මෙල්බර්න් නුවර ට්‍රෑම් රථ සූර්ය බලයෙන් ධාවනය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව සමස්ත මෙල්බර්න් ට්‍රෑම් පද්ධතියම ක්‍රියා කිරීමට සූර්ය බලය උපයෝගී කරගැනීම මෙම නව ව්‍යාපෘතිය හරහා සිදු කෙරෙනු ඇත.

Source: AAP
මෙල්බර්න් ට්‍රෑම් සහ සූර්ය බලය
මෙල්බර්න් නුවර ට්‍රෑම් රථ සූර්ය බලයෙන් ධාවනය කිරීමට ප්‍රබල පිටිවහලක් වී ඇත්තේ වික්ටෝරියානු ප්‍රාන්තයේ අලුතින් විවෘත කළ සූර්ය බලශක්ති මධ්‍යස්ථානය (Solar Farm) නිසාවෙනි.
Numurkah Solar Farm නැමති මෙම සූර්ය බලශක්ති මධ්‍යස්ථානය පසුගිය ජූලි 19 වන දින විවෘත කෙරිණි.
මෙලෙස සූර්ය බලශක්තිය යොදාගැනීමෙන් මෙල්බර්න් නුවර ට්‍රෑම් රථ වලින් විමෝචනය කෙරෙන කාබන් ප්‍රතිශතය බින්දුව බවට පත් කිරීමට හැකියාව ලැබෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
මේ වන විට මෙල්බර්න් නුවර ට්‍රෑම් රථ 400 ක් පමණ දෛනිකව ධාවනය කෙරෙන අතර ඒ සියලුම ට්‍රෑම් ධාවනය සඳහා සූර්ය බලශක්තිය යොදාගැනීමෙන් සැලකිය යුතු කාබන් විමෝචනයක් කප්පාදු කරගැනීමට හැකිවන බව ද ඔවුන් පෙන්වා දෙයි.

Source: AAP
Numurkah Solar Farm
Numurkah සූර්ය බලශක්ති මධ්‍යස්ථානය හරහා වාර්ෂිකව මෙගාවොට් 255,000 ක බලශක්තියක් නිපදවීමට නියමිතය.
ඩොලර් මිලියන 198 ක පිරිවැයකින් යුක්ත මෙම සූර්ය බලශක්ති මධ්‍යස්ථානයේ photovoltaic මාදිලියේ සූර්ය පැනල 373,839 ක් ස්ථාපිත කර ඇති බවත් ඒවා හෙක්ටයාර 515 ක භූමි ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇති බවත් වාර්තා වේ.
මෙය වික්ටෝරියානු ප්‍රාන්තයේ විශාලතම සූර්ය බලශක්ති මධ්‍යස්ථානය ලෙසද හැඳින්වේ.
මෙම නව සූර්ය බලශක්ති මධ්‍යස්ථානය නිසා අවම වන කාබන් විමෝචනය අලුතින් ගස් 390,000 සිටුවීමට හෝ ධාවනයෙන් මෝටර් රථ 75,000 ක් ඉවත් කිරීමට සමාන වන බව මෙල්බර්න් timeout වෙබ් අඩවිය වාර්තා කරයි.
වසර 2030 වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ 50% ක බලශක්තිය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් නිෂ්පාදනය කිරීමට වත්මන් වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

Source: SBS
මෙල්බර්න් ට්‍රෑම් පද්ධතිය
මෙල්බර්න් ට්‍රෑම් පද්ධතිය ලොව විශාලතම ට්‍රෑම් පද්ධතියට හිමිකම් කියනු ලබයි.
කිලෝ මීටර් 250 කට අධික දුරක් දක්වා විහිදෙන මෙල්බර්න් ට්‍රෑම් පද්ධතියට මේ වන විට ට්‍රෑම් මාර්ග 25 ක් අයත්වෙයි.
එම මාර්ග වල ට්‍රෑම් නැවතුම් ස්ථාන 1763 ක් ඇති බවද වාර්තා වේ.
ලොව දෙවැනි හා තෙවැනි විශාලතම ට්‍රෑම් පද්ධතියට හිමිකම් කියනුයේ පිළිවෙලින් රුසියාවේ Moscow නුවර සහ Saint Petersburg නුවරය.
වසරකට සාමාන්‍යයෙන් ට්‍රෑම් හරහා මිලියන 200 ක පමණ ගමන් වාර සිදුකෙරෙන බවද සඳහන්.

Source: SBS
Read & Watch More

ඔස්ට්‍රේලියාවේ partner visa සම්බන්ධ නීති දැඩි කිරීමට ඉල්ලීමක්. (SBS සිංහල/වාර්තා)