දේශගුණික විපර්යාස හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා ඇති මිලියන භාගයකට වඩා වැඩි දේපලක් මෙම දශකය තුළ ඵලදායී ලෙස රක්ෂණය කළ නොහැකි වනු ඇති බව අනාවරණය වෙයි.
දේශගුණික සභාව විසින් ඉදිරිපත් කර ඇති නවතම වර්තාවක මේ බව දැක්වෙයි.
Highlights
- දේශගුණික විපර්යාස අවදානම් හේතුවෙන් මෙම දශකය අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ දේපල 521,000ක් රක්ෂණය කළ නොහැකි වනු ඇත.
- ක්වීන්ස්ලන්තය වඩාත්ම අනාරක්ෂිත රාජ්‍යය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- එහි දේපළවලින් 6.5% ක් එම අනාරක්ෂිත ඉරණමට නිරාවරණය වී ඇත.
දේශගුණික විපර්යාස හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ලක්ෂ 5 කට අධික දේපල අර්බුදයක
දේශගුණික විපර්යාස අවදානම් හේතුවෙන් මෙම දශකය අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ දේපල 521,000ක් රක්ෂණය කළ නොහැකි වනු ඇති බවට නව දේශගුණික සභාවේ නවතම වාර්තාවක් අනතුරු අඟවයි.
දේශගුණික විපත්වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති දේපල සඳහා රක්ෂණ ආවරණයේ පිරිවැය ලබා ගත නොහැකි වීම නිසා ඔස්ට්‍රේලියාවේ උග්‍ර වන රක්ෂණ අර්බුදයක ග්‍රහණයට බොහෝ දේපළ ලක්වනු ඇති බව දේශගුණික සභාව පවසයි.
වසර 2030 වන විට ජාතික වශයෙන් සෑම දේපල 25 කින්ම එකකටම රක්ෂණ ආවරණයක් නොමැති විය හැකි බවත් මුල්‍යමය ලෙස එම ආවරණයට ළඟා විය නොහැකි වීම එයට හේතුව බවත් දේශගුණික සභාව පවසයි.
එය සියලුම ඔස්ට්‍රේලියානු දේපලවලින් 3.6% ක් හෝ මුළු දේපළ 521,000 කි.

Queensland flood Source: (AAP Image/Dan Himbrechts)
වැඩිපුරම අවදානම ඇති ප්‍රාන්ත
ක්වීන්ස්ලන්තය වඩාත්ම අනාරක්ෂිත රාජ්‍යය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එහි දේපළවලින් 6.5% ක් එම අනාරක්ෂිත ඉරණමට නිරාවරණය වී ඇත.
අනාරක්ෂිත ප්‍රාන්ත ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වන අතර එහි 3.3% ක දේපළක් අනාරක්ෂිත බව හෙළිවී තිබේ.
ප්‍රතිශත ලෙස ගත් කළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි හි දේපළවල අනාරක්ෂිත බව ප්‍රතිශතයක් ලෙස පහත පරිදි වේ.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - 6.5%
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 3.3%
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 3.2%
- වික්ටෝරියා ප්‍රාන්තය - 2.6%
- Northern Territory - 2.5%
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 2.4%
- ටස්මේනියා ප්‍රාන්තය - 2.0%
- ACT - 1.3%
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ලැව්ගිනි, ගංවතුර, වෙරළබඩ ගංවතුර සහ දරුණු සුළං ඇතුළු අතීත ව්‍යසනවලින් සිදුවන හානිය පිළිබඳ දත්ත විශ්ලේෂණය මඟින් අනාගත දේශගුණික බලපෑම් පිළිබඳ මෙම ආකෘතිය නිර්මාණය කර ඇත.
අධික වැසි නිසා ගංගා ඉවුරු බිඳී අවට භූමිය ජලයෙන් වැසී යාමඔස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් විශාලතම තර්ජනය ලෙස සලකනු ලැබේ.

In this photo provided by the Fraser Coast Regional Council, water floods streets and houses in Maryborough in Queensland Source: AAP / Queensland Fire and Emergency Services via AP
අවදානම් කලාප හඳුනාගැනීමට ඩිජිටල් සිතියමක්
දේශීය දේශගුණික අවදානම් අවබෝධ කර ගැනීම සඳහා පරිශීලකයින්ට ඔවුන්ගේ උප නගර, නගර සභා ප්‍රදේශය හෝ මැතිවරණ කොට්ඨාසයට ඇතුළු වීමට ඉඩ සලසන නව ඩිජිටල් සිතියමක් නිකුත් කිරීමටද දේශගුණික සභාව පියවර ගෙන තිබේ.
වසර 2030, 2050 සහ 2100 දී අඩු, මධ්‍යම සහ ඉහළ කාබන් විමෝචන අවස්ථා මත පදනම්ව පරිශීලකයින්ට ඒ ඒ කලාපවල පුරෝකථන බලපෑම් දැකිය හැකිය.
වර්තමානයේ ලෝකය ඉහළ කාබන් විමෝචන මාවතක ගමන් කරයි.
මෙම සිතියම පුද්ගලික මට්ටමින් දේශගුණික විපර්යාසවල බලපෑම් නිවසටම ගෙන යන අතරම කාබන් විමෝචනය අඩු කිරීමේ ප්‍රබල ක්‍රියාමාර්ගයකට අනුකූලව දේපල අවදානම් පහත වැටෙන ආකාරය නිරූපණය කරන බව ආර්ථික විද්‍යාඥ සහ මෙම වාර්තාවේ කර්තෘ Nicki Hutley පවසයි
තමන්ගේ නිවෙස් රක්‍ෂණය කළ නොහැකි වීමේ අවදානමක් පවතින බව මිනිසුන්ට දැකිය හැකි නම්, දැන් රක්ෂණයක් ඇති පුද්ගලයින්ට පවා එය ඇත්තෙන්ම තියුණු පණිවිඩයක් බව Hutley සඳහන් කරයි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ කිසිදු කොටසක් දැනට රක්ෂණය කළ නොහැකි මට්ටමේ නැති නමුත් අවදානම් ස්ථානවල රක්ෂණ ආවරණ මිල අධික විය හැකි බව ඔස්ට්‍රේලියාවේ රක්ෂණ සභාව පිළිගනියි.
Read & Listen More

ඕස්ට්‍රේලියාවේ පාසල් සිසුන් අතර අතිශය ජනප්‍රිය, "Vape" සහ "e-cigarette" වල නොදත් ඇත්ත