2021–22 මුල්‍ය වර්ෂය සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන දැන් විවෘත කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ 2021–22 මුල්‍ය වර්ෂය පසුගිය ජූලි 01 වනදායින් ආරම්භ විය.
ඒ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන මාස 4 කට පසුව ආරම්භ කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි අතරින් අවසානයටම විවෘත කළ Skilled Migration වැඩසටහන ලෙසද මෙය සටහන් වේ.
Highlights
- 2021–22 මුල්‍ය වර්ෂය සඳහා ක්වීන්ස්ලන්තයේ සංක්‍රමණික කෝටාවට 190 වීසා 1,000 ක් ඇතුළත්ය.
- එමෙන්ම 491 වීසා 1,250 ක්ද ඇතුළත් කර තිබේ.
- මෙම වීසා සඳහා අයදුම් කිරීමට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය අත්‍යවශ්‍ය සාධකයකි.
ක්වීන්ස්ලන්තයේ Skilled Migration වැඩසටහන
2021–22 මුල්‍ය වර්ෂය සඳහා ක්වීන්ස්ලන්තයට ලබා දී ඇති සංක්‍රමණික කෝටාව පිරෙන තෙක් මෙම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන විවෘත කර ඇති බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
එළඹෙන නත්තල් කාලය තුළ මේ සඳහා වන අයදුම්පත් සලකා නොබලන නමුත් වැඩසටහන Skilled Migration විවෘතව පවතිනු ඇති බවද ඔවුහු පවසති.
එමෙන්ම ක්වීන්ස්ලන්තයේ Skilled Migration වැඩසටහන යටතේ මෙවර පිළිගනු ලබන්නේ “decision-ready” හෙවත් "තීරණයක් දීමට සූදානම් අයුරින් පෙනෙන අයදුම්පත් සඳහා පමණි.
යම් අයදුම්පතක් අසම්පූර්ණ නම් හෝ යල් පැන ගිය ලේඛන අඩංගු නම් හෝ එම අයදුම්පත සලකා නොබලන බවද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
ක්වීන්ස්ලන්තයේ Skilled රැකියා ලයිස්තුවේ ඇති නිශ්චිත වෘත්තීන් සඳහා වන කෝටාවන් සම්පුර්ණ වී ඇති විට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඒ පිළිබඳව අයදුම්කරුවන්ට දැනුම් දෙනු ඇත.

Large Group of Diverse People with Different Occupations Source: Getty Images
2021–22 ක්වීන්ස්ලන්තයේ සංක්‍රමණික කෝටාව
2021–22 මුල්‍ය වර්ෂය සඳහා ක්වීන්ස්ලන්තයේ සංක්‍රමණික කෝටාව පහත පරිදි වේ.
- Skilled Nominated (Subclass 190) වීසා - 1,000
- Skilled Work Regional (Subclass 491) වීසා - 1,250
- Business Innovation and Investment Program (BIIP) - 1,400
Skilled Nominated (Permanent) visa (subclass 190)
ක්වීන්ස්ලන්තයේ ස්ථිරව ජීවත් වීමට සහ රැකියා කිරීමට කැමති ඔස්ට්‍රේලියාව තුළ සිටින පුහුණු ශ්‍රමිකයින්ට සහ ක්වීන්ස්ලන්තයේ ආචාර්ය උපාධිධාරීන් සඳහා මෙම වීසා බලපත්‍රයට අයදුම් කළ හැකිවේ.
මේ සඳහා අයදුම් කිරීමට පහත අවශ්‍යතා ප්‍රධාන වශයෙන් සැපිරිය යුතු වේ.
- ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ Skilled රැකියා ලයිස්තුවේ ඇති වෘත්තියක නිරත විය යුතුය.
- ඔබගේ EOI එක යොමු කිරීමට පෙර ඔබ අයදුම් කිරීමට සම්බන්ධ වෘත්තියක අවම වශයෙන් මාස 6 ක් පූර්ණ කාලීනව රැකියා කළ යුතුය.
- ක්වීන්ස්ලන්තයේ සමාගමක අයදුම් කරන වෘත්තියට අදාළව ඉදිරි මාස 12 ටද කොන්ත්‍රාත්තු ගිවිසුමක් තිබීම.
- 190 වීසා බලපත්‍රය හිමිවූ දා සිට වසර 2 ක් ක්වීන්ස්ලන්තයේ වාසය කරමින් රැකියා කළ යුතුය.
- ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වයද අත්‍යවශ්‍ය සාධකයකි.

Source: Getty Images
Skilled Work Regional (Provisional) visa (subclass 491)
මෙම වීසා බලපත්‍රය නම් කරන ලද පුහුණු ශ්‍රමිකයන්ට ප්‍රාදේශීය ක්වීන්ස්ලන්තයේ වසර 5ක් ජීවත් වීමට සහ රැකියා කිරීමට ඉඩ ලබා දෙන අතර ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහාද මාර්ගයකි.
මේ සඳහා අයදුම් කිරීමට පහත අවශ්‍යතා ප්‍රධාන වශයෙන් සැපිරිය යුතු වේ.
- ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ Skilled රැකියා ලයිස්තුවේ ඇති වෘත්තියක නිරත විය යුතුය.
- ඔබේ EOI එක යොමු කිරීමට පෙර ඔබ ප්‍රාදේශීය ක්වීන්ස්ලන්තයේ ජීවත්වෙමින් Skilled රැකියා ලයිස්තුවේ පූර්ණ කාලීනව රැකියාවක් කළ යුතුවේ.
- ක්වීන්ස්ලන්තයේ සමාගමක අයදුම් කරන වෘත්තියට අදාළව ඉදිරි මාස 12 ටද කොන්ත්‍රාත්තු ගිවිසුමක් තිබීම.
- 491වීසා බලපත්‍රය හිමිවූ දා සිට වසර 2 ක් ක්වීන්ස්ලන්තයේ වාසය කරමින් රැකියා කළ යුතුය.
- ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වයද අත්‍යවශ්‍ය සාධකයකි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.