ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිය ගණනක් රියදුරන්ගේ රියදුරු බලපත්‍ර වැරදි ලෙස අත් හිටුවීම් සම්බන්ධ පුවතක් වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග සග රිය ධාවනය පිළිබඳ දඩ මුදල් සහ රියදුරු බලපත්‍ර අත් හිටුවීම් සම්බන්ධ කටයුතු කරන Fines Victoria වලට එරෙහිව සියගණනක් පැමිණිලි ලැබී ඇති බව වික්ටෝරියා ප්‍රාන්තයේ ඔම්බුඩ්ස්මන්වරිය පවසයි.

Money for a traffic infringement. Not a real document. Source: Getty Images Source: Getty Images
වැරදි දඩ සහ රියදුරු බලපත්‍ර අත් හිටුවීම්
වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරු වැරදි සම්බන්ධ දඩ සහ රියදුරු බලපත්‍ර අත් හිටුවීම් පිළිබඳ වගකීම් දරන සහ ඒ පිළිබඳ කටයුතු කරන ආයතනය ලෙස Fines Victoria ආයතනය හැඳින්වේ.
නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති මහජනයාගෙන් වැඩිපුරම පැමිණිලි එල්ල වන තුන්වන ආයතනය ලෙස Fines Victoria ආයතනය හැඳින්වෙන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ හරහා දඩ සහ රියදුරු බලපත්‍ර අත් හිටුවීම් සිදුකිරීමේදී විශාල ලෙස වැරදි රාශියක් සිදුව ඇති බවට තම කාර්යාලයට පැමිණිලි සිය ගණනක් ලැබී ඇතැයි වික්ටෝරියා ප්‍රාන්තයේ ඔම්බුඩ්ස්මන්වරිය වන Deborah Glass පවසයි.
මේ තත්ත්වය හමුවේ Fines Victoria ආයතනයේ මෙහෙයුම් කටයුතු සැහීමකට පත් නොවන තත්ත්වයක ඇති බව ඇය පෙන්වා දෙයි.

Victorian Ombudsman Deborah Glass Source: AAP
මිය ගිය පුද්ගලයින්ටත් දඩ
මාස කිහිපයකට පෙර මිය ගිය කුලී රථ රියදුරෙකු ලෙස සේවය කළ තම පුතණුවන්ට තවමත් දඩ ලැබෙමින් පවතින බවට වික්ටෝරියා ප්‍රාන්තයේ පියෙකු ඔම්බුඩ්ස්මන් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තමන් තම මියගිය පුතණුවන්ගේ මරණ සහතිකය Fines Victoria ආයතනයට ඉදිරිපත් කළ පසුවද ඔවුන් දිගින් දිගටම දඩ සම්බන්ධ ලිපි එවන බවත් එය මහත්වූ මානසික පීඩනයක් ගෙන දෙන සිදුවීමක් බවත් එම පියා පවසා තිබේ.
මේ අතර තවත් කුලී රථ රියදුරෙකු තමන් නොකළ වැරදි වලට දඩ නියම කර ඇති බව මාස ගණනාවකට පසුව හෙළිදරව් වී තිබෙන අතර එනිසාම මාසයක් පුරාවට ඔහුට වැටුප් ද අහිමිවී තිබුණි.

Source: SBS
පැමිණිලි සහ චෝදනා
වික්ටෝරියානු ප්‍රාන්තයේ වැරදි රියදුරු දඩ සහ රියදුරු බලපත්‍ර අත් හිටුවීම් පිළිබඳ පැමිණලි 600 කට වඩා ඔම්බුඩ්ස්මන් කාර්යාලයට ලැබී ඇතැයි වාර්තා වේ.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ට්‍රැෆික් කැමරා වලින් හසුකරගත් වැරදි සඳහා නිර්දේශ ලක්ෂ 2ක් පමණ මේ වන විට ගොඩගැසී ඇති බවද වාර්තා වේ.
මීට පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග වැරදි සහ රියදුරු වැරදි සම්බන්ධව කටයුතු කරනු ලැබුවේ Civil Compliance Victoria ආයතනය වන නමුත් 2017 වසරේ අගභාගයේ පටන් Fines Victoria ආයතනය එය ප්‍රතිස්ථාපනය කරමින් එම වගකීම බාරගත්තේය.
නමුත් එතැන් පටන් මාර්ග වැරදි සහ රියදුරු වැරදි සම්බන්ධව පනවන දඩ සහ රියදුරු බලපත්‍ර අත්හිටුවීම් සම්බන්ධව එම ආයතනයට එර්ටෙහිව පැමිණෙන පැමිණලි සහ චෝදනා ප්‍රමාණය බරපතල ලෙස ඉහළ ගිය බව ඔම්බුඩ්ස්මන් කාර්යාලය පෙන්වා දෙයි.
Civil Compliance Victoria ආයතනය පැවති සමයට සාපේක්ෂව Fines Victoria ආයතනය වෙත ලැබුණු එම පැමිණිලි 74% කින් වැඩිවී ඇතිබව සඳහන්.
මේ නිසාම 2018 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ තුන්වන වැඩිම මහජන පැමිණලි සහ චෝදනා ලද රාජ්‍ය ආයතනය ලෙස Fines Victoria ආයතනය නම් දරා ඇති බව වික්ටෝරියා ප්‍රාන්තයේ ඔම්බුඩ්ස්මන්වරිය වන Deborah Glass පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------