මෙල්බර්න් සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ වල පිහිටි දුම්රිය ස්ථාන වලට අදාළ රථ ගාල් සඳහා අලුතින් වාහන නැවත්වීමට හැකි ස්ථාන 11,000 ක් ඉදි කරන බවට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පොරොන්දුවී තිබේ.
එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයෙන් අනතුරුව දැනට පවතින කම්කරු පක්ෂ රජය නැවත තේරී පත් වුවහොත් මෙලෙස වික්ටෝරියානු ප්‍රාන්තය පුරාවට ඇති දුම්රිය ස්ථාන රථ ගාල් සඳහා අලුතින් වාහන නැවත්වීමට හැකි ස්ථාන ඉදි කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම පොරොන්දුව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් පසුගියදා Dandenong දුම්රිය ස්ථාන රථ ගාල සඳහා අලුතින් වාහන නැවත්වීමට හැකි ස්ථාන 150 ක් ඉදි කිරීමට යෝජනා කරමින් මෙම පොරොන්දුව ලබා දෙන ලදී.

Source: SBS
නව ව්‍යාපෘතිය
වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසන පරිදි මේ සඳහා ඩොලර් මිලියන 150 ක් පමණ වැය වන අතර වාහන නැවත්වීමට හැකි එක් ස්ථානයක් සඳහා (per space) ඩොලර් 13,600 ක් වැයවනු ඇතැයි ගණන් බලා තිබේ.
එමෙන්ම Cranbourne, Lynbrook සහ Pakenham යන දුම්රිය ස්ථාන රථ ගාල් සඳහාද අලුතින් වාහන නැවත්වීමට හැකි ස්ථාන ඉදිකිරීමට අපේක්ෂිතය.
බොහෝවිට මෙම රථ ගාල් තට්ටු ක්‍රමයකින් සමන්විත වන පරිදි ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

Melbourne Airport Source: MELBOURNE AIRPORT
Melbourne Airport rail link
මේ අතරේ මෙල්බර්න් ගුවන්තොටුපොළ වෙත ඉදි කිරීමට අපේක්ෂිත Melbourne Airport rail link හෙවත් මෙල්බර්න් ගුවන්තොටුපොළ දුම්රිය මාර්ගය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඩොලර් බිලියන 5 ක මුල්‍ය ප්‍රතිපාදන පිරිනමන බව පසුගිය අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පොරොන්දු විය.
මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ලෙස ඩොලර් බිලියන 15 ක් වැයවන බවට ඇස්තමේන්තු ගත කර තිබේ.
මෙල්බන් ගුවන්තොටුපොළ වසරකට ගුවන් මගීන්ගේ ගුවන් ගමන් මිලියන 28 කට සේවා සපයන අතර ඉදිරි වසර 20 තුළ එම ප්‍රමාණය දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එනිසාම එලෙස ඉහළ යන ගුවන් මගීන් සංඛ්‍යාවට මෙල්බන් ගුවන් තොටුපොළ වෙත අපහසුතාවකින් තොරව ළඟා වීමට ඉඩ පහසුව සැලසීමට මෙලෙස Melbourne Airport rail link හෙවත් හෙවත් මෙල්බන් ගුවන්තොටුපොළ දුම්රිය මාර්ගය ඉදි කිරීමට අපේක්ෂා කෙරේ.
සාමන්‍ය සතියේ දිනක මෙල්බන් ගුවන් තොටුපොළ මගී ගුවන් ගමන් 107,000 කට සේවා සපයන බවද වාර්තා වේ.
මීට අමතරව මෙල්බන් ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටව යන වාහන වලින් 75%ක් පමණ භාවිත කරනුයේ Tullamarine Freeway මාර්ගය බවද සඳහන්.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------