ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත හා ටෙරිටරිවල lockdown සහ කොවිඩ් නීති ඉවත් කරමින් පසුවෙයි.
ඒ අතරේ සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම පූර්ණ කොවිඩ් එන්නත්කරණ අනුපාතයද ක්‍රමිකව ඉහළ යමින් තිබේ.
මේ තත්ත්වය යටතේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට කුමන ප්‍රාන්ත හා ටෙරිටරි වෙත සංචාරය කළ හැකිද යන්න පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
වික්ටෝරියා හැර ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත හා ටෙරිටරිවාසීන් හට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇතුළු වීමට මේ වන විට කිසිදු තහනමක් නොමැත.
ඒ අනුව නොවැම්බර් 01 තෙක් වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සංචාරය කිරීමට අපේක්ෂා කරනවානම් ඒ සඳහා වන සංචාරක පෝරමය පුරවා බාරදිය යුතු අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් පිටවූ දින සිට stay-at-home නීතිය පිළිපැදිය යුතුය.
නමුත් ඔවුන්ට ආහාරපාන මිලදී ගැනීමට, සෞඛ්‍ය සේවා ලබා ගැනීමට වැනි අත්‍යවශ්‍ය දේ සඳහා නිවසින් බැහැරව යා හැකිය.
වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමා මායිමේ සිටින වැසියන්ට විශේෂ අවසර හිමිවේ.
වික්ටෝරියා ප්‍රාන්තය
ක්වීන්ස්ලන්ත, දකුණු ඔස්ට්‍රේලියා, බටහිර ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා ප්‍රාන්තවාසීන්ට මෙන්ම Northern Territory වාසීන්ට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමට අවසර තිබේ.
මේ අතර ACT සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Greater Sydney කලාපය වික්ටෝරියා ප්‍රාන්තය විසින් තැඹිලි පැහැ කලාප ලෙස නම් කර ඇත.
ඒ අනුව එම කලාපවල පසුගිය දින 14 තුළ විසූ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින්ට Service Victoria වෙතින් ලබාගත් අවසරයක් සහිතව වික්ටෝරිය ප්‍රාන්තයට පැමිණිය හැකිය.
පූර්ණ කොවිඩ් එන්නත්කරණය නොලද පුද්ගලයින් කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵලය ඍණාත්මක එකක් වනතෙක් හුදකලා විය යුතුය.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Greater Sydney කලාපයෙන් පිටත ප්‍රදේශවල පුද්ගලයින්ට ප්‍රාන්ත සීමා අවසර පත්‍රයක් ඇත්නම් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමට අවසර තිබේ.

Victoria - NSW border Source: Getty Images AsiaPac
ACT
වික්ටෝරියා ප්‍රාන්තයේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගිනිකොණ දිග කලාපයේ වැසියන්ට ACT වෙත ඇතුළු වීමට අවසර නැත.
එම ප්‍රදේශවල සිටින පුද්ගලයින් ACT වෙත පැමිණෙනවානම් ඊට දින 14 කට පෙර ඒ සඳහා වන අවසර පත්‍රයක් පුරවා ලබා දිය යුතු අතර ACT වෙත පැමිණි දින සිට දින 14 ක් නිරෝධායනය විය යුතුවේ.
ACT වැසියන් නොවන සෙසු පිරිස් සඳහා ACT වෙත පැමිණීමට අවසර ලබාගත යුතුවේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ක්වීන්ස්ලන්තය විසින් නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා ප්‍රාන්ත මෙන්ම ACT කොවිඩ් hotspots ලෙස නම් කර ඇත.
උතුරු NSW ප්‍රාන්ත සීමා ප්‍රජාවන් සඳහා වෙනස් නීති පැනවේ.
ක්වීන්ස්ලන්තයට පැමිණෙන ක්වීන්ස්ලන්තවාසීන් හෝ ක්වීන්ස්ලන්තයට පදිංචියට පැමිණෙන පිරිස් හෝ විශේෂ අවසරයක් ඇති අය හෝ නැතිනම් ඉහත කී කොවිඩ් hotspots ලෙස නම් කර ඇති ප්‍රදේශවල සිට ක්වීන්ස්ලන්තයට ඇතුළු වීමට අවසර නැත.
එසේ අවසර සහිතව පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක් නිරෝධායනය විය යුතුය.
ඉහත ප්‍රදේශ හැර ඔස්ට්‍රේලියාවේ වෙනත් ඕනෑම ප්‍රදේශයක පිරිස් එත ක්වීන්ස්ලන්තයට පැමිණිය හැකි අතර ඔවුන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අවසර පත්‍රය පිරිවිය යුතුය.
මේ අතර දෙසැම්බර් 17 වන විට සම්පූර්ණයෙන්ම කොවිඩ් එන්නත් කරන ලද සියලුම ඔස්ට්‍රේලියානුවාසීන්ට නිරෝධායනය නොමැතිව තම ප්‍රාන්තයට ඇතුළු වීමට ඉඩ ලබා දීමට ක්වීන්ස්ලන්ත රජය සැලසුම් කරයි.

The AAA says the $13 billion the next government collects from the cost of fuel each year should be spent on improving transport.(AAP Image/Jason O'Brien) Source: AAP
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
නිරෝධායනය නොවී සහ G2G අවසර පත්‍රය පුරවා ටස්මේනියා, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවාසීන්ට මෙන්ම Northern Territory වාසීන්ට මේ වන විට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළු විය හැකිය.
ක්වීන්ස්ලන්තය "low risk" ලෙස වර්ගීකරණය කර ඇති අතර නිරෝධායනය වීම අනිවාර්ය වේ.
එමෙන්ම ACT "medium risk" ලෙස වර්ගීකරණය කර ඇති අතර අවසර ගෙන ඇතුළුවී දින 14 ක් නිරෝධනය විය යුතුය.
මේ අතර වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත "extreme risk" ලෙස වර්ගීකරණය කර ඇති අතර ඇතුළුවීමට අවසර ලැබෙන ඕනෑම අයෙකු හෝටල් නිරෝධායනය විය යුතුය.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
නොවැම්බර් 23 සිට ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරිටරිවල පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින්ට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර ලැබේ.
නමුත් මේ වන විට Northern Territory වාසීන්ට මෙන්ම ක්වීන්ස්ලන්ත, ටස්මේනියා, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවාසීන්ට නිරෝධායනය වීමකින් තොරව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර ලැබේ.
ඒ අතර වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ACT වැසියන්ට අවසරයකින් තොරව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර නැත.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ටස්මේනියා ප්‍රාන්තය
ක්වීන්ස්ලන්තය, බටහිර ඔස්ට්‍රේලියාව, දකුණු ඔස්ට්‍රේලියාව සහ Northern Territory වාසීන්ට ටස්මේනියා ප්‍රාන්තය විවෘත වේ.
නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ACT අධි අවදානම් කලාප ලෙස ටස්මේනියා ප්‍රාන්තය විසින් නම් කර ඇත.
ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළුවීමට දින 14 කට පෙර නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ACT හි යම් අයෙකු සිට ඇත්නම් ඔවුන් ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර ලබාගත යුතුය. නැතිනම් අත්‍යවශ්‍ය සේවකයෙක් විය යුතුය.
එසේ අවසර ලද පිරිස් වෙත්නම් ඔවුන් හෝටල් නිරෝධායනය විය යුතුය, නැතිනම් ටස්මෙනියාවේ නිවෙස්වල නිරෝධායනය වීමට සුදුසුකම් ලැබිය යුතුය.
Northern Territory
ක්වීන්ස්ලන්ත, බටහිර ඔස්ට්‍රේලියා, දකුණු ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා යන ප්‍රාන්තවාසීන්ට Northern Territory වෙත ඇතුළුවීමට අවසර තිබේ.
Northern Territory විසින් නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා ප්‍රාන්ත මෙන්ම ACT කොවිඩ් hotspots ලෙස නම් කර ඇත.
ඒ අනුව එම කලාපවල සිට Northern Territory වැසියන්ට පමණක් Northern Territory වෙත යළි පැමිණිය හැකිය.
hotspots ලෙස නම් කර ඇති කලාපවල සිට පැමිණෙන සංචාරකයින් Northern Territory වෙත පැමිණියහොත් ඔවුන් අධීක්ෂණයක් සහිත නිරෝධායනයේ නිරත විය යුතුය.
ඇතැම් තොරතුරු ABC පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
Read & Listen More

Today's COVID update in 3 minutes: වික්ටෝරියා ප්‍රාන්තයේ දඩ මුදල් සඳහා නව සහන ක්‍රමයක්