ඔස්ට්‍රේලියාවේ සිදුවන රිය අනතුරු ක්‍රමිකව වැඩිවෙමින් පවතින බව රථ වාහන පොලිස් සහ රක්ෂණ සමාගම් වල වාර්තා පෙන්වා දෙයි.
මෙනිසාම රිය අනතුරු හේතුවෙන් මිය යන පිරිස්ද පෙරට වඩා ඉහළ බව නවතම දත්ත අනාවරණය කරයි.
රියදුරන්ගේ නොසැලකිලිමත් බව සහ රිය ධාවනයේදී සිදුකරනු ලබන වැරදි හේතුවෙන් මෙම ඛේදනීය ප්‍රතිඵල අත්වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය පවසයි.
එහිදී රිය පදවන අතරේ තම ජංගම දුරකථනය භාවිතා කිරීම බරපතල වැරද්දක් බවත් එම නිසා විශාල අනතුරු ප්‍රමාණයක් හටගන්නා බවත් ඔවුන් සඳහන් කරයි.
නමුත් නුදුරේදීම රිය පදවන අතරේ ජංගම දුරකතන භාවිත කරන රියදුරන්ට වැඩ වරදින ලකුණු පෙනෙන්නට තිබෙන බව වාර්තා වේ.

Source: SBS
රිය පදවන අතරේ ජංගම දුරකතන භාවිත කරන රියදුරන්ව හසු කරගැනීම
රිය ධාවනය අතරේ තම ජංගම දුරකතන භාවිත කරන රියදුරන් කැමරා වලට හසු කරගැනීමේ ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.
ලොව පළමු වරට ක්‍රියාත්මක කිරීමට යන මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
මේ සඳහා යොදාගන්නා නවතම high-definition කැමරා පසුගිය ඔක්තෝබර් මාසයේදී අත්හදා බැලූ අතර මාසය තුළදී රිය ධාවනය කරන අතරතුර ජංගම දුරකථන භාවිත කරන රියදුරන් 11,000 පමණ අදාළ කැමරා වලට හසුවූ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මහා මාර්ග ඇමතිනී Melinda Pavey, ABC පුවත් වෙබ් අඩවියට පැවසුවාය.
එහිදී එක් රියදුරෙකු පැයට කිලෝ මීටර් 80 ක වේගයකින් මෝටර් රථය ධාවනය කරන අතරතුරේ තම අත්දෙකම සුක්කානමෙන් ඉවතට ගෙන ජංගම දුරකතනය භාවිත කරමින් යන අයුරු කැමරාවට හසුවූ බවත් එය ඇත්තෙන්ම මහත් පුදුමයට සහ කම්පනයට පත්වූ සිදුවීමක් බවත් ඇමතිනී Melinda Pavey විස්තර කළාය.
මෙවැනි පුද්ගලයින් ඔවුන් ද ඔවුන්ගේ රථයේ සිටින අනෙකුත් මගීන් ද මාර්ගයේ ගමන් කරන අනෙක් පිරිස්ද බරපතල අනතුරු වලට ලක් කරන බව ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.

Source: AAP
ජංගම දුරකථනය හා රිය පැදවීම
රිය පදවන බොහෝ පුද්ගලයින් තම ජංගම දුරකතනය විවධ අයුරින් භාවිත කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මහා මාර්ග ඇමතිනී Melinda Pavey පවසයි.
දුරකථන ඇමතුම් ලබා ගැනීම, පැමිණෙන ඇමතුම් වලට පිළිතුරු සැපයීම, කෙටි පණිවිඩ යැවීම වැනි දේ ඒ අතර ප්‍රධාන වේ.
බොහෝ රියදුරන් තම ජංගම දුරකතනය වීදුරුවෙන් පිටටතට නොපෙනෙන සේ තබාගෙන රිය ධාවනයේදී එය භාවිතා කරනබවද අමාත්‍යවරිය පෙන්වා දුන්නේය.
එහිදී මාර්ගය වෙත දැක්විය යුතු රියදුරාගේ අවධානය මුළුමනින්ම යොමු වන නිසා බරපතල අවදානම් තත්ත්වයක් ඇතිවේ.

PICTURE POSED BY MODEL A woman texting on her phone whilst driving. Source: Jonathan Brady/PA Images via Getty Images
නව තාක්ෂණය
රිය පදවන අතරේ ජංගම දුරකතන භාවිත කරන රියදුරන්ව හසු කරගැනීම සඳහා තාක්ෂණික සමාගම් ත්‍රිත්වයක් ඔස්ට්‍රේලියානු සමාගමක් වන Acusensus සමග එකතුවී තිබේ.
මෙම අධි සංවේදී කැමරාව නිර්මාණය කරන ලද්දේ Acusensus හි Alex Jannink වන අතර රිය පදවන අතරේ ජංගම දුරකතනය භාවිත කළ රියදුරෙකු තම මිත්‍රයාගේ ජීවිතය බිලි ගැනීමෙන් පසුව ඔහු මෙම කැමරාව නිර්මාණය කරන්නට පෙළඹුණු බව සඳහන්.
මෙම කැමරාවට පැයට කිලෝ මීටර් 300 දක්වා වේගයකින් ධාවනය කරන රථයක සිටින රියදුරෙකුගේ හැසිරීම පවා ග්‍රහණය කරගැනීමට හැකි බව පැවසේ.
මෙහි සම්පූර්ණ පරීක්ෂණ ක්‍රියාන්විතය ලබන මාසයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම කැමරා ප්‍රථමයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ M4 මාර්ගයේ Clunies Ross Street සහ Moore Park හි Anzac Parade යන මාර්ග වල සවි කෙරේ.
පරීක්ෂණ කාලයේදී කැමරා වලට හසුවන රියදුරන් හට දඩ නිකුත් නොකෙරෙන නමුත් අනතුරු ඇඟවීමේ ලිපි ඔවුන්ට ලබා දේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------