ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවාවන්ට අදාල රහස් දත්ත අවධානමට ලක්ව තිබු බව රජය පිළිගනී (SBS සිංහල / වාර්තා)

 The government has denied reports frontline Medicare services are being shut down.

The government has denied reports frontline Medicare services are being shut down. Source: AAP)

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලයට  නිකුත් කර තිබු සෞඛ්‍ය සේවා සපයන්නට අදාල දත්ත අනාරක්ෂිත බව පර්යේෂකයින් පිරිසක් පෙන්වා දීමෙන් අනතුරුව එම දත්ත වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට රජය පියවර ගෙන් ඇති බව වාර්තා වෙයි. මෙම දත්ත encrypt (රහස් තොරතුරු කේත බවට පත් කිරීම) කිරීමේ ක්‍රමවේදයේ දුර්වලතා  ඇති බව පසුගියදා මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් සොයාගෙන ඇති අතර, ඒ පිලිබදව රජයට දැනුම් දීමෙන් අනතුරව එම දත්ත අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

 

මෙම දත්ත නැවතත් සාමන්‍ය  තොරතුතුරු බවට පරිවර්තනය කිරීමෙන් , සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ සහ වෛද්‍යවරුන්ගේ Medicare හදුනාගැනීමේ අංක (ID No ) ආදී තොරතුරු බාහිර පාර්ශවයන් අතට පත් වීමේ අවධානමක් ඇති බව මේ පර්යේෂකයින් පිරිස පෙන්වා දී තිබේ.

 

මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ආචාර්ය Chris Culnane, ආචාර්ය Benjamin Rubinstein සහ  ආචාර්ය Vanessa Teague පවසන ආකාරයට මෙය දැඩි අවදානයක් යොමුකළ යුතු සිද්ධියක් බව සදහන්. Medicare වැඩසටහනට PBS හෙවත් ඹෞෂධ සහන මිලට ලබාදීමේ රජයේ වැඩසටහනට අදාල තොරතුරු මෙලෙස අවධානමට ලක්ව ඇති අතර, 1984 වසරේ සිට 2014 වසර දක්වා Medicare සහන ලබාගත් රෝගීන්ගෙන් 10% ක දත්ත පරික්ෂාවට ලක් කිරීමෙන් මෙලෙස මෙම දත්ත සාමාන්‍ය තොරතුරු බවට පත් කල හැකි බව  (decrypt) මෙම පර්යේෂකයින් පිරිස සොයාගෙන තිබේ.

 

මේ පිලිබදව අදහස් දක්වන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ රෝගීන්ගේ හෝ වෛද්‍යවරුන්ගේ කිසිදු පෞද්ගලික තොරතුරක් මෙහිදී වෙනත් පාර්ශවයක් අතට පත් වී නොමැති බවයි. නමුත් මහජන සුබ සිද්ධිය සදහා එම තොරතුරු අන්තරජාලයෙන් ඉවත් කිරීමට වහාම පියවර ගත බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි. පසුගියදා පර්ත් නුවරදී වෛද්‍යවරුන් අමතමින් සෞඛ්‍ය ඇමතිනී  Sussan Ley සදහන් කලේ අදාල සිද්ධියෙන් යමෙක් අපහසුතත්වයට පත් වුයේ නම් තමන් ඔවුන්ගෙන් සමාව  ඇයද  සිටින බවයි. තවද කිසිවෙකුගේ පුද්ගලික තොරතුරු වලට හානියක් සිදු වී නොමැති බවට තමන් සහතික වන බවද අමාත්‍ය වරිය මෙහිදී සදහන් කලාය.

 

මේ අතර ඕස්ට්‍රේලියානු පෞද්ගලිකත්වය සුරැකීම  පිළිබද කොමසාරිස් Timothy Pilgrim මේ පිලිබදව පරීක්ෂණයක් ආරම්භ කරන බවද මේ වන විට ප්‍රකාශ කර තිබේ.

 

තවද පුද්ගලික තොරතුරු පිළිබද රහස්‍ය භාවය සුරැකීම පිළිබද පනත (Privacy Act ) සංශෝධනය කල බව නීතිපති George Brandis පසුගියදා ප්‍රකාශ කල අතර, නව සංශෝධන අනුව රජයේ රහස් දත්ත නැවත සාමාන්‍ය තොරතුරු බව පත් කිරීම නීති විරෝධී ක්‍රියාවක් වනු ඇති බව සදහන්.

Share
Published 30 September 2016 9:23am
Updated 30 September 2016 9:35am
By Sanjaya Dissanayake


Share this with family and friends