2021 නොවැම්බර් 01 සිට නිවසේ සිටම කොවිඩ් පරීක්ෂණ සිදුකරගත හැකි බව ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය හෙවත් TGA නිර්දේශ කරයි.
Rapid antigen tests හෙවත් වේගවත් ප්‍රතිඵල ලබාදෙන ප්‍රතිදේහජනක පරීක්ෂණ ලෙස මෙය හැඳින්වේ.
Highlights
- Rapid antigen පරීක්‍ෂණ 2021 නොවැම්බර් 01 පටන් ඔස්ට්‍රේලියාවේ නිවසේ සිටම සිදුකරගත හැකිවනු ඇත.
- මෙම නව පරීක්ෂණය තීරණාත්මක ඉදිරි පියවරක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
- Rapid antigen පරීක්‍ෂණයකින් කොවිඩ් වයිරසයට ධනාත්මක බව තහවුරු වූ අයෙකු පසුව වෛද්‍ය සායනයකදී දෙවන කොවිඩ් පරීක්‍ෂණයකට භාජනය කෙරේ.
නිවසේ සිටම කොවිඩ් පරීක්ෂණ
අවසාන පරීක්ෂණ සහ අනුමැතීන්ට යටත්ව rapid antigen පරීක්‍ෂණ සිදුකිරීමට ඔස්ට්‍රේලියනුවාසීන්ට සති කිහිපයකින් අවස්ථාව ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය නිවේදනය කළේය.
එය බොහෝ විට 2021 නොවැම්බර් 01 පටන් නිවසේ සිටම සිදුකරගත හැකිවනු ඇත.
ඔස්ට්‍රේලියාවේ නිවෙස් තුළ සිදුකරගත හැකි කොවිඩ් පරීක්‍ෂණ කට්ටලවලට අනුමැතිය ලබා දීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම් 70 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර එයින් 33 ක්ම අධීක්‍ෂණය සහිතව භාවිතයට අනුමත කර ඇත.
මෙම නව පරීක්ෂණය තීරණාත්මක ඉදිරි පියවරක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
ඔස්ට්‍රේලියනුවාසීන් සඳහා මෙය වැදගත් අතිරේක ආරක්ෂාවක් බවද ඔහු සඳහන් කළේය.
"දැනට රජයේ මට්ටමින් සිදුකරන අප සැවොම දන්නා පරීක්‍ෂණයක් වන PCR පරීක්‍ෂණය වැනි පරීක්ෂණයක් නිවසේ සිටම කරගැනීමට හැකිවීම මෙහි ඇති වැදගත්ම කරුණයි." යනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt වැඩිදුරටත් පැහැදිලි කළේය.

A Rapid Antigen Test kit Source: Getty Images
ඉහළ මට්ටමක එන්නත් ලබා ගැනීම මත රඳා පැවතීම
තමාටම සිදුකරගත හැකි මෙම rapid antigen පරීක්‍ෂණ හඳුන්වා දීම ඔස්ට්‍රේලියාව පුරා ඉහළ මට්ටමක කොවිඩ් එන්නත් ලබා ගැනීම මත රඳා පවතින බව ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එම rapid antigen පරීක්‍ෂණවලින් කොවිඩ් වයිරසයට ධනාත්මක බව තහවුරු වුවහොත් ඒ පිළිබඳ වාර්තා කිරීමට ස්ථාවර ක්‍රමවේදයක් තිබිය යුතු බව ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනයේ නියෝජිතයෙකු පැවසීය.
එලෙස rapid antigen පරීක්‍ෂණයකින් කොවිඩ් වයිරසයට ධනාත්මක බව තහවුරු වූ අයෙකු පසුව වෛද්‍ය සායනයකදී දෙවන කොවිඩ් පරීක්‍ෂණයකට භාජනය කරන බවද ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය සඳහන් කළේය.
Rapid antigen පරීක්‍ෂණ මේ වන විටත් යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතා පුළුල් ලෙස භාවිත කරන අතර මිනිත්තු 20 ක් ඇතුළත අදාළ ප්‍රතිඵල ලබාදේ.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 හෝ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 76% කට අධික ප්‍රමාණයක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර 52.6% ක් මාත්‍රා දෙකම ලබාගෙන තිබේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.