Canberra Matrix ලකුණු ක්‍රමය පදනම් කරගනිමින් Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා මාර්තු මාසයේ පළමු ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.
canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරන පරිදි එම තොරතුරු පහත පරිදි වේ.
Highlights
- මෙවර 190 වීසා සඳහා කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නොමැත.
- 491 වීසා සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 216 ක් නිකුත් කර ඇත.
- මාසික කෝටාව සපුරා ඇත්නම් අදාළ වෘත්තීය සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බව සඳහන්.
Canberra Matrix මාර්තු මාසයේ පළමු ආරාධනා පත්‍ර වටය
Canberra Matrix ක්‍රමය යටතේ මාර්තු මාසයේ පළමු ආරාධනා පත්‍ර වටය අද (16/03) ක්‍රියාත්මක විය.
මෙහිදී 190 වීසා සඳහා කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නොමැති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.
නමුත් 491 වීසා උප ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 216 ක් නිකුත් කර ඇති බව සඳහන්.
ACT හි මීළඟ ආරාධනා පත්‍ර වටය මාර්තු 26 හෝ ඊට පෙර ක්‍රියාත්මක කරන බවද canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

Source: SBS
2020-21 මුල්‍ය වර්ෂය සඳහා ACT හි Skilled වීසා කෝටාව
2020-21 මුල්‍ය වර්ෂය සඳහා ACT හි 190 හා 491 වීසා කෝටාව පහත පරිදි වේ.
- Skilled Nominated (subclass 190) visa - 802
- Skilled Work Regional (subclass 491) visa - 598
මේ අතර 2021 මාර්තු 01 වන දින වන විට ඉතිරිව තිබූ ACT හි 190 හා 491 වීසා කෝටාව පහත පරිදි වේ.
- Skilled Work Regional (subclass 491) visa - 436
- Skilled Nominated (subclass 190) visa - 400
ඒ අනුව 491 වීසා සඳහා මාසයකට ආරාධනා පත්‍ර 109 ක් බැගින් පමණක්ද 190 වීසා සඳහා ආරාධනා පත්‍ර 100 ක් බැගින් පමණක්ද මේ වන විට ඉතිරිව තිබේ.
මාසික කෝටාව සපුරා ඇත්නම් අදාළ වෘත්තීය සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බවද canberrayourfuture වෙබ් අඩවිය පවසයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ACT Critical Skills List
ACT හි නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ ACT Critical Skills List එක පසුගිය ජනවාරි මාසයේ යාවත්කාලීන කර තිබේ.
මෙම ලැයිස්තුව ACT 190 හා 491 වීසා සඳහා අදාළ වේ.
ACT Critical Skills List එක සෑම සිව් මසකට වරක්ම සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලැබේ.
දැනට ක්‍රියාත්මක වන ACT Critical Skills List එක