ඔබ කවදා හෝ ඔස්ට්‍රේලියාවේ භාවිතා කළ මෝටර් රථයක් මිල දී ගෙන පසුව එය වෙනුවෙන් මිල අධික අලුත්වැඩියා සිදුකර තිබේද? මෙය දුර්ලභ අත්දැකීමක් නොවේ.
නමුත් භාවිතා කරන ලද මෝටර් රථයක් මිලදී ගැනීමේදී සොයා බැලිය යුතු දේ පිළිබඳ ඔබ දන්නේ නම් ඔබට ඒ අන්දමේ මිල අධික අලුත්වැඩියාවන් වළක්වා ගත හැකිය.
Highlights
- භාවිතා කළ මෝටර් රථයක් හදිසි අනතුරකට ලක්ව තිබේද යන්න හෝ එය නිතිපතා service කර තිබේද යන්න ඇතුළු වාහනයේ ඉතිහාසය පරීක්ෂා කර බැලීමට vehicle identification number හෙවත් VIN අංකය යොදාගනී.
- ඔබ මෝටර් රථ ගැන වැඩි යමක් නොදැන සිටියද, මෝටර් රථයට අලාභහානි, වැරදි හෝ දුර්වල සේවා ඉතිහාසයක් තිබේදැයි සොයා බැලීමට ඔබට හැකිය.
- සෑම විටම වියළි දිනයක මෝටර් රථයක් පරීක්ෂා කරන්න.
Royal Automotive Club of Victoria (RACV) හි මාර්ග පරීක්ෂණ වැඩසටහන කළමනාකරණය කරනු ලබන Tim Nicholson සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් ඉදිරිපත් කෙරෙන මෙම ලිපිය ඒ සඳහා අත්වැලක් සපයනු ඇත.
භාවිතා කළ මෝටර් රථයක් මිලදී ගැනීමේදී බුද්ධිමත්ම තේරීම නම් ඔබට ආර්ථික වශයෙන් දැරිය හැකි ආරක්ෂිතම මෝටර් රථය මිලදී ගැනීම බව ඔහු පවසයි.

Source: Getty Images/JGI/Jamie Grill
වාහනයේ VIN අංකය පරීක්ෂා කරන්න
භාවිතා කරන ලද මෝටර් රථයක් හදිසි අනතුරකට ලක්ව තිබේද යන්න හෝ එය නිතිපතා service කර තිබේද යන්න ඇතුළු වාහනයේ ඉතිහාසය පරීක්ෂා කර බැලීමට vehicle identification number (VIN අංකය) හෙවත් වාහනය හඳුනාගැනීමේ අංකය පරීක්ෂා කරන ලෙස Tim Nicholson පවසයි.
මෙම අද්විතීය VIN අංකය මෝටර් රථයේ ඇඟිලි සලකුණු ලෙස ක්‍රියා කරන අතර වාහනයේ නැවත කැඳවීම්, ලියාපදිංචි කිරීම්, warranty claims, සොරකම් කර ඇතිද යන්න සහ රක්ෂණ ආවරණයන් පිළිබඳ සොයා ගැනීමට භාවිතා කළ හැකිය.
පුද්ගලික හිමිකරුවෙකුගෙන් භාවිතා කරන ලද මෝටර් රථයක් මිලදී ගැනීමේදී මෝටර් රථය ආශ්‍රිත කල්බදු මුදල් තිබේද යන්න (finance owing) සොයා ගැනීමට ද හොඳම මෙවලම VIN අංකය බව Nicholson පවසයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඔබ දෙවන වරට මෝටර් රථයක් පුද්ගලිකව මිලදී ගන්නේ නම් එහි වත්මන් හිමිකරු තවමත් එම මෝටර් රථය සඳහා සම්පූර්ණයෙන් මුදල් ගෙවා නොමැති වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
එමෙන්ම මෝටර් රථයේ කොටා ඇති VIN අංකයම මෝටර් රථයේ ලියාපදිංචි කරන ලේඛන වලද තිබිය යුතුය.
එම අංක වෙනස් වුවහොත් එම මෝටර් රථය සොරකම් කරන ලද එකක් විය හැකි බව පැවසේ.

Source: Wikimedia
භාවිතා කළ මෝටර් රථයක් පරීක්ෂා කිරීම
ඔබ මෝටර් රථ ගැන වැඩි යමක් නොදැන සිටියද, මෝටර් රථයට අලාභහානි, වැරදි හෝ දුර්වල සේවා ඉතිහාසයක් තිබේදැයි සොයා බැලීමට ඔබට හැකිය.
- සෑම විටම වියළි දිනයක මෝටර් රථයක් පරීක්ෂා කරන්න, මන්ද වර්ෂාව නිසා මෝටර් රථ දිලිසෙන පෙනුමක් ඇති කරවන අතර එහි බඳේ දෝෂ සැඟවිය හැකිය.
- සීරීම්, එබීම් සහ මලකඩ බැඳීම් සොයමින් මෝටර් රථයේ එක් එක් කොටස් වල සහ වහලයේ සමස්ත තීන්ත තත්ත්වය පරීක්ෂා කරන්න.
- මෝටර් රථයට යටින් පරීක්ෂා කර අළුත්වැඩියා කිරීමේ අවශ්‍යතාවයක් පෙන්නුම් කරන තෙල්, coolant හෝ වෙනත් කාන්දුවීම් පිළිබඳ සලකුණු සොයා බලන්න.
- ටයර් වල අසමානතාවක් ඇතිදැයි සොයා බලන්න. මෝටර් රථයේ wheel alignment හෝ suspension ප්‍රශ්න ඇතිදැයි එවිට දැනගත හැකිය.
- Test drive එකකට යාමට පෙර හා පසුව එන්ජින් ඔයිල් පරීක්ෂා කර බලන්න.
- එන්ජිම සීතල තත්ත්වයේ ඇතිවිටෙක මෝටර් රථය පනගන්වන්න. එහිදී විශේෂයෙන් ගඳක් සහිත දුමාරයක් පිට වුවහොත් මිල අධික අලුත්වැඩියාවකට හේතු විය හැකි එන්ජින් ගැටළු ඇති බවට ඉඟි කරයි.

Check the engine oil level with oil dipstick before and after taking the car for a test drive Source: Getty Images/Jose Luis Pelaez Inc
පුද්ගලික විකුණුම්කරු හා මෝටර් රථ එජනත්වරයෙක් අතර වෙනස
මෝටර් රථ එජනත්වරයෙකුට වඩා පුද්ගලික විකුණුම්කරු වෙතින් මෝටර් රථයක් අඩු මුදලකට ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මෝටර් රථයේ ගැටළු ඇති වුවත් ඒවා පිළිබඳ ගැනුම්කරුව දැනුවත් කිරීමට ඔවුන් බැදී නොසිටින බව Carsales.com.au හි තාක්ෂණික සංස්කාරකවරයෙකු වන Ken Gratton පවසයි.
පිළිගත් මෝටර් රථ එජනත්වරයෙකුගෙන් මෝටර් රථයක් මිලදී ගැනීම හරහා ගැනුම්කරුවෙකුට යම් පීඩනයක් ඉවත් කරගත හැකි බව ඔහු පෙන්වා දෙයි.
ඒවා නම්:
- ඔවුන් විකිණීම සඳහා ලබා දෙන භාවිතා කළ මෝටර් රථ හොඳින් පරීක්ෂා කර ඇත.
- මෝටර් රථයට තවත් මුදල් ගෙවීම් සිදු කිරීමට හිග මුදල් නැති බව සහතික වේ.
- මෝටර් රථය ලියාපදිංචි කිරීම, එය ගැනුම්කරුගේ නමට හැරවීම වැනි ලේඛන කටයුතු කිරීමට එජනත්වරු සහය දෙයි.
- ඇතැම් ප්‍රාන්ත වල භාවිතා කළ මෝටර් රථ සඳහා used car statuary warranty එකක් ලබා දිය යුතුය.
පුද්ගලික විකුණුම්කරුවෙකුගෙන් මිලදී ගත් භාවිතා කරන ලද මෝටර් රථ සඳහා ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය අදාළ නොවේ.