ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ගමනා ගමන සේවා වල යෙදෙන මගීන් හට ඒ සඳහා අදාළ වන ගමන් ගාස්තු තම Android ජංගම දුරකතනයෙන් ගෙවීමට ඉදිරියේදී හැකිවන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ගමනා ගමන අමාත්‍යංශය ඊයේ (28/05) නිවේදනය කළේය.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ගමනාගමන කටයුතු සඳහා භාවිත කරනු ලබන Myki කාඩ්පත්, Android ජංගම දුරකතන වල virtual Myki කාඩ් පතක් ලෙස ඇතුළත් කරගනිමින් තම ගමනා ගමන කටයුතු සිදු කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට හැකියාව ලැබෙනු ඇත.

Source: Getty Images
පරීක්ෂණ කාලය
මෙසේ Myki කාඩ්පත Android ජංගම දුරකතන වලට ඇතුළු කර භාවිතා කිරීම එළි දැක්වීමට මත්තෙන් ඒ සඳහා පරීක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
ඒ අනුව එළඹෙන ජූලි මාසයේ සිට ලබන වසර මුල භාගය දක්වා මෙම පරීක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මේ සඳහා Android ජංගම දුරකතන භාවිතා කරනු ලබන 1,000 ක පිරිසක් සහභාගී කරගන්නා බව වාර්තා වන අතර ඒ අනුව ඔවුන්ට තම Myki කාඩ්පත තම දුරකතනය හරහා tap on සහ tap off කිරීමටද, Myki කාඩ්පතේ ශේෂය පිරික්සීමටද හැකි බව වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ගමනා ගමන සේවා ඇමතිනී Jacinta Allan පැවසුවාය.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මෙම පරීක්ෂණ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 2 - 3 ත් අතර පිරිවැයක් දැරීමට සිදුවන බවත් ප්‍රාන්ත රජය පවසයි.
එමෙන්ම දැනට මේ පහසුකම භාවිත කළ හැකිවන්නේ Android ජංගම දුරකතන සඳහා පමණක් බවත් ඉදිරියේදී සෙසු දුරකථන සඳහා ද මෙම පහසුකම ලබා දීමට අපේක්ෂා කරන බවත් සඳහන්.

Source: AAP
දැනට භාවිත කරන Myki කාඩ්පත් වලට කුමක් සිදුවේද?
ජංගම දුරකතන හරහා Myki කාඩ්පත් භාවිතා කිරීම ඇරඹුන ද දැනට භෞතික වශයෙන් භාවිතා කරන Myki කාඩ්පත් (physical Myki card) පද්ධතිය එලෙසම පවතින බවද වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ගමනා ගමන සේවා ඇමතිනී Jacinta Allan පැවසුවාය.
සැවොම මෙම නවීන තාක්ෂණය භාවිතා නොකිරීම ඊට හේතුව ලෙස ඇය පෙන්වා දුන්නාය.
මේ අතර පසුගිය වසරේ දී ඩොලර් මිලියන 700 කට වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක වන Myki කාඩ්පත් කොන්ත්‍රාත්තුව නැවත අලුත් කිරීමට ප්‍රාන්ත රජය කටයුතු කළ අතර එය වෙනස් නොවී 2023 වසර දක්වා ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.

Source: AAP
මෙම තාක්ෂණය භාවිත කරන ලොව අනෙකුත් නගර
වික්ටෝරියා ප්‍රාන්තය තුළ මෙම නව ක්‍රමය හඳුන්වා දීමට පෙර සිඩ්නි නුවර මේ ක්‍රමය පසුගිය මාර්තු මාසයේ හඳුන්වා දුන් අතර සිඩ්නි නුවර light rail පද්ධතිය සහ ෆෙරි ගමන් සේවා සඳහා මෙම ක්‍රමය භාවිතා කිරීමට හැකිවන බව සඳහන්.
ඊට අමතරව ටිකට් පතක් රහිතව දුරකතනය ඔස්සේ මෙවැනි ක්‍රමයක් භාවිතා කරමින් පොදු ගමනා ගමන සේවා භාවිතා කිරීමට හැකි ලොව අනෙකුත් නගර ලෙස හූස්ටන්, ඇතැම් තත්ත්ව මත ලන්ඩන් නුවර, චීනයේ ඇතැම් නගර සහ සිංගප්පූරුව දැක්විය හැකිය.

TfL Oyster app - London Source: Twitter
Myki කාඩ්පත් පද්ධතිය
Myki කාඩ්පත් පැමිණීමට පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ගමනා ගමන සේවා සඳහා භාවිතා වුයේ Metcard නමැති එක්වරක් පමණක් භාවිතා කළ හැකි කාඩ පතකි.
නමුත් එම ක්‍රමය වෙනුවට නැවත නැවත භාවිතා කළ හැකි Myki කාඩ්පත් ක්‍රමය 2008 වසරේ සිට හඳුන්වා දීම ඇරඹුණු අතර 2016 වසරේ දී එය මුළුමනින්ම වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක විය.
ඒ සඳහා වැයවුණු මුළු මුදල ඩොලර් බිලියන 1.5 ක් බව වාර්තා වේ.
මේ වන විට ක්‍රියාශීලී Myki කාඩ්පත් මිලියන 12 ක් පමණ භාවිතා වන අතර වසරකට ඩොලර් මිලියන 700 ක පමණ ගනුදෙනු සිදුවන බවද වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------

Old Metcard - Victoria Source: Wikimedia
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------