ඔස්ට්‍රේලියාව තුළ පවතින මාරාන්තික Takata airbags සහිත තවත් මෝටර් රථ මිලියන 1.1 ක් අනිවාර්යෙන් නැවත කැඳවීමට (compulsory recall) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඊයේ (27/05) තීරණය කළේය.
පසුගිය පෙබරවාරි 28 වන දින මෙම මාරාන්තික Takata airbags සහිත මෝටර් රථ මිලියන 3 කට ආසන්න සංඛ්‍යාවක් අනිවාර්යෙන් නැවත කැඳවීමට (compulsory recall) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළ අතර ඒ අනුව එම ලැයිස්තුවට අලුතින් තවත් මෝටර් රථ මිලියන 1.1 ක් එක්වී තිබේ.

Source: SBS
නැවත කැඳවූ අලුත්ම ලැයිස්තුව
Audi A5, Mercedes-Benz C-Class, Skoda Octavia, Ford Mondeo, Volkswagen Golf, Holden Cruze සහ Toyota Yaris යන මෝටර් රථ මාදිලි වල airbag ඉහළ අවදානම් තත්ත්වයක පවතින බැවින් ඒවා අනිවාර්යෙන් නැවත කැඳවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළ බව ඊයේ නිවේදනය කළේය.
මේ අනුව ඉහත මෝටර් රථ මාදිලි මීට පෙර ප්‍රකාශයට පත් කළ මාදිලි හා එක්වන අතර මේ සියලුම වාහන වල airbags 2020 දෙසැම්බර් 31 වන දිනට පෙරාතුව තම වාහනයේ airbag එක අනිවාර්යෙන් ප්‍රතිස්ථාපනය කළ යුතු බව Australian Competition and Consumer Commission හෙවත් ACCC ය පවසයි.

Source: AAP
නිමිත්ත
Alpha Takata airbags ප්‍රතිස්ථාපනය කිරීමේ අදාළ මෝටර් රථ නිෂ්පාදන සහ සේවා සැපයුම් ආයතන වල ප්‍රතිචාරය අසතුටුදායක මට්ටමේ පැවැතීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු රජය මේ තීරණය ගෙන තිබේ.
මෙය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ නිෂ්පාදනයක් නැවත කැඳවන දැවැන්තම අවස්ථාව වන අතර මීට පෙර පසුගිය වසරේ Takata airbags ප්‍රතිස්ථාපනය කිරීමට අදාළ මෝටර් රථ ස්වේච්ඡා කැඳවීමක් සිදු කරනු ලැබීය.
Takata airbags සහිත වාහන අනතුරට පත්වීමේදී ලොව පුරා මරණ 20 ක් පමණ සිදුව ඇති අතර පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේද එක් මරණයක් වාර්තා විය.
ඊට අමතරව Takata airbags හේතුවෙන් තුවාල ලැබූ සිදුවීම් 180 ක් ලොව පුරා මෙතෙක් වාර්තා වී තිබේ.

Source: AAP
නැවත කැඳවූ පැරණි ලැයිස්තුව
2018 පෙබරවාරි 28 වන දින ප්‍රකාශයට පත් කළ ආකාරයට ඔස්ට්‍රේලියාව තුළ පවතින Ford, GM Holden, Mercedes Benz, Tesla, Jaguar, Land Rover, Volkswagen, Audi, Skoda, BMW, Chevrolet, Chrysler, Dodge, Ferrari, GMC, Honda, Jeep, Lexus, Mazda, Mitsubishi, Nissan, Subaru, Toyota, Volvo සහ Hino Trucks යන මෝටර් රථ නිෂ්පාදන වර්ග වල airbags අනිවාර්යෙන් ප්‍රතිස්ථාපනය කළ යුතු වේ.
වර්තමාන තත්ත්වය
ඔස්ට්‍රේලියාව තුළ පවතින මාරාන්තික Takata airbags සහිත මෝටර් රථ මිලියන 2.8 ක් පසුගිය අප්‍රේල් වන විට අනිවාර්යෙන් නැවත කැඳවීමට (compulsory recall) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළ අතර එයින් මිලියන 1.9 ක මෝටර් රථ මේ වන විටත් සිය airbag ප්‍රතිස්ථාපනය කර ඇති බව Australian Competition and Consumer Commission හෙවත් ACCC ය පවසයි.
තවත් මෝටර් රථ ලක්ෂ 9 ක පමණ සංඛ්‍යාවක් සිය airbag ප්‍රතිස්ථාපනය කර ගැනීමට ඇති බවද ACCC ය පෙන්වා දෙයි.
ඊයේ (27/05) ප්‍රකාශයට පත් කළ නැවත කැඳවූ අලුත්ම ලැයිස්තුවේ මෝටර් රථ හිමියන්ට මෙම දැනුම් දීම විද්‍යුත් ලිපි, දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ මගින් දැනුම් දීමට ඉදිරියේදී කටයුතු කරන බව සහකාර භාණ්ඩාගාර අමාත්‍ය Michael Sukkar පවසයි.
"ඔබේ වාහනයත් මෙම ලැයිස්තුවේ ඇත්නම් වහාම ඔබගේ වාහනයේ airbag එක ප්‍රතිස්ථාපනය කරගන්න. නැතිනම් ඔබ සිදු කරන්නේ ඔබටත් සමාජයටත් විශාල අයහපතක්." යනුවෙන් සහකාර භාණ්ඩාගාර අමාත්‍ය Michael Sukkar වැඩිදුර පැහැදිලි කළේය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------