මේ වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය මේ වන විට ලක්ෂ 5 ඉක්මවා ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දත්ත පෙන්වා දෙයි.
ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය වසරක් තුළ කලින්ම මෙම අගයට ළඟා වූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද වාර්තා වන අතර පසුගිය වසරේ මෙම කාලයත් සමග සසඳන විට එය 12% ක ඉහළ යාමක් බවද සඳහන්.
ලොව පුරා රටවල් 190 කට අධික සංඛ්‍යාවකින් මේ වසරේ ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර සිසුන් 510,000 ක් පමණ මේ වන විටත් බාරගෙන ඇති බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසුවේය.
මෙම ලක්ෂ පහේ අගය පසුගිය වසර 5 පුරාවට ඔස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය 54% කින් වැඩි වීමක් නියෝජනය කරයි.
අදාළ සිසුන් උසස් අධ්‍යාපන, වෘත්තීමය අධ්‍යාපන සහ පුහුණු (VET), පාසල්, ඉංග්‍රීසි භාෂා කඩිනම් පාඨ මාලාවන් (ELICOS) වැනි ක්ෂේත්‍ර සඳහා ලියා පදිංචි වී ඇති බව සඳහන්.
ඔස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යන්තර සිසුන් ගේ ප්‍රමාණයෙන් තවමත් වැඩිම කොටස හිමිවන්නේ චීනයට වන අතර මෙවර එය 31% ක් බව සඳහන්.
ඉන්දියාව දෙවැනි තැනටද නේපාලය තුන්වන තැනටද මැලේසියාව සිව්වන තැනටද පත්වී ඇති අතර වියට්නාමය පස්වන තැනට පත්ව ඇත.
ඔස්ට්‍රේලියාවට පැමිණි සහ පැමිණීමට නියමිත ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳ දැන් විමසීමක් කරමු.

Source: www.internationaleducation.gov.au
2018 වසරේ ශ්‍රී ලංකා නියෝජනය
2018 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා මේ වන විට ලියාපදිංචි වී ඇති මුළු ශ්‍රී ලාංකේය සිසුන් ප්‍රමාණය මේ වන විට 15,324 ක් බව වාර්තා වේ.
ඉන් 12,042 ක් උසස් අධ්‍යාපනය සඳහාද 2,771 ක් වෘත්තීමය අධ්‍යාපන සහ පුහුණු (VET) සඳහාද 256 ක් ඉංග්‍රීසි භාෂා කඩිනම් පාඨ මාලාවන් (ELICOS) සඳහාද 192 ක් වෙනත් පාඨ මාලාවන් සඳහා ද 63 ක් පාසල් අධ්‍යාපනය සඳහාද මේ වන විට ලියා පදිංචි වී තිබේ.
මෙම අගයන් 2017 වසර සමග සසඳන කල මේ වන විට 23% ක වර්ධනයක් බව ඔස්ට්‍රේලියානු වෙළෙඳ හා ආයෝජන කොමිසම පෙන්වා දෙයි.

Source: SBS
පසුගිය දශකයේ ඉහළම ශ්‍රී ලාංකේය සිසුන්ගේ වාර්තාව
පසුගිය දශකය තුළදී ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණි ඉහළම ශ්‍රී ලාංකේය සිසුන් ප්‍රමාණය මේ වන විට වාර්තා වී ඇත්තේ 2017 වසරේදීය.
2017 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා ලියාපදිංචි වූ මුළු ශ්‍රී ලාංකේය සිසුන් ප්‍රමාණය 102,430 ක් බව වාර්තා වේ.
ඉන් 77,267 ක් උසස් අධ්‍යාපනය සඳහාද 17,489 ක් වෘත්තීමය අධ්‍යාපන සහ පුහුණු (VET) සඳහාද 5,445 ක් ඉංග්‍රීසි භාෂා කඩිනම් පාඨ මාලාවන් (ELICOS) සඳහාද 1,882 ක් වෙනත් පාඨ මාලාවන් සඳහා ද 347 ක් පාසල් අධ්‍යාපනය සඳහාද ලියා පදිංචි වූ බව සඳහන්.
මෙම අගයන් ඊට පෙර වසර සමග සසඳන කල 28% ක වර්ධනයක් බව ඔස්ට්‍රේලියානු වෙළෙඳ හා ආයෝජන කොමිසම පෙන්වා දෙයි.

Australia's universities and other higher education providers are about to get monitored far more rigorously. Source: AAP
ශ්‍රී ලාංකික සිසුන්ගේ පහළම පැමිණීම
පසුගිය දශකය තුළදී ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණි පහළම ශ්‍රී ලාංකේය සිසුන් ප්‍රමාණය මේ වන විට වාර්තා වී ඇත්තේ 2013 වසරේදීය.
2013 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා ලියාපදිංචි වූ මුළු ශ්‍රී ලාංකේය සිසුන් ප්‍රමාණය 52,036 ක් බව වාර්තා වන අතර එය 2007 ත් 2018 ත් අතර කාලයේ වාර්තා වූ පහළම අගය ලෙසද සඳහන්.
ඉන් 35,277 ක් උසස් අධ්‍යාපනය සඳහාද 13,344 ක් වෘත්තීමය අධ්‍යාපන සහ පුහුණු (VET) සඳහාද 2,043ක් ඉංග්‍රීසි භාෂා කඩිනම් පාඨ මාලාවන් (ELICOS) සඳහාද 987 ක් වෙනත් පාඨ මාලාවන් සඳහා ද 385 ක් පාසල් අධ්‍යාපනය සඳහාද ලියා පදිංචි වූ බව සඳහන්.

Source: AAP
ලාංකේය සිසුන් වැඩිපුරම පැමිණෙන ප්‍රාන්තය
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලාංකේය සිසුන් වැඩි වශයෙන් පැමිණෙන ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය හැඳින්වෙන බව මෙම වාර්තා දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව 2018 වසරේ මේ වන තෙක් වික්ටෝරියානු ප්‍රාන්තයේ අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලාංකේය සිසුන් 10,864 ක් ලියා පදිංචි වී තිබේ.
එම ප්‍රමාණය 2017 වසරේදී 73,123 ක් වූ අතර එම අගය පසුගිය දශකයේ වාර්තාවූ ඉහළම අගය ලෙසද වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලාංකේය සිසුන් වැඩි වශයෙන් පැමිණෙන දෙවැනි ඉහළම ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හැඳින්වෙන අතර 2018 වසරේ මේ වන තෙක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලාංකේය සිසුන් 1,567 ක් ලියා පදිංචි වී තිබේ.
එම ප්‍රමාණය 2017 වසරේදී 10,448 කි.
මෙම ලයිස්තුවේ තුන්වන ස්ථානය හිමි කරගෙන ඇත්තේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------