නවසීලන්තයේ Christchurch නුවර පසුගිය සිකුරාදා (15/03) 50 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ 28 හැවිරිදි Brenton Tarrant නැමති ඔස්ට්‍රේලියානු ජාතිකයා IS සංවිධානයේ අඩි පාරේ ගමන් කර ඇති බව Harvard විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පවසයි.
සිකුරාදා වෙඩි තැබීම සිදුකිරීමට මිනිත්තු කිහිපයකට පෙර පිටු 73 ක ලියවිල්ලක් Brenton Tarrant විසින් නවසීලන්ත අගමැති කාර්යාලය ඇතුළු ස්ථාන 30 කට ඊමේල් කළ බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
එම ලියවිල්ල අන්තර්ජාලය හරහා මුදා හැර ඇත්තේ IS සංවිධානය විසින්ද තම ලියවිලි බෙදාහරින නිර්නාමික file sharing සේවාවක් හරහා බව මේ වන විට අනාවරණය වී ඇත.
එමෙන්ම Brenton Tarrant විසින් සිදුකළ වෙඩි තැබීම Facebook හරහා සජීවීව විකාශය කිරීමටද ඔහු පියවර ගෙන තිබුණි.
ඉන් අනතුරුව එම වීඩියෝව ලොව පුරා වේගයෙන් පැතිරී යන්නට වූ අතර පළමු පැය 24 ඇතුළත එම වීඩියෝවේ පිටපත් මිලියන 1.5 ක් Facebook තුළින් ඉවත් කිරීමට Facebook බලධාරීන් පියවර ගෙන තිබුණි.
මේ අතර ඝාතකයාගෙන් තමාට ලැබුණු ඊමේල් පණිවිඩය නවසීලන්ත පාර්ලිමේන්තුවට යොමු කරන බව නවසීලන්ත අගමැතිනිය පවසා තිබේ.

Source: AAP
මෘත ශරීර අද පවුල් වෙත බාර දෙයි
Christchurch සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව ඊට අදාළ මුස්ලිම් දේවස්ථාන ද්විත්වයේ දී ජීවිතක්ෂයට පත්වූවන්ගේ මෘත ශරීර එම දේවස්ථාන වලින් ඉවත් කළ බව නවසීලන්ත බලධාරීන් පවසයි.
අදාළ මෘත ශරීර ඒ ඒ පවුල් වලට බාරදීමේ කටයුතු ඊයේ (17/03) රාත්‍රියේ සිට ආරම්භ කළ බව වාර්තා වේ.
නමුත් ඉස්ලාම් ආගමානුකූලව මෘත ශරීරයක අවසන් කටයුතු එක් දිනක් ඇතුළත සිදුකිරීම හේතුවෙන් මළ සිරුරු බාරදීමේ ක්‍රියාවලිය සහ ඊට ගතවන කාලය පිළිබඳ ගැටළු පැනනැගී ඇති බවද සඳහන්.
වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූවන් වෙන් වෙන් වශයෙන් සම්පූර්ණයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් නොකර ඇති අතර ඔවුන් වයස අවුරදු 3 සිට 77 දක්වා වයස් ඛාණ්ඩ අතර වන බව හෙළිදරව් කර ඇත.
කෙසේනමුත්, ජීවිතක්ෂයට පත් ඇතැම් පුද්ගලයින් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමට මේ වන විට පියව්රා ගෙන තිබේ.
සෝමාලියානු, ඉන්දියානු, පාකිස්තානු සහ ඇෆ්ගනිස්තානු ජාතීන්ට අයත් ළමුන් සහ පුද්ගලයින් ජීවිතක්ෂයට පත් පිරිස අතර වන බව සඳහන්.
මේ අතර ඉතා ඉක්මණින් අදාළ මෘත ශරීර ඒ ඒ පවුල් වෙත බාරදීමට කටයුතු කරන බව නවසීලන්ත නියෝජ්‍ය පොලිස් කොමසාරිස් Wally Haumaha පවසයි.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කිහිප දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.

Who were the victims of the Christchurch mosque massacre. Source: SBS News
ඝාතනය වූ සහ තුවාල ලැබූ අයගේ පවුල් වල වීසා අයදුම්පත් සැලකිල්ලට ගැනීම වේගවත් කෙරේ
Christchurch නුවර Masjid Al Noor සහ Linwood යන මුල්සිම් දේවස්ථාන ද්විත්වයේදී සිදුකළ වෙඩි තැබීමෙන් ඝාතනය වූ සහ තුවාල ලැබූ අයගේ පවුල් වල වීසා අයදුම්පත් ඉක්මණින් සැලකිල්ලට ගැනීමට තීරණය කළ බව නවසීලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
මේ මොහොතේ අදාළ පවුල් මුහුණ පා සිටින දුෂ්කර සහ ඛේදනීය තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව නවසීලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි.
මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් අතර සරණාගතයින්, නිපුණතා සංක්‍රමණිකයින් මෙන්ම තාවකාලික සංක්‍රමණිකයින් ද සිටි බව වාර්තා වේ.

Source: Getty Images
නවසීලන්තයේ ගිනි අවි සම්බන්ධ නීති සංශෝධනයට පියවර
Christchurch නුවර වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව නවසීලන්තයේ ගිනි අවි භාවිතය සම්බන්ධ නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් එරට රජයේ අවධානය යොමුව තිබේ.
නවසීලන්තයේ ගිනි අවි භාවිතය සම්බන්ධ නීති තවත් දැඩි කිරීමට අද (18/03) දිනයේදී කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට නවසීලන්ත අගමැතිනී Jacinda Ardern අපේක්ෂා කරයි.
අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි පුද්ගලික භාරයේ තබා ගැනීම සහ නීති විරෝධී ගිනි අවි රජයේ බාරයට ගැනීමට මුල්‍ය ප්‍රතිපාදන යෙදවීම මෙම නව සංශෝධන යටතේ තහනම් කෙරෙනු ඇත.
Chirstchurch නුවර වෙඩි තැබීම සිදු කර ඇත්තේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියකින් බව සඳහන්.
මේ අතර නවසීලන්තයේ ගිනි අවි අලෙවි කිරීමේ ප්‍රධාන සමාගමක් වන Trade Me Group තම සියලු අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි අලෙවි කිරීම නැවත්වීමට තීරණය කළ බව වාර්තා වේ.

Source: AAP
නවසීලන්තයටම දැඩි ආරක්ෂාව
නවසීලන්තය පුරාවටම අද (18/03) දිනයේ ආරක්ෂාව තර කරන බව නවසීලන්ත පොලීසිය පවසයි.
පසුගිය සිකුරාදා Christchurch නුවර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව නවසීලන්ත වැසියන් අද දිනයේදී ප්‍රථම වරට පාසල් සහ රැකියා සඳහා පිටත්ව යාම හේතුවෙන් මෙසේ රට පුරා අරාක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව නැවත දැනුම් දෙන තුරු නවසීලන්තයේ සියලුම මුස්ලිම් දේවස්ථාන සඳහා දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව වාර්තා වේ.
නවසීලන්තයේ වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත හැකි සියලු පියවර ගෙන ඇති බව නවසීලන්ත පොලිස් කොමසාරිස් Mike Bush පවසයි.

Source: AP
ඔස්ට්‍රේලියාවේ දක්ෂිණාංශික අන්තවාදීන් පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දැඩි අවධානය
Christchurch නුවර මනුෂ්‍ය ඝාතනය සිදුකළ ඔස්ට්‍රේලියානු ජාතිකයා දක්ෂිණාංශික අන්තවාදී අදහස් ඇති අයෙකු බවත් ඔහු සුදු ජාතිකත්වය අගයමින් වර්ණවාදයට සහය පළ කරන අන්තවාදී පුද්ගලයෙකු බවටත් හඳුනාගෙන තිබේ.
ඒ සමගම ඔස්ට්‍රේලියාවේ දක්ෂිණාංශික අන්තවාදීන් පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දැඩි අවධානය යොමුව ඇත.
Christchurch නුවර සිදුවීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ දක්ෂිණාංශික අන්තවාදීන් පිළිබඳ සහ ඔවුන්ගෙන් සමාජයට ඇති අවදානම පිළිබඳ ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය විසින් අද (18/03) දිනයේදී ඔස්ට්‍රේලියාවේ කැබිනට් මණ්ඩලයේ ජාතික ආරක්ෂක කමිටුවට පැහැදිලි කිරීමක් ලැබෙනු ඇත.
ජාතික ආරක්ෂක කමිටුවේ ප්‍රධානත්වය ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison විසින් දරනු ලබන අතර ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ මණ්ඩල අධ්යක්ෂ ජනරාල් Duncan Lewis සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියේ කොමසාරිස් Andrew Colvin එහිදී අගමැතිවරයාට පැහැදිලි කිරීම් සිදුකිරීමට නියමිතය.
මේ අතර ඔස්ට්‍රේලියාවේ දක්ෂිණාංශික අන්තවාදීන් පිළිබඳ බලධාරීන් නිසි පරිදි අධීක්ෂණය නොකරන බව නිව් සවුත් වේල්ස් හිටපු නියෝජ්‍ය පොලිස් කොමසාරිස් සහ Australian Strategic Policy Institute හි ජ්‍යෙෂ්ඨ සාමාජික Nick Kaldas පවසයි.

Australian PM Scott Morrison Source: AAP
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ දක්ෂිණාංශික අන්තවාදීන් ත්‍රස්තවාදී පිළිබඳ අවධානය යොමු කරන ලැයිස්තුවේ සිටින බව වික්ටෝරියානු පොලීසිය පවසයි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින ඔස්ට්‍රේලියාවේ දක්ෂිණාංශික අන්තවාදීන් පිළිබඳ වික්ටෝරියානු පොලීසිය දැඩි අවධානයකින් පසුවන බව වික්ටෝරියානු පොලීසියේ ප්‍රධාන කොමසාරිස් Graham Ashton e ඊයේ (17/03) පැවසීය.
අදාළ පුද්ගලයින් ගේ අනතර්ජාලය ඔස්සේ හැසිරීම පිළිබඳව විශේෂ අධීක්ෂණයක් පවත්වන බව ද ඔහු පැහැදිලි කළේය.
පසුගිය කාලයේදී ඔස්ට්‍රේලියාවේ දක්ෂිණාංශික අන්තවාදීන් ප්‍රමාණාත්මකව වැඩිවෙමින් පවතින බව ද වාර්තා වේ.
-------------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
---------------------------------------------------------------------------------------------------------