Highlights
- බොහෝ ප්‍රාන්ත හා ටෙරිටරි වල කුලී වැඩි කිරීම්, නේවාසික කුලී නිවැසියන් සඳහා වන නිශ්චිත කුලී ගිවිසුම් සහ දැනුම් දීමේ අවශ්‍යතාවය පිළිබඳ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ නීතිවලට අනුකූල විය යුතුය.
- නේවාසික කුලී නිවැසියන් සඳහා වන ගිවිසුම්වල ප්‍රතිපාදන සහ නිවාස කුලිය වැඩිවීම වැඩි වීම පිළිබඳව පෙර දැනුම් දිය යුතු කාල සීමාව විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි අනුව වෙනස් වේ.
- නිවාස කුලිය වැඩිවීම සාධාරණ යැයි විශ්වාස නොකරන කුලී නිවැසියන්ට ඒ පිළිබඳව සිය ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ ඇති සිවිල් සහ පරිපාලන විනිශ්චය සභාවකදී ඊට අභියෝග කළ හැක.
වික්ටෝරියා ප්‍රාන්තය
ඔබ ස්ථාවර කාලීන ගිවිසුමක් සමඟ නිවසක් කුලියට ගත් විට, කොන්ත්‍රාත්තුවේ සඳහන් වන්නේ නැති නම්, ඔබේ ඉඩම් හිමියාට ඔබේ කුලිය වැඩි කළ නොහැක. ගිවිසුම මගින් කුලිය වැඩි කිරීමට ඉඩ දෙන්නේ නම්, ඔබේ ඉඩම් හිමියා ලිඛිතව දින 60 ක දැනුම්දීමක් ලබා දිය යුතුය. ඔවුන් මාසයෙන් මාසය ගිවිසුම් ඇති කර ගන්නා කුලී නිවැසියන් සඳහාද මෙය කළ යුතුය.
වික්ටෝරියා හි නීතිය ඔබේ ඉඩම් හිමියාට ඔබේ කුලිය වැඩි කළ හැකි මුදල සීමා නොකරයි. නමුත් බොහෝ අවස්ථාවලදී, ඔවුන්ට එය කළ හැක්කේ සෑම මාස 12 කට වරක් පමණි.
වැඩිවීම ගණනය කළ ආකාරය ද ඔවුන් ඔබට පැවසිය යුතු වේ.
ඔබ කුලිය වැඩි කිරීම ගැන ඔබේ ඉඩම් හිමියා සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කර ඊට එකඟ වීමට නොහැකි නම්, ඔබට නොමිලේ කුලී තක්සේරුවක් සිදු කරන ලෙස වික්ටෝරියා හි පාරිභෝගික කටයුතු ආයතනය වන Consumer Affairs Victoria (CAV) වෙතින් ඉල්ලා සිටිය හැක. නමුත් කුලින් වැඩි කිරීමට ඔවුන්ගේ බලාපොරොත්තු වීම පිළිබඳ දැන්වීම ලැබීමෙන් දින 30ක් ඇතුළත ඔබ මෙය ඉල්ලා සිටිය යුතුය.
CAV විසින් දේපල පරීක්ෂා කර ඔබට සහ ඔබේ ඉඩම් හිමියාට තක්සේරුවක් ලබා දෙනු ඇත. තක්සේරුව මගින් කුලිය වැඩි බව පවසන නමුත් ඔබේ ඉඩම් හිමියා කුලිය අඩු කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබට වික්ටෝරියානු සිවිල් සහ පරිපාලන විනිශ්චය සභාවේදී මෙම නඩුව ඇසීමට ඉල්ලුම් කළ හැකිය. නමුත් ඔබ තක්සේරුව ලැබීමෙන් දින 30 ක් ඇතුළත එය සිදු කළ යුතු වේ.
Read More & Listen More

මේ දිනවල බොහෝ ලාංකිකයින්ගේ ඔස්ට්‍රේලියානු සංචාරක වීසා ප්‍රතික්ෂේප වන්නේ ඇයි?
NSW ප්‍රාන්තය
ඔබ වසර දෙකකට අඩු ස්ථාවර කාලීන ගිවිසුමක් මත නිවසක් කුලියට ගත් විට, ඔබේ ඉඩම් හිමියාට ඔබේ කුලිය වැඩි කළ හැක්කේ එය ඔබේ කොන්ත්‍රාත්තුවේ සඳහන් වී ඇත්නම් පමණි.
එසේ සිදු කරන්නේ නම්, කුලිය වැඩිවීමේ ප්‍රමාණය හෝ එය ගණනය කිරීමේ ක්‍රමය සඳහන් කළ යුතුය. ඉඩම් හිමියෙකුට "වෙළඳපොළට අනුකූලව " වැනි නොපැහැදිලි ගණනය කිරීම් ප්‍රකාශයක් සැපයිය නොහැකි බව NSW Fair Trading ආයතනය පවසයි.
වසර දෙකක් හෝ ඊට වැඩි ගිවිසුමක් ඇති අය සඳහා, ඔබේ ඉඩම් හිමියාට ඔබේ කුලිය වැඩි කළ හැක්කේ මාස 12කට වරක් පමණක් වන අතර අවම වශයෙන් දින 60ක ලිඛිත දැනුම්දීමක් ඔබට ලබා දිය යුතුය.
ඔබ මාසිකව අලුත් කරන ගිවිසුමක සිටී නම්, ඔබේ ඉඩම් හිමියා ඔබට මම වශයෙන් දින 60ක ලිඛිත දැනුම් දීමක් ලබා දිය යුතු අතර ඕනෑම මාස 12ක කාල සීමාවකට වරක් පමණක් ඔබේ කුලිය වැඩි කළ හැකිය.
යෝජිත කුලී වැඩිවීම අසාධාරණ යැයි ඔබට හැඟේ නම්, ඔබේ ඉඩම් හිමියා සමඟ සාකච්ඡා කිරීමට ඔබට උත්සාහ කළ හැකිය. ඔබට යම් ගණනක් සමඟ එකඟ වීමට නොහැකි නම්, NSW සිවිල් සහ පරිපාලන විනිශ්චය සභාවේදී මෙම කාරණය විභාග කිරීමට ඉල්ලුම් කළ හැකිය.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
කුලී වැඩි කිරීම්, නේවාසික කුලී නිවැසියන් සඳහා වන නිශ්චිත කුලී ගිවිසුම් සහ දැනුම් දීමේ අවශ්‍යතා පිළිබඳ රාජ්‍ය නීතිවලට අනුකූල විය යුතුය.
ස්ථාවර කාලීන ගිවිසුම් සඳහා, කුලී ගිවිසුමේ සඳහන් කර නොමැති නම්, ස්ථාවර කාල සීමාව තුළ කුලිය වැඩි කළ නොහැක. ගිවිසුමේ සඳහන් වේ නම්, නව මුදල ගණනය කරන්නේ කෙසේද යන්න ගිවිසුමේ සඳහන් කිරීමට ද අවශ්‍ය වේ.
කුලිය වැඩි කිරීමට නම් , අවසාන වැඩිවීමේ සිට හෝ කුලියට ගැනීම ආරම්භ වූ දා සිට අවම වශයෙන් මාස හයක්වත් ගත විය යුතුය. වැඩි කළ මුදල සහ එය බලපැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මාස දෙකක ලිඛිත දැනුම්දීමක් ලබා දිය යුතුය.
ඒ හා සමානවම, යම් කාලයකට වරක් ඇති කර ගන්නා ගිවිසුම් සඳහාද, එම මාස දෙකේ ලිඛිත දැනුම්දීම සහ අවසන් කුලී වැඩිවීම අතර මාස හයක පරතරයක් තිබිය යුතුය.
නව ගිවිසුම් සඳහා, දැනුම් දීමේ අවශ්‍යතාවයකින් තොරව කුලී වැඩිවීමක් සාකච්ඡා කළ හැක. නමුත් අවසන් කුලිය වැඩි වී අවම වශයෙන් මාස හයක්වත් ගත වී තිබිය යුතුය.
කුලී වැඩිවීම අධික බව කුලී නිවැසියාට හැඟේ නම්, නේවාසික කුලී අධිකාරිය හරහා නොමිලේ ආරවුල් විසඳීම සඳහා ඉල්ලුම් කිරීමෙන් මෙම කාරණය නිරාකරණය කිරීමට තෝරා ගත හැකිය.
මෙම ක්‍රියාවලිය සඳහා දෙපාර්ශවයේම සහභාගී වීම ස්වේච්ඡාවෙන් සිදු වේ.
ආරවුල් විසඳීම අසාර්ථක නම් සහ එම කාරණය ඉවත් කිරීම "හදිසි" යන්නෙහි නිර්වචනය සපුරාලන්නේ නම්, ක්වීන්ස්ලන්ත සිවිල් සහ පරිපාලන විනිශ්චය සභාවට ද අයදුම්පතක් ඉදිරිපත් කළ හැකිය.
කුලී වැඩිවීමේ දැන්වීම ලැබීමෙන් දින 30 ක් ඇතුළත අයදුම්පත ඉදිරිපත් කළ යුතුය.

Rental increase rights of a tenat in Australia Source: Getty Images/urbazon
දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය
කුලී වැඩි කිරීම්, නේවාසික කුලී නිවැසියන් සඳහා වන නිශ්චිත කුලී ගිවිසුම් සහ දැනුම් දීමේ අවශ්‍යතා පිළිබඳ රාජ්‍ය නීතිවලට අනුකූල විය යුතුය.
ස්ථාවර කාලීන ගිවිසුමක් මත සිටින කුලී නිවැසියන් සඳහා, කුලී වැඩි කිරීමට ඉඩ දෙන කොන්දේසියක් ගිවිසුමේ නොමැති නම්, කුලී වැඩිවීමක් සිදු කළ නොහැක.
උද්ධමනය සම්බන්ධව, කුලිය වැඩිවීම ගණනය කරන්නේ කෙසේද යන්න ගිවිසුමේ සඳහන් කිරීමට අවශ්‍ය වනු ඇත.
අවම වශයෙන් දින 60 ක වෙනම ලිඛිත දැනුම්දීමක් සැපයිය යුතුය. අවසන් කුලී වැඩිවීමෙන් මාස 12 කට පසු වන තුරු හෝ ගිවිසුම ආරම්භ වී මාස 12 ක් පසු වන තුරු කුලී වැඩි කිරීමක් සිදු කළ නොහැක.
කාලයකට වරක් අලුත් වන ගිවිසුම් සඳහා, ඉහත දක්වා ඇති ලිඛිත දැනුම්දීමේ අවශ්‍යතාවය අදාළ වේ.
කුලිය වැඩි කළ හැකි වෙනත් තත්වයන් වන්නේ කුලී නිවැසියා ඊට එකඟ වූ විට වන නමුත් ගිවිසුමේ එය පැහැදිලිව ලිඛිතව සඳහන් කළ යුතුය.
දකුණු ඕස්ට්‍රේලියානු සිවිල් සහ පරිපාලන විනිශ්චය සභාවට (SACAT) අයදුම් කිරීමෙන් කුලී වැඩි කිරීම පිළිබඳව කුලී නිවැසියන්ට අභියෝග කළ හැකිය.
බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය
කුලී වැඩි කිරීම්, නේවාසික කුලී නිවැසියන් සඳහා නිශ්චිත කුලී ගිවිසුම් සහ දැනුම් දීමේ අවශ්‍යතා පිළිබඳ රාජ්‍ය නීතිවලට අනුකූල විය යුතුය.
ස්ථාවර කාලීන පදිංචිය යටතේ, කුලී වැඩිකිරීම් සිදුකළ හැකි වන්නේ, කුලිය වැඩි කිරීම තීරණය කළ යුතු ආකාරය සඳහන් කිරීම ඇතුළත් ප්‍රතිපාදනයක් ගිවිසුමේ ඇත් නම් පමණි.
කුලී වැඩි කිරීම සිදු කළ හැකි වන්නේ අවසාන වැඩිවීමෙන් මාස හයකට පසුව හෝ කුලී ගිවිසුම ආරම්භ වී මාස හයකට පසුව පමණි. අවම වශයෙන් දින 60 ක වෙනම ලිඛිත දැනුම්දීමක් සැපයිය යුතු අතර, එය නියමිත නීතිවලට අනුකූල විය යුතුය.
ස්ථාවර කාලීන ගිවිසුම කල් ඉකුත් වූ පසු, කුලී නිවැසියා නව ස්ථාවර කාලීන ගනුදෙනුවකට හෝ කලින් කලට අලුත් වන ගිවිසුමකට මාරු වීමත් සමඟ, නව ගිවිසුමේ පළමු දින 30 සඳහා කුලී වැඩිවීමක් සිදු විය නොහැක.
කලින් කලට අලුත් වන කුලී ගිවිසුමක් සඳහා, අවසාන වැඩිවීමෙන් මාස හයක් යන තුරු කුලී වැඩිවීම් සිදු විය නොහැක. ඉහත දක්වා ඇති පරිදි අවම වශයෙන් දින 60 ක වෙනම ලිඛිත දැනුම්දීමක් මෙහිදී ද සැපයිය යුතුය.
කුලිය වැඩි බව විශ්වාස කරන කුලී නිවැසියන්ට ප්‍රාදේශීය උසාවියට අයදුම් කිරීමෙන් කුලිය අඩු කිරීමක් ඉල්ලා සිටීමට හෝ වැඩි කිරීමට එරෙහිව තර්ක කිරීමට හැකිය. නිවාස කුලිය ප්‍රදේශයේ අනෙකුත් දේපල සමඟ සැසඳිය හැකිද, නැතිනම් කුලිය වැඩි කර ඇත්තේ කුලී නිවැසියා නිවසින් නෙරපා දැමීමේ අරමුණින් ද වැනි කරුණු මෙහිදී සලකා බලයි.
ටස්මේනියානු ප්‍රාන්තය
කුලී වැඩි කිරීම් නේවාසික කුලී නිවැසියන් සඳහා වන නිශ්චිත කුලී ගිවිසුම් සහ දැනුම් දීමේ අවශ්‍යතා පිළිබඳ රාජ්‍ය නීතිවලට අනුකූල විය යුතුය.
කුලිය වැඩි කළ හැක්කේ කුලී වැඩි කිරීම සඳහා සපයන ලිඛිත කල්බදු ගිවිසුමක් යටතේ ජීවත් වන කුලී නිවැසියන් සඳහා හෝ වාචික ගිවිසුමක් යටතේ ජීවත් වන කුලී නිවැසියන් සඳහා පමණි.
අවම වශයෙන් දින 60ක දැනුම්දීම සහ නව කුලී මුදල සහ ආරම්භක දිනය ඇතුළුව, නිසි ලිඛිත දැනුම්දීමේ නීතිවලට අනුකූල වන්නේ නම් පමණක් කුලිය වැඩි කිරීම සිදු කළ හැක.
කුලිය වැඩි කළ හැක්කේ කල්බදු ආරම්භයේදී හෝ කල්බදු අළුත් කිරීමේ හෝ දීර්ඝ කිරීමේ දිනයේ දී පමණි. නිවාස කුලිය වැඩිවීම සිදු විය හැක්කේ අවසාන වැඩිවීමෙන් මාස 12 කට පසුව හෝ කුලී කාලය ආරම්භ වීමෙන් පසුව පමණි.
කුලී වැඩිවීම අසාධාරණ ලෙස ඉහළ යන බව සිතන කුලී නිවැසියන් සඳහා, නේවාසික කුලී කොමසාරිස් වෙත අයදුම් කිරීමෙන් එය සමාලෝචනය කිරීමට උත්සාහ කළ හැකිය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
නොදර්න් ටෙරිටරිය
කුලී වැඩි කිරීම් නේවාසික කුලී නිවැසියන් සඳහා වන නිශ්චිත කුලී ගිවිසුම් සහ දැනුම් දීමේ අවශ්‍යතා පිළිබඳ රාජ්‍ය නීතිවලට අනුකූල විය යුතුය.
කුලී කාලය තුළ කුලිය වැඩි කළ හැක්කේ කුලී ගිවිසුමේ සඳහන් ප්‍රතිපාදනයක් මගෙන් ඊට ඉඩ දෙන්නේ නම් පමණි. කුලිය වැඩි කිරීම සඳහා එය ගණනය කිරීමේ ක්‍රමය ද ඇතුළත් විය යුතුය. කුලී වැඩිවීමට පෙර අවම වශයෙන් දින 30 කට පෙර, කුලිය වැඩිවීමේ ප්‍රමාණය සහ එය ආරම්භ වන දිනය සඳහන් ලිඛිත දැනුම්දීමක් සැපයිය යුතුය. එහි වැඩිවීම ආරම්භ වන දිනය අවසන් වැඩිවීමෙන් අවම වශයෙන් මාස හයකට පසුව හෝ කුලියට ගැනීම ආරම්භ වී අවම වශයෙන් මාස හයකට පසු දිනයක් විය යුතුය.
කුලී ගිවිසුමේ කුලී වැඩි කිරීමේ ප්‍රතිපාදන අඩංගු නොවේ නම්, කුලී නිවැසියා සහ ඉඩම් හිමියා අතර ගිවිසුමක් ඇතිවීමෙන් පසු කුලී වැඩි වීමක් සිදු කළ හැක.
NT සිවිල් සහ පරිපාලන විනිශ්චය සභාවට අයදුම් කිරීමෙන් කුලී වැඩිවීම අධික යැයි සිතන කුලී නිවැසියන්ට එය සමාලෝචනය කිරීමට උත්සාහ කළ හැකිය.
ACT
කුලී වැඩි කිරීම් නේවාසික කුලී නිවැසියන් සඳහා වන නිශ්චිත කුලී ගිවිසුම් සහ දැනුම් දීමේ අවශ්‍යතා පිළිබඳ රාජ්‍ය නීතිවලට අනුකූල විය යුතුය.
ස්ථාවර කාලීන කුලී ගිවිසුමක් මත කුලී නිවැසියන් සඳහා, නිවාස කුලිය වැඩි කිරීම ගණනය කිරීමේ ක්‍රමය සඳහන් කරමින්, එයට ඉඩ දෙන ප්‍රතිපාදනයක් නොමැති නම්, ගිවිසුමේ කාල සීමාව තුළ කුලී වැඩිවීමක් සිදු විය නොහැක.
කුලී වැඩිවීම් අතර මාස 12 ක පරතරයක් තිබීම අවශ්‍ය වේ. වැඩි කළ ප්‍රමාණය සහ එය ආරම්භ වන දිනය සඳහන් කිරීම ඇතුළුව නියමිත නීතිවලට අනුකූලව අවම වශයෙන් සති අටක වෙනම ලිඛිත දැනුම්දීමක් මෙහිදී අවශ්‍ය වේ.
කලින් කලට ගිවිසුම් අලුත් කරන කුලී නිවැසියන් සඳහා, සෑම මාස 12 කට වරක් කුලිය වැඩි කළ හැකිය. මෙහිදී ද කලින් සඳහන් කළ පෙර දැනුම් දීම අදාළ වේ.
Read More & Listen More

පොලී අනුපාත දිගුකලක් නොවෙනස්ව තැබීම නිසා, මධ්‍යම බැංකුව ගැන රජයෙන් සමාලෝචනයක් : ජූලි 21 දා SBS සිංහල පුවත්