ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් යෝජිත ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන වෙත ගෙවීම් සිදු කරන ආචාර ධර්ම පද්ධතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා Facebook නැවත එකඟ වූ බව වාර්තා වේ.
"Facebook සමාගම තාවකාලිකව අප සමඟ නැවත මිත්‍ර වුණා." යනුවෙන් සරදම් ලෙස ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrisson ප්‍රකාශ කළේය.
Highlights
- පෙබරවාරි 18 දින ඔස්ට්‍රේලියාවේ ප්රවෘත්ති Facebook ඔස්සේ share කරගැනීම Facebook සමාගම විසින් අවහිර කළේය.
- Facebook පිළිබඳ රජයේ ඔස්ට්‍රේලියානු ස්ථාවරය තවමත් නොවෙනස්ව පවතියි.
- රාජ්‍ය ආයතන වල සහ සෞඛ්‍ය අංශ වල Facebook පිටු අවහිර කිරීම සම්බන්ධයෙන් Facebook හි ආසියා - පැසිෆික් කලාපයේ ජ්‍යෙෂ්ඨ විධායකවරයා සමාව ගනියි.
ඔස්ට්‍රේලියාවේ ප්රවෘත්ති Facebook ඔස්සේ share කරගැනීම Facebook සමාගම විසින් පසුගිය බ්‍රහස්පතින්දා (18/02) උදෑසන සිට අවහිර කළේය.
ඔස්ට්‍රේලියානු ප්රවෘත්ති Facebook ඔස්සේ පළ කිරීමේදී අදාළ ඔස්ට්‍රේලියානු ප්රවෘත්ති ආයතන වලට ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය Facebook සමාගම වෙත පසුගිය වසරේදී දැනුම් දීමක් සිදු කළේය.
එම දැනුම් දීමට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගත් බව Facebook සමාගම පවසා තිබේ.
අදාළ ගෙවීම් සිදුකළ යුතු අයුරු සම්බන්ධව යම් ආචාර ධර්ම පද්ධතියක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසන් සකසා එය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමෙන් අනතුරුව Facebook සමාගම වෙත දැනුම් දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වී සිටි බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම ආචාර ධර්ම පද්ධතියට ප්‍රතිචාර වශයෙන් ඔස්ට්‍රේලියාවේ ප්රවෘත්ති සඳහා පැනවූ Facebook තහනම Facebook සමාගම ඉවත් නොකරගන්නා අයුරක් පෙනී යයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ ප්රවෘත්ති නොවන රාජ්‍ය ආයතන වල සහ සෞඛ්‍ය අංශ වල Facebook පිටු ද අවහිර කිරීමට Facebook සමාගම පසුගිය සතියේ පියවර ගෙන තිබුණි.
මෙම පියවර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැඩි ලෙස හෙළා දැක තිබේ.
පසුව අදාළ Facebook පිටු යථා තත්ත්වයට පත් කිරීමට Facebook සමාගම පියවරගත් බව ද සඳහන්.
රාජ්‍ය ආයතන වල සහ සෞඛ්‍ය අංශ වල Facebook පිටු අවහිර කිරීම සම්බන්ධයෙන් Facebook හි ආසියා - පැසිෆික් කලාපයේ ජ්‍යෙෂ්ඨ විධායක Simon Milner පසුගිය සිකුරාදා (19/02) සමාව අයැද සිටියේය.

Facebook has blocked the sharing of Australian news on its platform. Source: Getty Images Europe
Facebook සාකච්ඡා මේසයට
"Facebook හි ආසියා - පැසිෆික් කලාපයේ ජ්‍යෙෂ්ඨ විධායක Simon Milner පසුගිය සිකුරාදා සිදුකළ ප්‍රකාශයත් සමග දැන් මගේ කාර්යය වන්නේ එම සාකච්ඡා සමඟ සාර්ථකව නිගමනයකට එළඹීම සහතික කිරීමයි." යනුවෙන් අගමැති මොරිසන් පැවසීය.
Facebook සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්ථාවරය ඉතා පැහැදිලි බවත් ඔස්ට්‍රේලියාවේ ස්ථාවරය සඳහා ජාත්‍යන්තරයෙන් ලබා දෙන ශක්තිමත් සහයෝගය ජනතාව දැන ගනු ඇති බවත් අගමැති මොරිසන් පැහැදිලි කළේය.
"Facebook විසින් අපව තාවකාලිකව මිතුරෙකු කරගැනීමට තීරණය කර තිබීම සහ එම සාකච්ඡා නැවත කරගෙන යාමට සූදානම් වීම පිළිබඳ මම සතුටු වෙමි.
විවෘත ප්රවෘත්ති මාධ්‍යයක සහාය ලබන නිදහස් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් අප සතුව ඇති බව සහතික කිරීම සඳහා අපට අවශ්‍ය ආරක්ෂාවන් ක්‍රියාත්මක කිරීමට අප පියවර ගත යුතුය යන්න අගමැතිවරයා අවධාරණය කළේය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉදිරිපත් කර ඇති ආචාර ධර්ම පද්ධතිය දුර්වල ආකාරයෙන් අර්ථකථනය කර ති බව පවසමින් සෞඛ්‍ය හා හදිසි සේවා අංශ වල Facebook පිටු අවහිර කිරීමට හේතු වශයෙන් Facebook සමාගම තර්ක කළේය.
නමුත් පසුව ඔවුන් එම පිටුවල අවහිර කිරීම් නිදහස් කළේය.
මේ අතර Facebook නිර්මාතෘ Mark Zuckerberg හට මෙම ආචාර ධර්ම පද්ධතිය පිළිගැනීම සඳහා ඒත්තු ගැන්වීමට තමා අධිෂ්ඨාන කරගෙන සිටින බව භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පසුගිය සිකුරාදා (19/02) පැවසීය.
ඉන්දියාවේ, කැනඩාවේ සහ එක්සත් රාජධානියේ නායකයින් මෙම ආචාර ධර්ම පද්ධතියට Facebook සමාගම දක්වන ප්‍රතිචාරය දෙස දැඩි අවධානයෙන් සිටින බව ද අගමැති මොරිසන් පැවසීය.
මෙම ආචාර ධර්ම පද්ධතිය ඔස්ට්‍රේලියාවේ පහළ මන්ත්‍රණ සභාවෙන් පසුගිය බදාදා (17/02) අනුමත වූ අතර එය අනුමැතිය සඳහා සෙනට් සභාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.
ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද සහයෝගය ලැබෙන බව පැහැදිලිව පෙනෙන්නට ඇත.
ජනමාධ්‍ය සජීවීව තබාගැනීම උදෙසා මාධ්‍ය ආයතන වලට ගෙවීම Facebook සමාගම අනුමත කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Anthony Albanese පැවසීය.