ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට සහ පූර්ණ කාලීන රැකියා කිරීමට මග පාදන නිපුණතා රැකියා ලැයිස්තු දෙකක් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය දැන් හඳුන්වා දී තිබේ.
Western Australian skilled migration occupation list (WASMOL) හෙවත් බටහිර ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුව ඉන් එකක් වන අතර Graduate occupation list (GOL) හෙවත් උපාධිධාරී රැකියා ලැයිස්තුව දෙවැන්න වේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට මෙම ලැයිස්තු හරහා Skilled Nominated (subclass 190) හෝ Skilled Regional (Provisional - subclass 489) හෝ යන ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කළ හැකිවේ.
190 වීසා (Skilled Nominated visa - subclass 190) යටතේ ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබා ගැනීමට හැකියාව පවතින අතර 489 වීසා (Skilled Regional (Provisional) visa - subclass 489) හරහා ඔබට වසර 4 ක කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට හැකියාව ලැබෙන අතර ඔබට පූර්ණ කාලීනව රැකියා කිරීමටද අවකාශය සලසා දෙයි.
ඒ අනුව ඉහත හඳුන්වා දී ඇති රැකියා ලැයිස්තු ද්විත්වය සඳහා general stream සහ graduate stream යනුවෙන් ප්‍රධාන මාර්ග දෙකක් හරහා අයදුම් කළ යුතු බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ සංක්‍රමණික වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ සියලු අයදුම්කරුවන් ප්‍රථමයෙන් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා Expression of Interest හෙවත් EOI එකක් යොමු කළ යුතුවේ.

Source: www.migration.wa.gov.au
Western Australian skilled migration occupation list (WASMOL)
WASMOL හෙවත් බටහිර ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුව සඳහා general stream මාර්ගය හරහා අයදුම් කළ යුතුවේ.
ඒ සඳහා අයදුම් කිරීමට අයදුම්කරුවන් පහත සඳහන් ප්‍රධාන සුදුසුකම් සැපිරිය යුතු බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ සංක්‍රමණික වෙබ් අඩවිය පවසයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
WASMOL සඳහා අයදුම්කිරීමට අවශ්‍ය ප්‍රධාන සුදුසුකම්
ඔබට අදාළ වෘත්තීය WASMOL ලයිස්තුවේ ඇතුළත්ව තිබිය යුතුය.
ඔබ යොමු කළ EOI හි සඳහන්වූ පරිදි අදාළ වෘත්තියට ඔබේ රැකියා පළපුරුද්ද ඔප්පු කිරීම සඳහා සාක්ෂි පෙන්විය යුතුය.
මෙහිදී පසුගිය වසර 10 තුළදී ඔබේ වෘත්තියට අදාළ ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානයක වසරක (අවම වශයෙන්) සේවා පළපුරුද්දක් පෙන්වීම හෝ;
පසුගිය වසර 10 තුළදී ඔබේ වෘත්තියට අදාළ විදේශයකදී ලබාගත් වසර 3 ක (අවම වශයෙන්) සේවා පළපුරුද්දක් පෙන්වීම සිදු කළ යුතුය.
ඒ ඒ වෘත්තියට අදාළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය පෙන්විය යුතුය.
අයදුම්කරන වෘත්තියට හෝ ඊට ආසන්න වෘත්තියකට සම්බන්ධ අවම වශයෙන් මාස 12 ක් සහිත බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සේවා යෝජක කොන්ත්‍රාත්තුවක් පෙන්විය යුතුය.
එමෙන්ම මාස තුනකට සරිලන ජීවන වියදම පියවාගැනීමේ මුල්‍ය තත්ත්වයන් පෙන්විය යුතුය යන අමතර අවශ්‍යතාව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පිටත අයදුම්කරුවන් සඳහා පනවා තිබේ.

Source: Getty Images
WASMOL හෙවත් බටහිර ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුව පහත පරිදි වේ.

Source: www.migration.wa.gov.au
Graduate occupation list (GOL) හෙවත් උපාධිධාරී රැකියා ලැයිස්තුව
GOL හෙවත් බටහිර ඔස්ට්‍රේලියාවේ උපාධිධාරී රැකියා ලැයිස්තුව සඳහා graduate stream මාර්ගය හරහා අයදුම් කළ යුතුවේ.
ඒ සඳහා අයදුම් කිරීමට අයදුම්කරුවන් පහත සඳහන් ප්‍රධාන සුදුසුකම් සැපිරිය යුතු බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ සංක්‍රමණික වෙබ් අඩවිය පවසයි.
GOL සඳහා අයදුම්කිරීමට අවශ්‍ය ප්‍රධාන සුදුසුකම්
ඔබට අදාළ වෘත්තීය GOL ලයිස්තුවේ ඇතුළත්ව තිබිය යුතුය.
ශාස්ත්‍රපති සහ පශ්චාත් උපාධිධාරීන් හට GOL ලයිස්තුවේ ඇති සියලු වෘත්තීන් සඳහා අයදුම් කළ හැකි නමුත් සාමාන්‍ය උපාධි සහ උසස් අධ්‍යාපනය ලැබුවන්ට GOL ලයිස්තුවේ ඇති ඇතැම් වෘත්තීන් සඳහා පමණක් අයදුම් කළ හැකිවේ.
බටහිර ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක වසර දෙකක පූර්ණ කාලීනව උසස් අධ්‍යාපනය හැදෑරිය යුතු වේ.
වෘත්තීය පළපුරුද්ද පිළිබඳ ඔබ යොමු කළ EOI හි සඳහන් කළහොත් ඒ සඳහා සාක්ෂි පෙන්විය යුතුය.
මෙහිදී පසුගිය වසර 10 තුළදී ඔබේ වෘත්තියට අදාළ ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානයක වසරක (අවම වශයෙන්) සේවා පළපුරුද්දක් පෙන්වීම හෝ;
පසුගිය වසර 10 තුළදී ඔබේ වෘත්තියට අදාළ විදේශයකදී ලබාගත් වසර 3 ක (අවම වශයෙන්) සේවා පළපුරුද්දක් පෙන්වීම සිදු කළ යුතුය.
ඒ ඒ වෘත්තියට අදාළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය පෙන්විය යුතුය.
මෙහිදී ශාස්ත්‍රපති සහ පශ්චාත් උපාධිධාරීන් හට සේවා පළපුරුද්ද පෙන්වීමට අවශ්‍ය නැත.
අයදුම්කරන වෘත්තියට හෝ ඊට ආසන්න වෘත්තියකට සම්බන්ධ අවම වශයෙන් මාස 12 ක් සහිත බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සේවා යෝජක කොන්ත්‍රාත්තුවක් පෙන්විය යුතුය.
එමෙන්ම මාස තුනකට සරිලන ජීවන වියදම පියවාගැනීමේ මුල්‍ය තත්ත්වයන් පෙන්විය යුතුය යන අමතර අවශ්‍යතාව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පිටත අයදුම්කරුවන් සඳහා පනවා තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------