තාවකාලික සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ ශ්‍රම සූරා කෑමට එරෙහිව ඔස්ට්‍රේලියානු රජය නීති වෙනස් කිරීමට සැරසෙයි

සංක්‍රමණික ශ්‍රමිකයින් සූරාකෑමට එරෙහිව සටන් කිරීම සඳහා වන වැදගත් පියවරක් ලෙස මෙම යෝජිත පනත් කෙටුම්පත හැඳින්විය හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සේවා ස්ථාන පිළිබඳ අමාත්‍ය Tony Burke පැවසීය.

Migrants New AAP.jpg
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත සිටින සංක්‍රමණික සේවකයින් රැකියා කිරීමේදී නීතියෙන් ලැබෙන ආරක්ෂාව පැහැදිලි කිරීමට කම්කරු පක්ෂ රජය පියවර ගනු ඇත.

තාවකාලික වීසා මත සිටින සංක්‍රමණික සේවකයින් රැකියාවේදී අධික ලෙස ශ්‍රම සූරාකෑමට ලක්වන කණ්ඩායමක් වන අතර බොහෝ විට රැකියා ස්ථානයේ ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන නොදැන සිටින බවට වාර්තා වේ.

තාවකාලික සංක්‍රමණික සේවකයින් සඳහාත් ඔස්ට්‍රේලියානුවන්ට හිමි සමාන රැකියා අයිතිවාසිකම් සහ ආරක්ෂණයක්

තාවකාලික වීසා මත සිටින සංක්‍රමණික සේවකයින් සඳහා Fair Work පනත අදාළ වේද යන්න ගැන ඇතිවී තිබුණු ව්‍යාකූලත්වය පිළිබඳ පැවති තුන් අවුරුදු සමාලෝචනයකින් අනතුරුව ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සමාන සේවක ආරක්ෂණයන් සඳහා ඔවුන්ටද හිමිකම් ඇති බව පැහැදිලි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනු ඇත.

තාවකාලික වීසා මත සිටින සංක්‍රමණික සේවකයින් සේවා ස්ථානවල නැවත නැවතත් සූරාකෑම පිළිබඳ පුවත් වාර්තා වී තිබේ.

මේවා හෙළි කිරීමට ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බියෙන් කතා නොකර සිටින අතර තම රැකියාව සහ වීසා පවා අහිමි විය හැකි බව විශ්වාස කරයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

ඔවුන්ට බොහෝ විට රැකියාවේදී ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දුර්වල දැනුමක් ඇති බවත්, ඔවුන්ගේ වැටුප් සහ කොන්දේසි සම්බන්ධයෙන් උපකාර පැතීමට බොහෝ විට බිය වන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සේවා ස්ථාන පිළිබඳ අමාත්‍ය Tony Burke අනතුරු ඇඟවූයේය.

සංක්‍රමණික ශ්‍රමිකයින් සූරාකෑමට එරෙහිව සටන් කිරීම සඳහා වන වැදගත් පියවරක් ලෙස මෙම යෝජිත පනත් කෙටුම්පත හැඳින්විය හැකි බව ඔහු පැවසීය.

මෙම වෙනස ඇති කිරීමෙන් තාවකාලික සංක්‍රමණික සේවකයන්ට අනෙකුත් ඔස්ට්‍රේලියානුවන්ට හිමි සමාන රැකියා අයිතිවාසිකම් සහ ආරක්ෂාව ඇති බවට තහවුරු කෙරෙන බවද අමාත්‍යවරයා විස්තර කළේය.
People walking through an airport.
Labor will move to clarify protections for temporary migrant workers in law, warning the highly-exploited group is often unaware of their rights at work. Source: Flickr

සංක්‍රමණික සේවකයින්ගෙන් 58% ක් නියමිත ප්‍රමාණයට වඩා අඩු වැටුප් ලබයි

2019 මුලදී නිකුත් කරන ලද තෙවසරක සමාලෝචනයේ නිර්දේශ 22ම තාවකාලික සංක්‍රමණික සේවකයින් වෙත ක්‍රියාත්මක කිරීමට කම්කරු පක්ෂ රජය කැපවී ඇත.

ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන ඇතැම් විට සංක්‍රමණික සේවකයින්ට පවතින අයිතිවාසිකම් පිළිබඳ "පොදු වැරදි වැටහීම්" ශක්තිමත් කර ඇති බව එයින් සොයා ගන්නා ලදී.

"ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන නීති සහ කොන්දේසි සංක්‍රමණික සේවකයින් ආවරණය නොකරන බව වඩාත් ප්‍රචලිත වැරදි මතයක්. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ සංක්‍රමණික සේවකයින් Fair Work Ombudsman (FWO) වැනි නිල මූලාශ්‍රවලින් තොරතුරු සොයන්නේ නැහැ." එම වාර්තාව පැවසීය.
LISTEN TO
FB scams for house renting Web image

ඔස්ට්‍රේලියාවේ නිවාස සොයන ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කරමින්, Facebook හරහා සිදු වන වංචා වලින් ආරක්ෂා වීමට උපදෙස්

SBS Sinhala

10:33
අඩු වැටුප් සහිත වීසා බලපත්‍රලාභීන්ට Fair Work Ombudsman වෙතින් සහය ලබා ගැනීමේදී වැඩි විශ්වාසයක් ලබා දෙනු ඇති බවත් රජය “සාධාරණ සහ සමාන” ක්‍රමයක් සඳහා කැපවී සිටින බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සේවා ස්ථාන පිළිබඳ අමාත්‍ය Tony Burke ප්‍රකාශ කළේය.

"තාවකාලික සංක්‍රමණික සේවකයින් අපගේ ආර්ථිකයට සහ සමාජයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන අතර ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට සමාන සේවා ස්ථාන අයිතිවාසිකම් සහ ආරක්ෂාවන්ට හිමිකම් කියයි," යනුවෙන් ඔහු අවධාරණය කළේය.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයින්ගෙන් 58% ක් නියමිත ප්‍රමාණයට වඩා අඩු වැටුප් ලැබීම් සඳහා මුහුණ දී ඇති අතර ඔවුන්ගේ සොරකම් කළ වැටුප් මුදල් ආපසු ලබා ගැනීමට හැකි වූයේ හතරෙන් එකකට පමණක් බවත් මෙම මාසයේ සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි විය.
වැටුප් අඩුවෙන් ගෙවනු ලබන සේවා යෝජකයින් සාමාන්‍යයෙන් සංක්‍රමණිකයන් ඉලක්ක කරනු ලබන්නේ අත්පිට මුදලින් වැටුප් ගෙවීම්, penalty rates නොගෙවීම් සහ නීතිවිරෝධී අත්හදා බැලීමේ සේවා මුර (trial shifts) හරහා බවද එහිදී අනාවරණය විය.

සංක්‍රමණික සේවකයින්ගෙන් අඩක් රැකියාවේදී අනාරක්ෂිත බවක්, වාචික අපයෝජනය වීම්, වෙනස්කම් කිරීම් හෝ හිරිහැර කිරීම් අත්විඳින බව ද එම සමීක්ෂණය වාර්තා කළේය.


Share
Published 28 March 2023 12:25pm
By Finn McHugh, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends