දකුණු ඔස්ට්‍රේලියාවේ නවෝත්පාදන සඳහා රුකුල් දීමේ අරමුණින් SISA හෙවත් Supporting Innovation in South Australia නමින් නව වැඩසටහනක් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය ක්‍රියාත්මක කර තිබේ.
මේ සඳහා සහභාගී වීමට සුදුසු පුද්ගලයින් හට Temporary Activity Visa (Subclass 408) හෙවත් තාවකාලික ක්‍රියාකාරකම් වීසා ලබාගත හැකි බවද ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

Source: SBS
SISA කා සඳහාද?
නවෝත්පාදන අදහස් ඇති, ව්‍යවසාය අදහස් හෝ සංකල්ප සහිත මූලික අදියරේ ක්‍රියාත්මක නව්‍යකරණ ව්‍යාපාරයක සේවය කරන එම නව්‍ය අදහස දකුණු ඔස්ට්‍රේලියාවේ වැඩි දියුණු කිරීමට කැමති සහ එම ව්‍යාපාර දකුණු ඔස්ට්‍රේලියාවේ ගොඩනැගීමට කැමති විදේශ රටවල සිටින පුද්ගලයින්ට මේ සඳහා සහභාගී විය හැකිය.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මේ සඳහා සහභාගී විය හැක්කේ කෙසේද?
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ වෙළෙඳ, සංචාරක සහ ආයෝජන දෙපාර්තමේන්තුව හරහා ප්‍රථමයෙන් ව්‍යවසායකයින්ව අනුමත කළ යුතු වන අතර පසුව මීට සහභාගී වීම පිණිස ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හරහා Temporary Activity Visa (Subclass 408) සඳහා අයදුම් කළ යුතු වේ.

Source: Getty Images
SISA වෙත සහභාගී වීම පිණිස දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ අනුමැතිය ලබා ගන්නේ කෙසේද?
SISA වෙත සහභාගී වීම පිණිස දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඔබ අනුගමනය කළ යුතු සියලු පියවර
මෙම වීසා එකේ සම්පූර්ණ කාලය
SISA වැඩසටහන වසර තුනක් පුරාවට ක්‍රියාත්මක වේ.
2018 නොවැම්බර් මාසයේ ආරම්භ වන SISA වැඩසටහන 2021 නොවැම්බර් මාසයෙන් අවසන් වේ.
කෙසේනමුත්, SISA වැඩසටහන සඳහා අයදුම්කරන ඔබේ වීසා කාලය ඔබට වීසා අනුමත වන දිනය අනුව වෙනස් වේ.
උදාහරණයක් ලෙස ඔබට 2018 නොවැම්බර් මාසයේදී වීසා අනුමත වුවහොත් ඔබේ වීසා 2021 නොවැම්බර් අවසන් වේ.
එමෙන්ම ඔබේ වීසා 2019 ජුනි අනුමත වුවද එය 2021 නොවැම්බර් අවසන් වේ.

Source: Getty Images
SISA වැඩසටහන සඳහා අයදුම්පත් බාරගන්නා අවසන් දිනය
SISA වැඩසටහන සඳහා අයදුම්පත් බාර ගැනීම 2020 නොවැම්බර් මස වනතෙක් ක්‍රියාත්මක වේ.
අයදුම්කරුගේ පවුලේ උදවිය ඔස්ට්‍රේලියාවට ගෙන ආ හැකිද?
SISA වැඩසටහන සඳහා සහභාගී වීමට ඔබට දකුණු ඔස්ට්‍රේලියානු රජයෙන් අනුමැතිය ලැබී ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් වීසා ලැබුණු පසුව ඔබේ පවුලේ උදවියද ඔස්ට්‍රේලියාවට රැගෙන ආ හැකිය.
වැඩි විස්තර ලබා ගැනීමට හැකිය.

university Source: AAP
ජාත්‍යන්තර සිසුන්ටත් SISA වැඩසටහන සඳහා සහභාගී විය හැකිද?
ජාත්‍යන්තර සිසුන් හට ඇත්තේ ශිෂ්‍ය වීසා එකක් බැවින් ඔවුන්ට SISA වැඩසටහන සඳහා සහභාගී විය නොහැකිය.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට මේ හරහා අවස්ථාව තිබෙනවාද?
Temporary Activity (subclass 408) visa යනු තාවකාලික වීසා එකකි.
නමුත් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් පරිදි ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ලීමට ඔබට හැකියාව පවතී නම් ඔබට ඒ සඳහා අයදුම්කළ හැකිය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයෙන් කම්කරු පක්ෂයට දැවැන්ත ජයක්.