ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ආයතනයේ හිටපු සභාපති Justin Milne 2017 වසරේ ABC මාධ්‍ය ආයතනයේ රැස්වීම් කාමරයේදී තමන්ගේ සිරුර අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බවට එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කරමින් සිටි Michelle Guthrie මීට සතියකට පමණ පෙර ප්‍රසිද්ධියේ චෝදනා කළාය.
Inappropriate contact හෙවත් අනවශ්‍ය ලෙස ස්පර්ශය යන වදන මේ සමගම ඔස්ට්‍රේලියාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කරන්නට විය.
ඇත්තෙන්ම කාර්යාල තුළදී එකිනෙකා ස්පර්ශවීම් බොහෝ දුරට වන බවත් අනවශ්‍ය ලෙස ස්පර්ශය යන්නෙහි නියම නීත්‍යානුකූල අර්ථය කෙබන්දක්ද යන්න අපැහැදිලි බවත් බොහෝ ඔස්ට්‍රේලියනුවන් ප්‍රශ්න කරන්නට පටන් ගෙන ඇත.

Source: Getty Images
කාර්යාල කටයුතු සහ සේවක බැඳීම්
කාර්යාලයක් තුළ ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශවයම එකිනෙකා සමග රාජකාරි කටයුතු වල යෙදෙන විට ඔස්ට්‍රේලියානු සංස්කෘතිය සමග අතට අත දීම්, සුහද වැළඳගැනීම් වැනි ක්‍රියා සුලබව සිදුවේ.
නමුත් ඒවා මිත්‍රත්වය මත හෝ රැකියාවේ රාජකාරී බැඳීම් මත හෝ සිදුවන ඒවා පමණක් බැවින් ඒවාටද Inappropriate contact හෙවත් අනවශ්‍ය ලෙස ස්පර්ශය යන වදන අදාළ වනවාද යන්න බොහෝ දෙනා ප්‍රශ්න කරයි.

Source: Flickr
ස්පර්ශය, ලිංගික අපයෝජනයක්ද?
ලිංගික අපයෝජනයක් රහිතව වුවද ස්පර්ශය, අනවශ්‍ය ස්පර්ශයක් විය හැකි බව සිඩ්නි තාකෂණික විශ්ව විද්‍යාලයේ discrimination නීති විශාරද Karen O’Connell, The Age පුවත් පතට පවසා තිබේ.
අනවශ්‍ය ස්පර්ශය පිළිබඳ සැලකීමේදී සේවායෝජකත්වයේ තත්ත්වය සහ පුද්ගලයින් අතර පවතින සම්බන්ධතා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව සේවායෝජකත්ව පිළිබඳ නීතිඥ Alexandra Grayson Maurice පැවසුවාය.
අනවශ්‍ය ස්පර්ශය මෙය යයි නිශ්චිත අර්ථ දැක්වීමක් තවමත් නොමැති බවත් ඒ පිළිබඳ සලකා බලන කල පුද්ගලයින් අතර පවතින අන්තර් සම්බන්ධතා සහ වටපිටාව සැලකිල්ලට ගත යුතු බව ද ඇය පෙන්වා දෙයි.

Source: Getty Images
Sexual harassment හෙවත් ලිංගික හිංසනය
කෙසේනමුත්, Sexual harassment හෙවත් ලිංගික හිංසනය යන්න කුමක්ද කියා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් Sex Discrimination Act හෙවත් Sex Discrimination පනතේ අර්ථ දක්වා තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------