එළඹෙන නව මුදල් වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය ඊයේ (09/05) රාත්‍රියේදී භාණ්ඩාගාරික අමාත්‍ය ස්කොට් මොරිසන් විසින් කැන්බරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව මෙවර අය වැය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට බලාපාන අයුරු මෙම ලිපියෙන් විමසා බලමු.
සෞඛ්‍ය අංශය
- 2019 වසරේ සිට Medicare බද්ද 0.5% කින් ඉහළ නැංවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.
- එලෙස ලැබෙන මුදලින් ඩොලර් බිලියන 22 ක් ජාතික ආබධිත රක්ෂණ වැඩපිළිවෙළ හෙවත් National Disability Insurance Scheme (NDIS) සඳහා සැපයීමට රජය අපේක්ෂා කරයි.
- ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන Medicare Benefits Schedule සහ Pharmaceutical Benefits Scheme යන වැඩසටහන් හි සුරක්ෂිත භාවය උදෙසා එළඹෙන ජූලි 01 වන දින සිට Medicare Guarantee අරමුදලක් පිහිටුවනු ඇත.
- තනි පුද්ගලයන්ට, පවුල් හට සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට මෙන්ම විශ්‍රාමිකයින්ට අදාළ Medicare බද්දේ අඩු ආදායම් සීමාව ද ඉහළ නැංවෙන අතර අඩු ආදායම් ලාභීන් Medicare බද්ද ගෙවීමෙන් ඉවත් කෙරේ.
- ඇතැම් ඖෂධ වල මිල පහත හෙළීමට Medicines Australia, Pharmacy Guild සහ Generic and Biosimilar Medicines Australia යන ආයතන ත්‍රිත්වය සමග රජය ගිවිසුම් අත්සන් තබා ඇත.

Source: AAP
පාරිභෝගිකයින් සඳහා
- ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික ආරක්ෂණ නීති කඩ කරන සමාගම් වලට සහ පුද්ගලයින්ට පනවන දඩ මුදල් ඉහළ නංවයි.
- ඒ අනුව වරදකාරී සමාගම් සඳහා ඩොලර් මිලියන 10 ක් දක්වා දඩ නිකුත් කෙරෙන අතර වරදකාරී පුද්ගලයින් සඳහා ඩොලර් ලක්ෂ 5 ක් දක්වා දඩ නිකුත් කෙරේ.
සරණාගතයින්
- ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් භාරගැනීමේ ක්‍රියාවලිය තවත් පුළුල් කිරීමට් රජය සැලසුම් කර ඇති අතර ඒ සඳහාවූ නව ප්‍රජා සහයෝගී වැඩසටහන ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරයි.
- ඇස්තමේන්තු ගත කාලය තුළ මෙයින් ඩොලර් මිලියන 26.9 ක ආදායමක් ගැනීමට ගණන් බලා ඇත.
- මෙම වැඩසටහන යටතේ මෙවර මුදල් වර්ෂය තුළ ස්ථාන 16,250 ක් දක්වා වර්ධනය කිරීමට පියවර ගැනෙන අතර 2018 – 19 කාලය වන විට එම ප්‍රමාණය 18,750 දක්වා වර්ධනය කිරීමට අපේක්ෂිතය.
Image
දෙමාපිය වීසා
- ඉදිරි ඇස්තමේන්තුගත කාලය තුළ රජය ඉදිරිපත් කරන ලද සංශෝධිත නව තාවකාලික දෙමාපිය වීසා ක්‍රමය යටතේ අය වැයට ඩොලර් මිලියන 99 ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂිතය.
- ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබුවන්ට, ස්ථිර පදිංචි ලාභීන්ට මෙන්ම නවසීලන්ත පුරවැසියන්ට තම දෙමාපියන්ව වසර 3 ක් හෝ 5ක් ඔස්ට්‍රේලියාව තුළ රඳවා තබා ගැනීමට මෙම නව දෙමාපිය වීසා ක්‍රමය යටතේ හැකිවනු ඇත.
- එළඹෙන නොවැම්බර් මාසයේ සිට මෙම නව වීසා ක්‍රමය බලපැවැත්වෙන අතර වසරකට මෙවැනි වීසා 15,000 ක් පමණ නිකුත් කිරීමට අපේක්ෂිතය.
විදේශ ආධාර
- අය වැය හිඟය අවම කිරීමට වසර 4 ක් සඳහා වූ ඩොලර් මිලියන 300 ක ප්‍රතිපාදන කප්පාදුවක් විදේශ ආධාර සඳහා සිදු කර ඇත.

Source: SBS
නිවාස වෙළෙඳ පොළ
- ඔස්ට්‍රේලියාව තුළ ප්‍රථම නිවස මිලදී ගැනීමට අපේක්ෂිත පුද්ගලයින් හට ඔවුන්ගේ Superannuation ගිණුම හරහා ඒ සඳහා මුදල් ඉතිරි කිරීමට ඉඩ සැලසේ.
- බදු ගෙවීමට පෙර ආදායම අඩු බදු අගයක් යටතේ නිවසක් සඳහා ඉතුරු කිරීමට මෙමගින් හැකියාව පවතින අතර salary sacrifice ක්‍රමයක් ලෙස ඩොලර් 30,000ක් දක්වා මෙයින් වෙනම ඉතරි කල හැකි වේ.
- වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයනට ඔවුන්ගේ නිවසේ සිටම කුඩා නිවසකට downsize කිරීමට අවශ්‍ය නම් එම ආදායමෙන් කොටසක් සිය superannuation ගිණුමට ඔවුන්ට එක් කළ හැකි වේ.
- එසේම නව නිවාස ඉදිකිරීම් වලින් 50%කට වඩා විදේශීය ගැනුම් කරුවන්ට මිලදී ගත නොහැකි වීමේ නව නීතියක් ද හඳුන්වා දී ඇත.
- විදේශීය දේපල හිමිකරුවන්ට ඔවුන්ගේ නිවාස වල පදිංචියක් නැත්නම් හෝ අදාළ නිවාස මාස 6ක් හෝ කුලී වෙළඳ පොලේ නොමැතිනම් ඔවුන්ට ඩොලර් 5000ක ගාස්තුවක් ගෙවීමට සිදුවේ.
Image
ළමා සුරැකුම් අංශය
- පාසල් කාලයට පෙර හා ඉන් පසුවත් ළමා සුරැකුම් දීමනා වෙනුවෙන් රජය ඩොලර් බිලියන 37.5ක් මෙවර අය වැයෙන් වෙන් කොට තිබේ.
- ලබන වසරේ ජුලි සිට ළමා සුරැකුම් ගාස්තු සඳහා පැයට උපරිම අගයක් හඳුන්වා දීමට නියමිත අතර නම්‍යශීලී ළමා සුරැකුම් සේවා කාල ලබා දීමටද තීරණය කර තිබේ.
- වසර 2018 සිට National Partnership Agreement on Universal Access to Early Childhood Education වෙනුවෙන් ඩොලර් මිලියන 428ක් ලබා දීමට ද තීරණය කර තිබේ.
විදේශ ශ්‍රමිකයින්
- තාවකාලික සේවක වීසා යටතේ විදෙස් ශ්‍රමිකයින් සේවයේ යොදාගන්නා සමාගම් සඳහා එක් ශ්‍රමිකයෙකු හට වසරකට ඩොලර් 1200 ත් 1800 ත් අතර ප්‍රමාණයක බද්ද්දක් අය කෙරේ.
- ස්ථිර නිපුණතා වීසා යටතේ සේවයේ නියුතු එක් ශ්‍රමිකයෙකු හට ඩොලර් 3000 ක් හෝ 5000 ක බද්දක් ආදාල සමාගම් වලින් අය කරගැනීමට අපේක්ෂිතය.
- වීසා අයදුම්පත් ගාස්තුද ඉහළ ලෙස වෙනස් වේ.

Source: www.urbancircus.com.au
යටිතල පහසුකම්.
- ඉදිරි දශකය තුළ ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය ඩොලර් බිලියන 75 ක වියදමක් දැරීමට සූදානම් වේ.
- Bruce Highway සංවර්ධනයට ඩොලර් මිලියන 844 ක් ද බටහිර ඔස්ට්‍රේලියාවේ මාර්ග සංවර්ධනයට ඩොලර් බිලියන 1.6 ක්ද වෙන් කෙරේ.
- ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ යා කරමින් ඉදිකිරීමට අපේක්ෂිත නව භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සඳහා ඩොලර් බිලියන 10 ක් වෙන් කර තිබේ.