2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (04/06) පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 34 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 36 යි පන්දු 5 කදී ලකුණු 201 කට දවාගන්නට ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන් සමත් විය.
තරගයට වර්ෂාවෙන් බාධා වුණු නිසා ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ඇෆ්ගනිස්තානයට පන්දුවාර 41 කදී ලකුණු 187 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.
නමුත් පිළිතුරු ඉනිම ඇරඹු ඇෆ්ගනිස්තානය පන්දු වාර 32 යි පන්දු 4 කදී ලකුණු 152 කට නවතාලන්නට ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය සමත් විය.
2017 න් පසුව ලසිත් මාලිංග සහභාගී වූ එක් දින තරගයක් ශ්‍රී ලංකාව විසින් ජයගත් පළමු අවස්ථාව මෙය වීම මෙහි කැපී පෙනෙන සිදුවීමක් විය.
ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යාමට මේ තරගයේ බලපෑම පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න පැවසුවේ මෙවැනි අදහසකි.
ශ්‍රී ලංකාවේ පිතිකරුවන්ගේ දුර්වලතා සහ පන්දු යවන්නන්ගේ දක්ෂතා
නවසීලන්තය සමග පැවති තරගයේ මෙන්ම මෙම තරගයේ ද ශ්‍රේ ලංකා මැද පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය නැවත ඉස්මතු විය.
මෙම තරගයේ ආරම්භක පිතිකරු යුගල වූ කුසල් ජනිත් පෙරේරා සහ දිමුත් කරුණාරත්න හැරුණු විට ශ්‍රී ලංකා පිළේ සෙසු පිතිකරුවන් සියලුදෙනාම ඉතා දුර්වල පිතිකරණයක නිරත වීමේ ප්‍රතිඵලය හේතුවෙන් ලකුණු 300 ක පමණ ඉලක්කයකට යාමට තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 201 කට සීමා විය.
කුසල් ජනිත් පෙරේරා අගනා වේගවත් ලකුණු 78 ක් ලබාගත් අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 30 ක් ලබාගත්තේය.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව ඉතිරි කඩුලු 9 ම ලකුණු 109 කට බිඳ වැටුණි.
නමුත් මෙම තරගයේ දී ශ්‍රී පන්දු යවන්නන් තම කාර්යය භාරය නිසි ලෙස ඉටුකරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ පහස නැවතත් ගෙන දුන්නේය.

Source: Facebook
නුවන් ප්‍රදීප් සහ ලසිත් මාලිංග එහි ප්‍රධාන නියමුවන් විය.
ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා සහ පන්දු යවන්නන්ගේ දක්ෂතා මෙම තරගයට බලපෑ අයුරු පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න පැවසුවේ මෙවැනි අදහසකි.
තරගයේ විශේෂ සිදුවීම්
මෙම තරගයේ විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවිය.
ලහිරු තිරිමාන්න සහ ලසිත් මාලිංග එම විශේෂ සිදුවීම් වලට අදාළ ක්‍රීඩකයෝය.
එම විශේෂ සිදුවීම් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න පැහැදිලි කළේ මේ අයුරිනි.

Source: Getty Images Europe
ශ්‍රී ලංකාවේ ඊළඟ තරග ?
ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය පාකිස්තානය සමග එළඹෙන ජුනි 07 වන දින පැවැත්වේ.
පාකිස්තානය එක් දින ශ්‍රේණිගත කිරීම් හි 6 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව 9 වන ස්ථානයේ පසුවෙයි.
ඒ අනුව එම තරගයට සහ ඉදිරි තරග වලට මුහුණ දීමට ශ්‍රී ලංකාව කෙසේ සූදානම් විය යුතුද? ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න පැහැදිලි කළේ මේ අයුරිනි.

Source: SBS Sinhala