Key Points
- මාර්ගගත ලුහුඬු දැන්වීම් ජාලවල නව වංචාවක් ගැන ඔස්ට්‍රේලියාවේ ජනතාවට අනතුරු අඟවා තිබේ.
- මෙල්බර්න් හි සිටින කාන්තාවකගෙන් ව්‍යාජ ගැනුම්කරුවෙකු ඩොලර් 500 ක් වංචා කිරීමට උත්සාහ කර තිබේ.
- ගැනුම්කරුවෙකු ලෙස ඔබව ආරක්ෂා කර ගැනීමට ක්‍රම රාශියක් ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනය පවසයි.
ඇලෙක්සැන්ඩ්‍රා ඩෆින්ට ඇගේ ලැප්ටොප් පරිගණකය Facebook Marketplace හි විකිණීමට අවශ්‍ය විය.ඇයට සාමාන්‍ය ආකාරයේ පණිවිඩයක් ලැබී තිබේ.
"මෙය තවමත් විකිණීමට තිබේද?"
29 හැවිරිදි ඇය ඊට 'ඔව්' යැයි ප්‍රතිචාර දක්වා ලැප්ටොප් පරිගණකයේ චාජරය නැති වී ඇති බව ගැණුම්කරුට දන්වා ඇත.
ඒකට කමක් නැහැ. ලැප්ටොප් එක ලබා ගන්න පුළුවන් ලිපිනය කුමක්ද? යනුවෙන් ඇය විමසූ බව ඩෆින් මහත්මිය SBS ප්‍රවෘත්ති සේවය වෙත පැවසුවාය.
හුවමාරුව සඳහා දේශීය අවන්හලක හමුවීමට මේ දෙදෙනා යොදා ගත් නමුත් ගැණුම්කාරිනිය ඇයට පවසා ඇත්තේ ඇය පැමිණීමට නොහැකි නිසා ඒ වෙනුවට සිය සහෝදරයෙකු එවන බවත් , ගෙවීම සඳහා ඔවුන්ට PayID භාවිතා කිරීමට අවශ්‍ය වන බවත්ය.
PayID යනු ජංගම දුරකථන අංකයක් හෝ ABN වැනි අනන්‍ය තොරතුරක් වන අතර එය මුදල් ගෙවීම් ලබා ගැනීමට භාවිතා කළ හැක.
ඩෆින් මහත්මිය මේ ගැන සැක නොකළ නමුත් ගැනුම්කාරිය ඇයට PayID ගිණුමක් ආරම්භ කරන ලෙස පැවසූ විට මුලදී ව්‍යාකූල වී තිබේ.
ඇය ඇයගේ පවුලේ ව්‍යාපාරික ගිණුම හරහා ගෙවීම සිදු කරන බවත් ගෙවීම තහවුරු කිරීමට ඇයට විකුණුම්කරුගේ ඊමේල් ලිපිනය අවශ්‍ය බවත් ගැනුම්කාරිය පවසා තිබේ.
එමෙන්ම ඇය 'ඔබේ විද්‍යුත් තැපෑල යොමු කරන ආකාරය' පිළිබඳ screenshot එකක් එවා ඇති අතර එය නීත්‍යානුකූල බවක් පෙනුනා යැයි ඩෆින් මහත්මිය පැවසුවාය.
ඩෆින් මහත්මිය ඇගේ ඊමේල් ලිපිනය ගැනුම්කාරියට ලබා දුන් අතර, ඇය විසින් ඩෆින් මහත්මියගේ නම සහ ගෙවීම් සිදු කළ බවට බැංකු ප්‍රකාශයක් ලෙස පෙනෙන යමක් ආපසු එවා ඇත.

An interaction between Ms Duffin and a scammer, who told her she is a "God fearing person".
ගැනුම්කාරිය විසින් ඩෆින් මහත්මිය ඉල්ලා සිටි මුදලට වඩා වැඩි මුදලක් ඇයට එවන බව පැවසීම මෙම ගනුදෙනුව ගැන අනතුරු සංඥාව නිකුත් කළ තවත් කාරණයකි.
ඇයගේ ගිණුමෙන් මුදල් එවීමේදී ඇයට අමතර ඩොලර් 500ක් එවීමට සිදුවන අතර, එමගින් වහාම ඩෆින් මහත්මියගේ ගිණුමට ඩොලර් 1200 ක් බැර වෙනු ඇති බවත්, ගනුදෙනුව අවසන් වූ වහාම ඇයට එම ඩොලර් 500 ආපසු ලැබීමට සලස්වන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.
සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියක් වන ඩෆින් මහත්මිය පැවසුවේ ඇයගේ බැංකු ගිණුමට ඩොලර් 500 ක් එවූ බව තහවුරු වන screen shot එකක් සහිත විද්‍යුත් තැපෑල් පණිවිඩයක් ඇයට ලැබුණු බවයි. එවිට ගැනුම්කාරිය විසින් අමතට ඩොලර් 500ක මුදල ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඩෆින් මහත්මිය විද්‍යුත් තැපෑල් පණිවිඩය පරීක්ෂා කළ පසු එය Gmail ගිණුමකින් ලැබී ඇති බැවින් මෙය වංචාවක් යැයි ඇයට වැටහුණු බව ඇය පැවසුවාය.
"අපි හැමෝම දන්නවා විශාල සමාගම් Gmail භාවිතා කරන්නේ නැහැ
"ඔබ ගැන ලැජ්ජයි"යනුවෙන් ඩෆින් මහත්මිය ගැනුම්කාරියට පණිවිඩයක් යැවූ මොහොතේම ගැනුම්කාරිය කණිකව චැට් බොක්ස් එකෙන් ඉවත් ව ගොස් තිබෙන අතර ඩෆින් මහත්මිය ඇයව block කර තිබේ.
සමාජ මාධ්‍ය ජාලයේ ලුහුඩු දැන්වීම් අංශයේ සහ Gumtree මාර්ගගත දැන්වීම් වෙළඳපොලේ විකුණුම්කරුවන්ගෙන් PayID භාවිතා කරන ලෙස ඉල්ලා ඇති මෙවැනි පුද්ගලයින් ගැන මීට සමාන වංචාකාරී අවස්ථා වාර්තා වී තිබේ.
PayID වංචාව ක්‍රියාත්මක වන්නේ කෙසේද?
Heritage බැංකුව පසුගිය සතියේ ගනුදෙනුකරුවන්ට මෙම වංචාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මෙම ව්‍යාජ ගැනුම්කරුවන භාණ්ඩ ලබා ගැනීමට තමන්ට පැමිණීමට නොහැකි බවත් ඒ වෙනුවට ඔවුන්ගේ ඥාතියෙකු හෝ මිතුරෙකු එවන බවත් විකුණුම්කරුවන්ට පවසයි.
"වංචනිකයින් පසුව විකුණුම්කරුට ව්‍යාජ PayID තොරතුරු සහිත විද්‍යුත් තැපැල් පණිවිඩයක් යවයි,"
මෙම ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයෙන් පවසන්නේ ව්‍යාපාරික නොවන ගිණුම්වල PayID සීමාවන් පවතින නිසා ගෙවීම් ලැබීමේ ගැටලුවක් ඇති බවයි.
"විකිණුම්කරු පළමුව ඔවුන්ගේ PayID සීමාව වැඩි කිරීමට මුදල් ගෙවිය යුතු වන අතර එවිට ඔවුන්ට මෙම ගෙවීම ලබා ගත හැකි වේ.මෙය සිදු වූ වහාම, ඔවුන්ට මුදල් ආපසු ගෙවීමක් සහ ගැනුම්කරුගේ ගෙවීම ලැබෙනු ඇති බවට ව්‍යාජ ගැනුම්කරුවන් පොරොන්දු වේ.
ඒ වෙනුවට, නොසැලකිලිමත් විකුණුම්කරුවන් වංචාකරුවන්ට මුදල් ගෙවා රැවටීමට ලක් වේ.
මේ වංචා වලින් ඔබ ආරක්ෂා වෙන්නේ කොහොමද ?
වංචාවලින් වැළකී සිටීමට කළ යුතු ප්‍රධානම දෙය වන්නේ සන්නිවේදනය සහ ගනුදෙනු සුරක්ෂිත ක්‍රමවේදයක් තුළ පමණක් සිදු කිරීම වන බව ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික නිරීක්ෂණ ආයතනය පවසයි.අ
ඩිජිටල් වෙළඳපොළක මිලදී ගැනීමක් ගැන සාකච්ඡා කිරීම සඳහා විද්‍යුත් තැපෑලෙන් වංචාකාරයා සමඟ සන්නිවේදනය කිරීමෙන් පසු සිය මුදල් අහිමි වූ බවට බොහෝ දෙනෙකු වාර්තා කර ඇතැයි ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ (ACCC) ප්‍රකාශකයෙකු SBS පුවත් සේවය වෙත පැවසීය.
වංචාකරුවන් සාමාන්‍යයෙන් පෙර මුදල් ගෙවන ලද ගිෆ්ට් කාඩ්පත්, බැංකු හෝ ජාත්‍යන්තර මුදල් මාරු කිරීම් සහ Crytocurrency මුදල් වැනි ගෙවීම් ක්‍රම වලින් ගෙවීම් සිදු කරන ලෙස ඉල්ලා සිටින අතර, මෙම මුදල් නැවත ලබා ගැනීම අසීරු වේ.
ACCC පවසන්නේ මෙවන් ගනුදෙනු සදහා PayPal හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරන ලෙසයි.
ACCC විසින් මෙවැනි ඩිජිටල් වෙළඳපොලවල වෙනත් වෙබ් අඩවි වල සැසදිය නොහැකි තරම් ඉතාම අඩු මිලට ඇති භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස ද අනතුරු අඟවයි.
ACCC හි ප්‍රකාශකයා පැවසුවේ යම් ගනුදෙනුවක් ඇදහිය නොහැකි තරම් අඩු මිල ගණන් වලට තිබේ නම් ඒ ගැන වඩාත් පරෙස්සමෙන් සලකා බැලිය යුතු බවයි.
ඔබ මෙවැනි වංචාවකට ලක්වුවහොත් කුමක් කළ යුතුද?
ඔබ වංචාවට ලක්ව ඇතැයි ඔබ සිතන්නේ නම්, හැකි ඉක්මනින් ඔබේ බැංකුව හෝ මූල්‍ය ආයතනය සම්බන්ධ කර ගන්නා ලෙස ACCC නිර්දේශ කරයි.
ඔබ වංචාවට ලක් වූ ජාලය අමතා, වංචාව සම්බන්ධ තත්ත්වයන් පිළිබඳව ඔවුන්ට දැනුම් දෙන ලෙස ද ACCC වෙතින් උපදෙස් දී තිබේ.
"ඔබේ මිතුරන්ට සහ පවුලේ අයට කියන්න, එය ඔබගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමට උපකාරී වේ, ඔවුන්ට සහය ලබා දිය හැකි අතර ඔබට ඔවුන්ව වංචා වලින් ආරක්ෂා කර ගැනීමට උදවු කළ හැක," යනුවෙන් ACCC හි ප්‍රකාශකයා SBS පුවත් සේවය වෙත වැඩිදුරටත් පැවසීය.
2022 දී මෙවැනි වංචා වාර්තා 10,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඔස්ට්‍රේලියාව තුළ පමණක් එමගින් ඩොලර් මිලියන 8කට කට වඩා අහිමි වී තිනේ.
ඩෆින් මහත්මිය සම්බන්ධ සිදුවීම ගත් කල, ඇයගේ අත්දැකීම ඇයව කම්පා කරවා ඇති බව ඇය පවසයි.
"මට දෙයක් විකුණන්න ඕන වුනාම මේ වගේ වංචාකරුවන් සිටින බව දැන ගෙන මම කොහොමද ඒක කරන්නේ?
ඇයගේ ලැප්ටොප් පරිගණකය සඳහා ඉල්ලීම් සමඟ වෙනත් ෆේස්බුක් පරිශීලකයින්ගෙන් ඇයට වෙනත් පණිවිඩ ලැබුණු නමුත් ඒවාට ඇය විසින් ප්‍රතිචාර නොදැක්වූ බව ඩෆින් මහත්මිය පැවසුවාය.
ගනුදෙනුකරුවන්ට "පරිභෝගිකයින්ට මුදල් ලැබීමේ ආරක්ෂිත මාර්ගයක් ලෙස PayID පවතින බවට සහතික විය යුතු" බව Australian payment plus ප්‍රකාශකයෙකු පවසයි.
වංචනික හැසිරීම් සහ වඩාත් සංකීර්ණ වංචාකරුවන්ගේ වැඩි වීමත් සමඟ, ගනුදෙනුකරුවන් සිදුවිය හැකි වංචාවන් ගැන වැඩි වැඩියෙන් සුපරීක්ෂාකාරී විය යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
වංචා වලින් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා සාමූහික උත්සාහයක් අවශ්‍ය වන අතර Australian payment plus මෙම ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා බැංකු, පුළුල් මූල්‍ය සේවා කර්මාන්තය සහ නියාමකයින් සමඟ සමීපව කටයුතු කරයි.
මෙම අවස්ථාවෙහිදී, Australian Payments Plus විසින් PayID ක්‍රමය නවතා ඇති බව පවසන වංචනික විද්‍යුත් තැපැල් ලිපින ලබාගැනීමට නිශ්චිත ක්‍රියාමාර්ග ගනිමින් සිටී.