ඔස්ට්‍රේලියානු වාසීන් බහුතරයක් තම සේවා ස්ථාන සඳහා කිලෝ මීටර් 20 කට අඩු දුරක් ගමන් කරන අතර 14% ක ප්‍රතිශතයක් පමණක් පොදු ප්‍රවාහන සේවා උපයෝගී කරගන්නා බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
තම සේවා ස්ථාන සඳහා ඔස්ට්‍රේලියානු වාසීන් ගමන් කරන දුර ප්‍රමාණයේ සාමන්‍යය අගය කිලෝ මීටර් 16 ක් බව ගණන් බලා තිබෙන අතර අඩු සහ ඉහළ ආදායම් ලාභීන් තම සේවා ස්ථාන සඳහා දිගු දුරක් ගමන් කරන බවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත පෙන්වා දෙයි.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
2016 වසරේ පැවති සංගණනයේ දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ මිලියන 9.2 ක් නිවසේ සිට තම සේවා ස්ථානයට ගමන් කරන අතර එයින් හතරෙන් තුනක්ම කිලෝ මීටර් 20 ට වඩා අඩු දුර ප්‍රමාණයක් ගමන් කරන බවද සඳහන්.
නිවෙස් වල සිට සේවා ස්ථාන වෙත 79% ක් ගමන් කරනුයේ පුද්ගලික වාහන වලින් බවද අනාවරණය වී ඇත.
තම සේවා ස්ථානයට ගමන් කිරීම පිණිස 14% ක ප්‍රතිශතයක් පොදු ප්‍රවාහන සේවා උපයෝගී කරගන්නා අතර 5.2% ක් පාපැදි භාවිතා කරන බව වාර්තා වේ.
සෙසු පිරිස තම රාජකාරී කටයුතු නිවසේ සිට සිදු කරන හෝ සේවයේ නියුතු නොවන ලෙස දැක්වේ.

Source: AAP
පොදු ප්‍රවාහනය සහ පුද්ගලික වාහන
සිඩ්නි වැසියන් අතර සේවා ස්ථාන සඳහා ගමන් කිරීමේ වඩාත් ජනප්‍රියම මාධ්‍යය පොදු ප්‍රවාහන සේවා බවත් එම ප්‍රතිශතය 27% ක් බවත් වාර්තා වේ.
නමුත් බ්‍රිස්බන්, ඇඩිලේඩ්, ACT සහ පර්ත් නගර වල 80% ක් පමණ තම සේවා ස්ථාන වලට වාහනයකින් ගමන් කරන බව හෙළිවී තිබේ.
එලෙස රිය ධාවනය කරන පිරිසෙන් 85% ක්ම තනිවම ගමන් ගන්නා බවද අනාවරණය වී ඇත.
තම සේවා ස්ථාන සඳහා දුම්රියෙන් ගමන් කරන පුද්ගලයින් දිනකට ගමන් කරනු ලබන සාමාන්‍ය දිගම දුර ප්‍රමාණය ලෙස කිලෝ මීටර් 22.5 දැක්වෙයි.
නමුත් පාපැදි වලින් හෝ පයින් ගමන් කරනු ලබන පුද්ගලයින් දිනකට ගමන් කරනු ලබන සාමාන්‍ය දිගම දුර ප්‍රමාණය කිලෝ මීටර් 6 ක් පමණ වන බවද සඳහන්.

Source: Flickr
සුදුසු ප්‍රවාහන මාධ්‍යය
තමන්ගේ සේවා ස්ථානය හා බැඳුනු දුර අනුව ඒ ඒ පුද්ගලයාගේ ප්‍රවාහන මාධ්‍යය තීරණය කෙරෙන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
"මෙල්බන් නගර මධ්‍යයේ හෝ ඊට ආසන්නයේ වෙසෙන පුද්ගලයින් තම සේවා ස්ථානයට පයින් යාම හෝ පාපැදියෙන් යාම බහුලව දකින්නට හැකි බවත් මෙල්බන් නගරයෙන් පිටත සිටින පුද්ගලයින් තම සේවා ස්ථාන සඳහා දුමරිය හෝ පුද්ගලික වාහන භාවිතා කිරීමත් මේ සඳහා උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. මේ තත්ත්වය සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර සෑම එකකම දකින්නට පුළුවන්." යනුවෙන් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පැහැදිලි කරයි.
ඔස්ට්‍රේලියාවේ පතල් ක්ෂේත්රයේ සේවය කරන පුද්ගලයින් දිනකට ගමන් කරන සාමාන්‍ය දුර ප්‍රමාණය කිලෝ මීටර් 40.3 ක් බවත් ඔස්ට්‍රේලියාවේ වැඩිම දුර ප්‍රමාණයක් සේවා ස්ථාන සඳහා ගමන් කරන්නේ ටස්මේනියාවේ බවත් අනාවරණය වී ඇත.
සේවා ස්ථාන සඳහා ටස්මේනියාවේ දිනකට ගමන් කරනු ලබන වැඩිම දුර ප්‍රමාණය කිලෝ මීටර් 60.3ක් බවද සඳහන්.
අවන්හල්, ආහාර පාන සහ වෙළෙඳ සැල් ක්ෂේත්‍ර වල නියුතු පුද්ගලයින් අඩුවෙන්ම ගමන් කරන උදවිය බව හෙළිවී ඇති අතර එම දුර ප්‍රමාණය කිලෝ මීටර් 11.4 ත් 12.9 ත් වන බව සඳහන්.

Source: AAP
සේවා ස්ථාන වෙත ඔස්ට්‍රේලියානු වාසීන් දෛනිකව ගමන් කරන අයුරු
- දිගම දුර ප්‍රමාණය - ක්වීන්ස්ලන්තය (16.4km)
- කෙටිම දුර ප්‍රමාණය - ACT (11.7km)
- සිඩ්නි, මෙල්බන් සහ බ්‍රිස්බන් සේවකයින් - 15.4km
- ට්‍රක් රථ සහ මෝටර් රථ භාවිතා කරන පුද්ගලයින් - 17-18km
- පයින් ගමන් කරන පුද්ගලයින් - 6.1km
- පාපැදියෙන් ගමන් කරන පුද්ගලයින් - 7.6km
- පිරිමි පුද්ගලයින් - 17.7km
- කාන්තාවන් - 14.2km
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------