විදේශ ගමන් බලපත්‍ර වල බලවත්කම මනිනු ලබන ලොව ප්‍රධාන දර්ශක දෙකින් එකක් වන Global Passport Power Rank හි නවතම ශ්‍රේණිගත කිරීම අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍රය ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස මෙවර තේරී පත්වී තිබේ.
විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍රයක් අංක එකේ ස්ථානයට පත්වූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය හැඳින්වේ.
විදේශ ගමන් බලපත්‍ර වල බලවත්කම මනිනු ලබන ලොව අනෙක් ප්‍රධාන දර්ශකය ලෙස Henley Passport Index හැඳින්වේ.

Source: www.passportindex.org
Global Passport Power Rank
Global Passport Power Rank දර්ශකය නිර්මාණය වී ඇත්තේ visa-free හෙවත් වීසා නොමැතිව යා හැකි රටවල් සංඛ්‍යාව සහ visa on arrival රටවල් ප්‍රමාණය මත ලබා දෙන ලකුණු ප්‍රමාණය මතය.
එම ඛාණ්ඩ ද්විත්වයේ ලකුණු වල එකතුවෙන් ඉහළම ලකුණු ලබා ගන්නා විදෙස් ගමන් බලපත්‍ර ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍ර ලෙස Global Passport Power Rank දර්ශකයට අනුව නිවේදනය කරයි.

Source: AAP
නවතම Global Passport Power Rank දර්ශකය
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍රය ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස මෙවර Global Passport Power Rank දර්ශකයට අනුව තේරී පත්ව ඇත.
එය ලබා ඇති මුළු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 167 කි.
රටවල් 113 කට වීසා නොමැතිවද රටවල් 54 කට visa on arrival කොන්දේසිය මතද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍රය හිමි පුද්ගලයින්ට යා හැකිවීම හේතුවෙන් එය මෙවර අංක එක බවට පත්ව තිබේ.
මෙම ඓතිහාසික ජයග්‍රහණය සැමරීම උදෙසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍ර වල ඡායාරූප වලින් සහ අංක 1 යොදා ප්රක්ෂේපනය කළ වර්ණවත් වීඩියෝකාරණයකින් ඩුබායි හි Burj Khalifa ගොඩනැගිල්ල වර්ණවත් කිරීමට එක්සත් අරාබි එමීර් බලධාරීන් කටයතු කර තිබුණි.
ගියවර මෙහි පළමු ස්ථානය දිනාගත් සිංගප්පූරු විදෙස් ගමන් බලපත්‍රය මෙවර ලකුණු 166 ක් ලබා දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
සිංගප්පූරු ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව රටවල් 127 කට යාමට හැකි අතර රටවල් 39 කට visa on arrival මගින් ගමන් කළ හැකිය.
ජර්මනියද මෙවර Global Passport Power Rank දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 166 ක් ලබා ගනිමිනි.
තුන්වන ස්ථානයට ඩෙන්මාර්කය, ස්වීඩනය, ෆින්ලන්තය, ලක්ෂම්බර්ග්, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, නෝර්වේ, දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල විදෙස් ගමන් බලපත්‍ර පත්ව තිබේ.

Source: www.passportindex.org
ඔස්ට්‍රේලියාවට හිමි තැන?
2018 Global Passport Power Rank විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 6 වන ස්ථානය වන අතර ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයේ visa-free ලකුණු ප්‍රමාණය 162 කි.
එනම් ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව රටවල් 109 කට ගමන් කළ හැකි අතර visa on arrival රටවල් ප්‍රමාණය 53 කි.

Source: www.passportindex.org
ශ්‍රී ලංකාවට කී වෙනි තැනද ?
2018 Global Passport Power Rank විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රයට 85 වන ස්ථානය හිමිව තිබේ.
පසුගිය වර මෙම දර්ශකයේ ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය 81 වන ස්ථානයේ පසුවිය.
මෙවර ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය 85 වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ visa-free ලකුණු 45 ක් ලබා ගනිමිනි.
ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව යා හැකි රටවල් ප්‍රමාණය 16 ක් සහ visa on arrival රටවල් ප්‍රමාණය 29 ක් ලෙස මෙහිදී දැක්වේ.
--------------------------------------------------------------------------------------------------------

Source: www.passportindex.org
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------