Highlights
- ඉහල වැටුප් අතර සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය ඉදිරියෙන්
- ඉහල වැටුපක් ලැබීමට හේතු
- ඔස්ට්‍රේලියාවේ ඉහලම වැටුප් ලබන රැකියා
ඉහල වැටුප් අතර සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය ඉදිරියෙන්
ඔස්ට්‍රේලියානු බදුකරණ කාර්යාංශය (ATO) මගින් 2018-19 සඳහා සිය බදුකරණ සංඛ්‍යාලේඛන නිකුත් කොට ඇති අතර ඔස්ට්‍රේලියාව තුල ඉහලම වැටුපක් හිමි රැකියා පිළිබඳවද හෙළි කොට තිබේ.
ඒ අනුව මෙරට සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය ඉහල වැටුපක් ලබන රැකියා 3 අතර පවතී.එමෙන්ම ශල්‍ය වෛද්‍යවරුන් ඔස්ට්‍රේලියාවේ ඉහලම වැටුපක් ලබන පිරිස බවද වාර්තා වේ.
එම දත්තයන්ට අනුව සාමාන්‍යයෙන් ශල්‍ය වෛද්‍යවරුන් (Surgeons) වසරකට ඩොලර් 394,000 කට වඩා උපයන අතර නිර්වින්දන වෛද්‍යවරුන් (Anaesthetists) වසරකට ඩොලර් 386,000 ක් සහ අභ්‍යන්තර වෛද්‍ය විශේෂඥයින් (Internal medicine specialists) වසරකට ඩොලර් 304,700 ක් උපයයි.

Source: Getty Images/Westend61
පසුගිය 2010 වසර් සිටම ඔස්ට්‍රේලියාව තුල ඉහල වැටුප් ලබන පිරිස ලෙස ශල්‍ය වෛද්‍යවරුන් සිටි අතර එම වසර ගණන තුල ඔවුන්ගේ සාමාන්‍ය වාර්ෂික ආදායම ඩොලර් 52,500 කින් ඉහල ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු බදුකරණ කාර්යාංශය පවසයි.
කෙසේ නමුත් සාමාන්‍ය රැකියාවක නිරත වන ඔස්ට්රේලියනුවකුගේ වාර්ෂික අදායම ඩොලර් $62,549 පමණ වන බවද ඔස්ට්‍රේලියානු බදුකරණ කාර්යාංශය පෙන්වා දෙයි.

Architects working on a building design Source: Anamul Rezwan/Pexels
ඉහල වැටුපක් ලැබීමට හේතු
යම් රැකියාවක නිරත වන පිරිස අවම වීම මත එම රැකියාවෙන් වැඩි වාර්ෂික අදායමක් ලැබෙන බව බදුකරණ කාර්යාංශය පවසයි. මේ සඳහා උදාහරණ වශයෙන්එම කාර්යාංශය පවසන්නේ ඔස්ට්‍රේලියාව තුල ශල්‍ය වෛද්‍යවරුන් 4,150 ක් සහ නිර්වින්දන වෛද්‍යවරුන් 3,412 ක් වැනි අඩු සංක්‍යාවක් පමණක් සිටින බවයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
කෙසේ නමුත් මෙම තත්වය ප්‍රධාන විධායක නිලධාරීන් සහ කළමණාකාර අධ්යක්ෂවරුන් යන රැකියා සඳහා වෙනස් වන අතර එම රැකියාවන්හි නිරත පිරිස වැඩි බවද එම දත්ත පෙන්වයි. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විධායක නිලධාරීන් සහ කළමණාකාර අධ්යක්ෂවරුන් 190,400 ක් පමණ සිටින අතර ඔවුන්ගේ වාර්ෂික අදායම $165,000 ක් පමණ වන බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ ඉහලම වැටුප් ලබන රැකියා
- ශල්‍ය වෛද්‍යවරුන් (Surgeons ) - $394,303
- නිර්වින්දන වෛද්‍යවරුන් (Anesthetists) - $386,065
- අභ්‍යන්තර වෛද්‍ය විශේෂඥයින් (Internal medical specialist) - $304,752
- මුදල් ගනුදෙනු සිදු කරන්නන් (Financial dealer) $275,984
- මනෝචිකිත්සකයින් (Psychiatrist) - $235,558
- වෙනත් වෛද්‍ය වෘත්තිකයින් (Other medical practitioners) - $222,933
- අධිකරණ හෝ වෙනත් නීති වෘත්තිකයින් (Judicial or other legal professionals) - $188,798
- පතල් ඉංජිනේරුවන් (Mining engineer) - $184,507
- ප්‍රධාන විධායක නිලධාරී හෝ කළමණාකාර අධ්‍යක්ෂක වරුන් (CEO or managing director) - $164,896
- ඉංජිනේරු කළමනාකරුවන් (Engineering manager) - $159,940
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට
- SBS සිංහලවෙබ්අඩවියෙන්
- SBS Radio APP එකෙන් (Free download)