මෙල්බන් නුවර ට්‍රෑම් රථ, පදිකයින් සහ රථ වාහන සමග මුහුණ දෙන අනතුරු වළක්වා ගැනීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීමට සූදානම් වන බව වාර්තා වේ.
මේ අනුව මෙල්බන් නුවර E-Class වර්ගයේ ට්‍රෑම් රථ නිෂ්පාදක සමාගම වන Bombardier සමාගම මේ පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත රජයත් සමග සාකච්ඡා සිදු කරමින් පවතින බව The Age පුවත්පත වාර්තා කරයි.
පසුගිය පස් වසර ඇතුළත මෙල්බන් නුවර ට්‍රෑම් රථ, පදිකයින් සහ රථ වාහන සමග මුහුණ දුන් අනතුරු සංඛ්‍යාවේ ඉහළ නැගීමක් සිදුව ඇතැයි සමීක්ෂණ දත්ත අනාවරණය කිරීමත් සමග මේ සම්බන්ධ අවධානය යොමුව තිබේ.

Source: AAP
බාධක හඳුනාගැනීමේ නව පද්ධතිය
මෙල්බන් නුවර ට්‍රෑම් රථ සඳහා Bombardier විසින් හඳුන්වා දීමට අපේක්ෂිත මෙම නව බාධක හඳුනාගැනීමේ පද්ධතිය මගින් අදාළ ට්‍රෑම් රථයත් සමග යම් වස්තුවක් ගැටීමට යාමේදී ඒ පිළිබඳ පෙරාතුව ට්‍රෑම් රථයේ රියදුරුට දැනුම් දීමක් සිදු කරයි.
මේ මගින් ට්‍රෑම් රථ අනතුරු අවම කරගැනීමට හැකියාවක් පවතින බව වාර්තා වේ.
මෙම තාක්ෂණය යුරෝපයේ ට්‍රෑම් ධාවනය කෙරෙන ප්‍රධාන නගර 4 ක් වන Frankfurt, Marseille, Berlin සහ Cologne නගරවල දැනටමත් ස්ථාපිත කර තිබේ.
එමන්ම Zurich, Brussels සහ Duisburg යන නගර වල ද මෙම ආරක්‍ෂිත තාක්ෂණය ලබන වසරේදී ස්ථාපිත කිරීමට නියමිත බවද The Age පුවත්පත වාර්තා කරයි.![]()
නවීන තාක්ෂණික මෘදුකාංගය
මෙල්බන් නුවර ට්‍රෑම් රථ සඳහා Bombardier විසින් හඳුන්වා දීමට අපේක්ෂිත මෙම නව බාධක හඳුනාගැනීමේ පද්ධතිය මෘදුකාංගයකින් මෙහෙයවන බව සඳහන්.
ඊට අමතරව ඒ හා බැඳුනු උපකරණ කට්ටලයට ඩිජිටල් කැමරාවක්ද අඩංගු වන බව සඳහන්.
ඒ අනුව එම කැමරාව මගින් අදාළ බාධකය හඳුනාගෙන සැනින් ඒ පිළිබඳ අනතුරු ඇඟවීමක් අදාළ ට්‍රෑම් රියදුරු වෙත ලබා දෙන බව කැනඩාවේ ස්ථාපිත Bombardier සමාගමේ සභාපති Laurent Troger, The Age පුවත්පතට පැවසීය.
එමෙන්ම මෙය පහසුවෙන්ම නවීන ට්‍රෑම් රථ වලට මෙන්ම පැරණි ට්‍රෑම් රථ වලටද ස්ථාපනය කිරීමට හැකි බවත් ඔහු පැවසීය.
"මෙම තාක්ෂණය දැනටමත් ලෝකයේ නගර 4 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වෙනවා. අපි ඒවායේ ප්‍රතිචාර ලබා ගනිමින් සිටිනවා. එනිසා මෙය අලුත්ම තාක්ෂණයක් නෙමෙයි. මෙය දැන් වසර 2 කට වඩා පැරණියි." යනුවෙන් Bombardier සමාගමේ සභාපති Laurent Troger වැඩි දුරටත් පැහැදිලි කළේය.
මෙලෙස ට්‍රෑම් අනතුරු අවම කරගැනීමෙන් ට්‍රෑම් ගමන් නියමිත වේලාවට ධාවනය කිරීමේ ඉහළ හැකියාවක් පවතින බවද එමගින් කාර්යක්‍ෂම ගමනා ගමන සේවාවක් දායක කිරීමට හැකියාවක් ලැබෙන බවද ඔහු පැහැදිලි කළේය.

Source: Wikipedia
මෙල්බන් ට්‍රෑම් අනතුරු
මාර්ගයේ ගමන් කරන වාහන සහ පදිකයින් සමග මෙල්බන් ට්‍රෑම් රථ ගැටුණු අවස්ථා ප්‍රමාණය පසුගිය පස් වසර තුළ ඉහළම අගයක් පෙන්වූ බව Transport Safety Victoria දත්ත පෙන්වා දෙයි.
ඊට අමතරව ට්‍රෑම් රථ වලින් පදිකයින් වැටීම් සහ ලිස්සා යාම් එම කාලය තුළ 140% කින් පමණ වැඩිවී ඇති බවද වාර්තා වේ.
මෙල්බන් නුවර ට්‍රෑම් රථ අනතුරු වලින් 70% කට අධික ප්‍රමාණයක් සිදුව ඇත්තේ මාර්ගයේ ධාවනය වන වාහන, ට්‍රෑම් මාර්ගය හරහා හැරවීමට යාමේදී හෝ ට්‍රෑම් මාර්ගයේ ගමන් කරමින් සිටියදී බව අනාවරණය වී තිබේ.
මෙල්බන් නුවර බොහෝ ට්‍රෑම් මාර්ග ඇතැම් ස්ථාන වලදී මහා මාර්ගය ඔස්සේ වැටී තිබෙන බැවින් මේ ගැටලුව ඇතිව ඇත.
Bombardier සමාගමට ට්‍රෑම් රථ නිෂ්පාදනය සඳහා Dandenong ප්‍රදේශයේ නිෂ්පාදන කම්හලක් ඇති අතර එහිදී මෙල්බන් නුවර E-Class ට්‍රෑම් රථ සහ V/Line දුම්රිය මැදිරි නිෂ්පාදනය කරයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------