවේ ස්වදේශකටයුතු හා රැකියා දෙපාර්තමේන්තු වලට සම්බන්ධ රාජ්‍ය ආයතන එක්ව කටයුතු කරයි.
Highlights
- ජාතික නිපුණතා කොමිෂන් සභාව විසින් නැගී එන වෘත්තීන් 25 ක් හඳුනාගෙන තිබේ.
- ඔස්ට්‍රේලියාවට වර්තමානයේ අත්‍යවශ්‍ය යයි පෙනී යන නිපුණතා දෙස අවධානය යොමු කර මෙම නැගී එන වෘත්තීන් හඳුනාගෙන ඇත.
- මෙම වෘත්තීන් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික නිපුණතා රැකියා ලැයිස්තුවට ද ඇතුළත්වීමේ වැඩි ඉඩක් ඇති බව සඳහන්.
ජාතික නිපුණතා කොමිෂන් සභාව විසින් නැගී එන වෘත්තීන් 25 ක් හඳුනාගනී
ඉහත සඳහන් කළ වාර්ෂික විමර්ශනය හා සමීක්ෂණ හරහා ඔස්ට්‍රේලියාවේ ජාතික නිපුණතා කොමිෂන් සභාව විසින් ඔස්ට්‍රේලියාවේ නැගී එන වෘත්තීන් 25 ක් හඳුනාගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවට වර්තමානයේ අත්‍යවශ්‍ය යයි පෙනී යන නිපුණතා හෙවත් කුසලතා දෙස අවධානය යොමු කර මෙම නැගී එන වෘත්තීන් හඳුනාගැනීමට ජාතික නිපුණතා කොමිෂන් සභාව කටයුතු කර ඇත.
ඔස්ට්‍රේලියානු රැකියා වෙළඳ දැන්වීම්වල මෙම කුසලතා පිළිබඳ නිතර සඳහන් වන බවද ඔවුහු පවසති.
විශේෂයෙන්ම කොරෝනා වසංගතයෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු ආර්ථිකය මෙන්ම රැකියා වෙළෙඳපොළ ද සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

Large Group of Diverse People with Different Occupations Source: Getty Images
ජාතික නිපුණතා කොමිෂන් සභාව විසින් හඳුනාගත් නැගී එන වෘත්තීන් 25
ඔස්ට්‍රේලියාවේ ජාතික නිපුණතා කොමිෂන් සභාව විසින් හඳුනාගත් නැගී එන වෘත්තීන් 25 විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දිවයන අතර ඒවා පහත පරිදි වේ.
- Data Analysts
- Data Scientists
- Data Engineers
- Data Architects
- Pricing Analysts
- Agile Coaches
- Devops Engineers
- Logistics Analysts
- Biostatisticians
- Nurse Liaisons
- Respiratory Therapists
- Digital Marketing Analysts
- Social Media Specialists
- User Experience Analysts
- Fundraisers
- Researchers
- Research Assistants
- Risk Analysts
- Regulatory Affairs Specialists
- Energy Auditors
- Compensation and Benefits Analysts
- Solar Installers
- Energy Efficiency Engineers
- Wind Turbine Technicians
- Hazardous Materials Labourers
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික නිපුණතා රැකියා ලැයිස්තුවට ද ඇතුළත්වීමේ වැඩි ඉඩක්
ඉහත නැගී එන රැකියා/ වෘත්තීන් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික නිපුණතා රැකියා ලැයිස්තුවට ද ඇතුළත්වීමේ වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2021/22 නව මුල්‍ය වර්ෂය සඳහා නුදුරේදීම නිකුත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියාවේ වාර්ෂික නිපුණතා රැකියා ලැයිස්තුවට මෙම වෘත්තීන් සියල්ලම හෝ කොටසක් හෝ ඇතුළත් කිරීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික නිපුණතා රැකියා ලැයිස්තුව සෑම නව මුල්‍ය වර්ෂයකදීම පළමු හෝ දෙවැනි මාස වන විට එනම් ජූලි හෝ අගෝස්තු වන විට එළිදැක්වේ.