සෑම වසරකදීම ආබාධිත හෝ රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයින් 15 කට වැඩි පිරිසකගේ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍ර අයදුම්පත සෞඛ්‍ය අවශ්‍යතාවක් හේතුවෙන් රජය ප්‍රතික්ෂේප කරන බව ඔබ දන්නවාද?
SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (Free download)
ආබාධිත පුද්ගලයින්ගේ සහ සංක්‍රමණික උපදේශකයින්ගේ ඉල්ලීම් වලට පසුව එම වීසා ප්‍රතිපත්ති රජය නිහඬව ලිහිල් කර තිබෙයි.
සංක්‍රමණිකයෙකු ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් ලබා ගැනීම නම් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය බදු ගෙවන්නන් හට අධික වියදමක් හෝ සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවිය යුතුයි.
නව මූල්‍ය සීමාවක් සහ තක්සේරු කාලයක්

Source: immi.homeaffairs.gov.au
මීට අමතරව ස්ථිර පදිංචිය අපේක්ෂා කරන ආබාධිත පුද්ගලයින්ගේ රැකවරණය සඳහා වැය වෙන උපකල්පිත පිරිවැය ගණනය කරන ආකාරයද යාවත්කාලීන කර ඇත.
එහෙත් 2019-2020 මූල්‍ය වසරේදී ඇතිවූ ප්‍රතිපත්ති වෙනස්කම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කිසිදු නිල නිවේදනයක් සිදු නොකලේය.
මීට පෙරදී ඇස්තමේන්තුගත වියදම ගණනය කළේ ආබාධිත පුද්ගලයෙකුගේ මුළු ජිවිත කාලය සඳහායි. වර්තමානයේ දී එම ඇස්තමේන්තුගත වියදම ගණනය කරනුයේ වසර දහයක් සඳහා පමණි.
ආචාර්ය Jan Gothard සෞඛ්‍ය හා ආබාධිත විශේෂඥවරියක් මෙන්ම සංක්‍රමණික නියෝජිතවරියක් ද වෙයි. SBS ප්‍රවෘත්ති ජාලයට අදහස් දක්වමින් ඇය පැවසුවේ මෙම නව වෙනස්කම් සෞඛ්‍ය හා ආබාධිත ගැටළු ඇති පුද්ගලයින්ට ඉතා ප්‍රබල ලෙස බලපාන බවයි.
එසේම hepatitis B, down syndrome සහ cerebral palsy වැනි සෞඛ්‍ය ගැටළු ඇති පුද්ගලයින් ස්ථිර පදිංචිය අපේක්ෂා කිරීමේ දී මෙය ධනාත්මක ලෙස බලපානු ඇති බවද ඇය පැවසුවාය.
වෙනස්කම් සම්බන්ධයෙන් රජය නිහඬයි
SBS ප්‍රවෘත්ති ජාලයට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ, දිනෙන් දින ඉහල යන සෞඛ්‍ය ආරක්‍ෂණ වියදම් සැලකිල්ලට ගෙන ආබාධිත පුද්ගලයින්ගේ සෞඛ්‍ය ආරක්‍ෂණය සඳහා දැරීමට සිදු වෙන ඇස්තමේන්තුගත වියදම් සීමාව යාවත්කාලීන (update) කල බවයි.
එසේම තක්සේරු කාලය වසර 10ක් දක්වා සීමා කිරීමට හේතු වූයේ ඇස්තමේන්තුගත වියදමෙහි විශ්වාසනීයත්වය ඉහල නැංවීමට බවද ඔහු පැවසුවේය.
මෙම නව වෙනස්කම් දෙපාර්තුමෙන්තුවට මෙන්ම වීසා අයැදුම්කරුවන්ටද වාසි දායක වනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
සෞඛ්‍ය හා ආබාධිත ගැටළු හේතුවෙන් වෙනස්කම් කිරීම දිගටම පවතී
නීතිඥයින් සහ සංක්‍රමණික නියෝජිතයින් නව වෙනස්කම් සුහද සිතින් පිළිගත්තද මෙය ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ මතයයි.
Australian Lawyers for Human Rights සංවිධානයේ උප සභාපතිනිය වන්නේ Natalie Wadeය. නිධන්ගත රෝගී තත්වයක් හෝ ආබාධිත තත්වයක් සහිත කෙනෙකුගේ ජීවන වියදම හා සසඳන විට රජය මගින් පනවා ඇති ඇස්තමේන්තුගත වියදම් සීමාව ඉතා අඩු බව ඇගේ මතයයි.

Lawyer and disability advocate, Natalie Wade. Source: ALHR
එසේම ආබාධිත සංක්‍රමණිකයින් හෝ ඔවුන්ගේ පවුල් සඳහා මෙලෙස වියදම් සීමාවක් යෙදීම සුදුසු ද යන්න ඇය ප්‍රශ්න කරයි.
දැනට තක්සේරු කාලය වසර 10ක් දක්වා සීමා කිරීම පිළිබඳව සතුටු වන බව ඇය SBS ප්‍රවෘත්ති ජාලයට පැවසුවාය.
Wangchuk පවුලෙහි දරුවාගේ ශ්‍රවණාබාධය හේතුවෙන් ඔවුනට ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් වීමට තර්ජන එල්ල විය. මෙවැනි සෞඛ්‍ය හා ආබාධිත ගැටළු වලට මුහුණ දෙන පවුල් සඳහා නව ප්‍රතිපත්ති වෙනස්කම් සහනදායී වනු ඇතැයි යන්න Wade මහත්මියගේ මතයයි.
කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයේදී බොහෝ දේ අතපසු වී ඇති බව ආචාර්ය Gothard පැවසුවාය. ඒ මෙම සෞඛ්‍ය අවශ්‍යතාව සම්පූර්ණ කිරීම අනවශ්‍ය කිරීමේ හැකියාව (health requirement waiver system) තවම වීසා ඛාණ්ඩ කිහිපයකට පමණක් සීමා වී තිබීමයි.
වැඩිදුරටත් ඇය පැවසුවේ ආබාධිත පුද්ගලයෙකුගේ සෞඛ්‍ය ආරක්‍ෂණය සඳහා දැරීමට සිදු වෙන ඇස්තමේන්තුගත වියදම් සීමාව $1,000කින් හෝ ඉක්මවුහොත් ඔවුනට කිසිදු නීතියේ පිහිටක් නැති බවයි.
අධ්‍යාපන සහයෝගිතා වැඩසටහනක (education support) සහය ලබාගන්නා දරුවෙකු වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල දීම ආබාධිත පුද්ගලයෙකුගේ සෞඛ්‍ය ආරක්‍ෂණය සඳහා වෙන් කර ඇති $49,000ක උපකල්පිත වියදම් සීමාව පහසුවෙන් ඉක්මවා යන බවද ආචාර්ය Gothard පැවසුවාය.
2010 වසරදී සිදු කල පාර්ලිමේන්තු පරීක්ෂණයක් තුළින් සෞඛ්‍ය හා ආබාධිත ගැටළු හේතුවෙන් අසාධාරණ ලෙස සංක්‍රමිකයන්ට වෙනස්කම් සිදු වෙන බව අනාවරණය විය. මෙහිදී නිකුත් වූ වාර්තාවෙහි නිර්දේශ 18ක් ඇතුළත් වූ අතර ඒවා තවමත් රජය මඟින් ක්‍රියාත්මක කර නැත.
Disability support pension ගෙවීම් ලැබීමට නම් සංක්‍රමණිකයන් වසර දහයකට වැඩි කාලයක් රට තුළ සිටිය යුතුයි. එම නිසා නවතම වීසා වෙනස්කම් යටතේ පුද්ගලයෙකුගේ ආරක්‍ෂණය සඳහා වැය වෙන උපකල්පිත වියදම් ගණනය කිරීමේ දී එය සැලකිල්ලට නොගැනෙයි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පවසා සිටියේ දෙපාර්තුමෙන්තුව විසින් සියළුම ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍ර අයදුම්කරුවන්ට සමාන හා සාධාරණ ලෙස සලකනු බවයි.
එසේම ආබාධිත හෝ රෝගාබාධ වලින් පෙළෙන අයදුම්කරුවන්ට වර්තමාන හා පෙර තිබූ වීසා ප්‍රතිපත්තිය වෙනස්කම් සිදු නොකල බවද ඔහු අවධාරණය කළේය.

Source: SBS Sinhala