ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළකින් හෝ නැව් තොටුපොළකින් පිටව යන ඔබට ඔස්ට්‍රේලියාවේදී මිලට ගත් භාණ්ඩ වල GST බදු සහ wine equalisation බද්ද හෙවත් WET බද්ද නැවත ලබා ගත හැකිවේ.
Tourist Refund Scheme නමින් හැඳින්වෙන මෙම සේවාව කෙටියෙන් TRS යනුවෙන් හැඳින්වෙන අතර මෙහි විශේෂ කවුළුවක් ඔස්ට්‍රේලියාවේ සෑම ජාත්‍යන්තර ගුවන් තොටුපොළකම මෙන්ම නැව් තොටුපොළකම පිහිටුවා තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
බොහෝ විට ඔස්ට්‍රේලියානු ආගමන විගමන කවුළු වලට පසුව ඔබට මෙම TRS කවුළුව හමුවෙයි.

Source: Flickr
TRS සේවාව හරහා GST බදු සහ WET බදු නැවත ලබා ගන්නේ කෙසේද?
ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටව යන දිනට පෙර දින 60 ක් ඇතුළත ඔස්ට්‍රේලියාවෙන් මිලට ගත් භාණ්ඩ සඳහා මෙලෙස GST බදු සහ WET බදු නැවත ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.
එම භාණ්ඩ වල මුල් (ඔරිජිනල්) Invoice එක හෙවත් ඉන්වොයිසිය ඔබේ විදේශ ගමන් බලපත්‍රය සහ boarding pass එක සමග TRS කවුළුව වෙත ඉදිරිපත් කළ යුතු වේ.
එවිට එම නිලධාරීන් විසින් අදාළ කටයුතු සිදුකරනු ඇත.

Source: Flickr
කොන්දේසි
- GST බදු සහ WET බදු නැවත ලබා ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩ ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටව යන දිනට පෙර දින 60 ක් ඇතුළත මිලට ගත් ඒවා වීම.
- එම භාණ්ඩ වල වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 300 ක් හෝ ඊට වැඩි විය යුතුය.
- එම ඩොලර් 300 වටිනාකම සහිත භාණ්ඩ එක් වෙළෙඳ සැලකින් ලබා ගත යුතු අතරම මෙන්ම ඒ සියලු භාණ්ඩ එක Invoice එක තිබය යුතුය.
- ඊට අදාළ මුල් Invoice එක ඉදිරිපත් කළ යුතු අතර Invoice එකේ ඡායා පිටපත් බාර නොගනී.
- GST බදු සහ WET බදු නැවත ලබා ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩ ඔබේ අතේ ගෙන යන ගමන් මල්ලෙහි තිබිය යුතුය.
- එම භාණ්ඩ විශාලත්වයෙන් වැඩි නම් ඒවා Checked Luggage කර එහි ලේඛන ඉදිරිපත් කළ යුතුය.
- භාණ්ඩ මිලට ගත් තැනැත්තා විසින්ම මෙය TRS කවුළුව වෙත ඉදිරිපත් කළ යුතුය.

Source: Flickr
ඔරිජිනල් Invoice එකක තිබිය යුතු දේ
- ඉංග්‍රීසි භාෂාවෙන් තිබිය යුතුය.
- වෙළෙන්දාගේ හෝ අදාළ ව්‍යාපාරයේ තොරතුරු.
- වෙළෙන්දාගේ හෝ අදාළ ව්‍යාපාරයේ ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික අංකය හෙවත් ABN එක තිබිය යුතුය.
- භාණ්ඩය අලෙවි කළ දිනය.
- භාණ්ඩය පිළිබඳ කෙටි විස්තරයක්.
- කොපමණ භාණ්ඩ ප්‍රමාණයක්ද යන්න.
- ඒවායේ මිල ගණන්.
- එම භාණ්ඩ වල මුළු වටිනාකමට අදාළ GST බදු ප්‍රමාණය.
ඔස්ට්‍රේලියානු ඩොලර් 1,000 හෝ ඊට වැඩි වටිනාකමක් ඇති ඉන්වොයිස් වල ගැනුම්කරුගේ නම හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය සටහන්විය යුතුය.

Source: Flickr
ඔබ ඉදිරිපත් කරන භාණ්ඩ මුල් ඇසුරුම් වලම තිබිය යුතුද ?
TRS කවුළුව වෙත ඔබ ඉදිරිපත් කරන භාණ්ඩ මුල් ඇසුරුම් වලම තිබීම අනිවාර්ය නොවේ.
එම භාණ්ඩ ඔබට ඊට පෙර භාවිතා කිරීමටද හැකියාව ඇත.
එම භාණ්ඩ අදාළ ඉන්වොයිස් එක සමග ගැලපෙන බව ඔප්පු කිරීමට හැකි නම් ඒවායේ මුල් ඇසුරුම් අවශ්‍ය නොවේ.

Source: Flickr
මේ සඳහා ගතවන කාලය
TRS කවුළුව වෙත භාණ්ඩ ඉදිරිපත් කර අදාළ කටයුතු අවසන් කිරීම සඳහා අවම වශයෙන් මිනිත්තු 5 ක පමණ කාලයක් ගතවන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.
නමුත් ඔබ සතුව භාණ්ඩ රැසක් ඇත්නම් එම කාලය තවත් වැඩි වනු ඇත.
මෙම සේවාව ලබා ගැනීමට බොහෝ පිරිසක් උත්සුක වන බැවින් බොහෝ විට TRS කවුළුව වෙත දිගු පෝලිමක් තිබිය හැකිය.
එනිසාම ඔබේ ගුවන් යානය හෝ නෞකාව හෝ පිටත්වන වෙලාවට වඩා සැලකිය යුතු වෙලාවකට පෙර ඔබ TRS කවුළුව වෙත වාර්තා කළ

Source: AAP
මුදල් නැවත ලැබීමට කොපමණ කලක් ගතවනවාද?
මෙම මුදල් නැවත බැර කෙරෙන්නේ ඔස්ට්‍රේලියානු ගිණුමකට හෝ ක්‍රෙඩිට් කාඩ් එකකට පමණි.
සාමන්‍යයෙන් මෙම මුදල් නැවත ලැබීමට වැඩ කරන දින 7 ත් 14 ත් අතර කාලයක් ගතවෙයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch more

මත්ද්‍රව්‍ය පිළිබද ඕස්ට්‍රේලියාවේ හැදෙන ඔබේ දරුවන් සමග කතා බහ කරන්නේ කෙසේද?