ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සඳහා නවතම තොරතුරු යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව වික්ටෝරියානු 190 සහ 491 වීසා සඳහා නොවැම්බර් මාසයේදී ලැබුණු Registrations of Interest හෙවත් ROI ප්‍රමාණය සහ ඒවායින් වීසා නාමයෝජනා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීමේදී සලකා බැලු අවම ලකුණු මට්ටම පිළිබඳ තොරතුරු වික්ටෝරියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මේ වන විට නිකුත් කර ඇත.
Highlights
- 2021 නොවැම්බර් 30 වන විට වික්ටෝරියා 190 වීසා සඳහා ROI 8,109ක් ලැබී ඇති අතර වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා අයදුම්පත් 1,096ක් ඉදිරිපත් කර ඇත.
- 2021 නොවැම්බර් 30 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 1,271 ක් ලැබී ඇති අතර වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා අයදුම්පත් 198 ක් ඉදිරිපත් කර ඇත.
- Medical Research අංශයේ 190 වීසා සඳහා වන අවම ලකුණු ප්‍රමාණය 75 ක් වන අතර Health සඳහා අවම ලකුණු 85 කි.
වික්ටෝරියා ප්‍රාන්තයේ 190 වීසා නාම යෝජනා
2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයට වෙන් කර ඇති 190 වීසා කෝටාව 3,500 කි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
190 වීසා යනු සෘජුවම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන ස්ථිර වීසා බලපත්‍රයකි.
2021 නොවැම්බර් 30 වන විට වික්ටෝරියා 190 වීසා සඳහා ROI 8,109ක් ලැබී ඇති අතර වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා අයදුම්පත් 1,096ක් ඉදිරිපත් කර ඇත.

Source: Getty Images
වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා නාම යෝජනා
2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයට වෙන් කර ඇති 491 වීසා කෝටාව 500 කි.
2021 නොවැම්බර් 30 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 1,271 ක් ලැබී ඇති අතර වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා අයදුම්පත් 198 ක් ඉදිරිපත් කර ඇත.
491 වීසා යනු ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලබාදෙන වීසා බලපත්‍රයක් වන අතර එය වසර 5 ක කාලයකට වලංගු වේ.
මේ හරහා 191 වීසා නමැති ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබාදෙන වීසා සඳහා අයදුම් කළ හැකිවේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
Target sectors වලට අනුව ලැබී ඇති ROI සහ සලකා බැලූ අවම ලකුණු
වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සලකා බලනුයේ Target sectors හෙවත් ඉලක්කගත අංශ 8 ක් යටතේය.
ඒ ඒ ඉලක්කගත අංශ වෙත නොවැම්බර් මාසය වන විට ලැබුණු ROI සහ ඒවා සඳහා වීසා නාම යෝජනා දීමට සලකා බැලූ අවම ලකුණු ප්‍රමාණය පහත පරිදි වේ.
01. Advanced Manufacturing
190 වීසා සඳහා ලැබුණු ROI - 749
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 85
491 වීසා සඳහා ලැබුණු ROI - 83
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90
02. Agri-food
190 වීසා සඳහා ලැබුණු ROI - 314
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 80
491 වීසා සඳහා ලැබුණු ROI - 89
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90
03. Creative Industries
190 වීසා සඳහා ලැබුණු ROI - 32
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - සඳහන් නොවේ
491 වීසා සඳහා ලැබුණු ROI - 01
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - සඳහන් නොවේ
04. Digital
190 වීසා සඳහා ලැබුණු ROI - 1,850
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 95
491 වීසා සඳහා ලැබුණු ROI - 261
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90
05. Health
190 වීසා සඳහා ලැබුණු ROI - 2,947
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 85
491 වීසා සඳහා ලැබුණු ROI - 287
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 65
06. Life Sciences
190 වීසා සඳහා ලැබුණු ROI - 284
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90
491 වීසා සඳහා ලැබුණු ROI - 30
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 75
07. Medical Research
190 වීසා සඳහා ලැබුණු ROI - 159
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 75
491 වීසා සඳහා ලැබුණු ROI - 03
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - සඳහන් නොවේ
08. New Energy, Emissions Reduction and Circular Economy
190 වීසා සඳහා ලැබුණු ROI - 793
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90
491 වීසා සඳහා ලැබුණු ROI - 67
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 80