ඔස්ට්‍රේලියාව තුළ පරිභෝජනයට ගන්නා රසකළ කිරි වර්ග වල පැණි බීම කෑන් එකක ඇති සීනි ප්‍රමාණයට සමාන සීනි ප්‍රමාණයක් ඇති බවට නවතම විමර්ශනයක ප්‍රතිඵල පෙන්වා දෙයි.
පුද්ගලයෙකු දෛනිකව පරිභෝජනයට ගත යුතු සීනි ප්‍රමාණයට වඩා වැඩි සීනි ප්‍රමාණයක් මෙම රසකාරක කිරි වල ඈති බව එහිදී අනාවරණය වී ඇත.

Source: SBS
දිව පිනවීම සහ සෞඛ්‍ය අවදානම
ඔස්ට්‍රේලියානු පිළිකා සභාව විසින් ඔස්ට්‍රේලියාව තුළ සිදු කළ මෙම සමීක්ෂණයට ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළේ ඇති ශීත කළ රසකාරක කිරි වර්ග 90 ක් පමණ යොදාගෙන ඇති අතර තනි පුද්ගලයෙකු හට සෞඛ්‍යානුකූලව දෛනිකව පරිභෝජනයට ගත යුතු බවට නිර්දේශිත සීනි ප්‍රමාණයට වඩා වැඩි සීනි ප්‍රමාණයක් මෙම රසකාරක කිරි වල ඇති බව එහිදී හෙළිදරව් විය.
එහිදී වාර්තාවූ අයහපත්ම කිරි වර්ගය ලෙස Ice Break 750ml ශීත කළ කෝපි වර්ගය හඳුනාගෙන ඇති අතර එහි එක් බෝතලයක් සඳහා සීනි තේ හැඳි 9 ක් එක් කර ඇති බව අනාවරණය වී තිබේ.
සාමන්‍ය පැණි බීම කෑන් එකක සීනි තේ හැඳි 10 ක් අඩංගු වන බව වාර්තා වේ.
කෙසේවෙතත් දිනකට එක් පුද්ගලයෙකු සීනි තේ හැඳි 6 කට වඩා පරිභෝජනයට නොගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබේ.
මේ අතර කිරි වල ඇති කැල්සියම්, ප්‍රෝටීන් සහ විටමින් D වැනි පෝෂක මෙම අතිරේක සීනි හේතුවෙන් ඵල රහිත බව මෙම සමීක්ෂණයේ ප්‍රවර්ධන කළමණාකාරවරිය ලෙස කටයුතු කළ පෝෂණවේදිනී Alison McAleese, SBS පුවත් වෙත පැවසුවාය.

Source: AAP
ඔස්ට්‍රේලියානු පිළිකා සභාවේ සමීක්ෂණයට අනුව ඔස්ට්‍රේලියාව තුළ සීනි අධික මාත්‍රාවෙන් ඇති රස කළ කිරි වර්ග
1. Ice Break Regular Strength Iced coffee 750ml - සීනි තේ හැඳි 9.2
2. Ice Break Extra Shot Iced Coffee 750ml - සීනි තේ හැඳි 8.6
3. Brownes Chocolate Honeycomb 500ml - සීනි තේ හැඳි 8.5
4. Oak Chocolate Milk 600ml - සීනි තේ හැඳි 8.4
5. Oak Vanilla Malt 600ml - සීනි තේ හැඳි 8.0
6. Oak Molten Caramel 600ml - සීනි තේ හැඳි 7.7
7. Dare Double Espresso 750ml - සීනි තේ හැඳි 7.5
8. Big M Choc Original 600ml - සීනි තේ හැඳි 7.4
9. Brownes Chocolate Chill 600ml - සීනි තේ හැඳි 7.2
10. Masters Strawberry 600ml - සීනි තේ හැඳි 7.2
11. Oak Banana 600ml - සීනි තේ හැඳි 7.2
(Source: LiveLighter, Cancer Council Victoria)
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------